(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා  අත් අඩංගුවට ගැනීම තනිකරම පළිගැනීමක් බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්  ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේය.

ත්‍රස්තවාදය ජය ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ  සුරේෂ් සලේ  ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීම කුහක ගුණමකු දේශද්‍රෝහී ක්‍රියාවක්  බවද  වීරසේකර මහතා පැවසීය.

පාස්කු විරෝධි ප්‍රහාරය සම්බන්ධයෙන්  විමර්ශන  පැවැත්වූ   ජනාධිපති  කොමිෂන් සභා වාර්තාවේ මෙන්ම තවත් කමිටු හය හතකම  වාර්තාවල  සලේ මහතාගේ   නම සඳහන්ව  නොතිබූ  බවද සරත් වීරසේකර මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.