
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අස්වැසුම තවදුරටත් ඉදිරියට ගෙන යනවා නම් තෝරා ගැනීමේ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"අස්වැසුම දීර්ඝ කිරීම පිළිබඳව අපට කිසිම ගැටලුවක් නෑ.දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවට රජය විසින් ඒ සහනාධාර ලබා දිය යුතුයි.2023 වසරේ අස්වැසුම හඳුන්වා දුන්නේ දිගු කාලීන වැඩසටහනක් ලෙස නොවේ.මොකද මෙහි අරමුණ දරිද්‍රතාවයෙන් මුදා ගැනීම නොවේ.2022 ආර්ථික අර්බුදයෙන් පසු තවදුරටත් ජනතාව දරිද්‍රතාවයෙන් පහත වැටීම බේරා ගැනීම මෙහි අරමුණ වුණා.ඒ නිසා 2026 වසරේ මේ වැඩපිළිවෙල අවසන් වීමට තීරණය කෙරී තිබුණා.දැන් මේ වැඩසටහන 2027 වසරේ අග වන තෙක් දීර්ඝ කර තිබෙනවා.අස්වැසුම තවදුරටත් ඉදිරියට ගෙන යනවා නම් තෝරා ගැනීමේ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි යැයි මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd