(විමුක්ති එස් රුද්‍රිගු)

"TM App" යෙදුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ(05) ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී "TM App" යෙදුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව "TM App" තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බවට නම්කර ඇති අතර එම වගන්තියට අනුව තහනම් පිරමීඩ යෝජනාක්‍රම පවත්වාගෙන ගිය බවට හඳුනාගත් ආයතන සහ යෙදවුම් ලැයිස්තුවටද ඇතුලත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් පිරමීඩ යෝජනා ක්‍රම 26ක් මෙතෙක් හඳුනාගෙන තිබේ.

Tiens Lanka Health Care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Mark-Wo International (Pvt) Ltd, VML International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, Fast3Cycle International (Pvt) Ltd, Sport Chain App සහ Sport Chain ZS Society Sri Lanka, OnmaxDT, MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group, Fastwin (Pvt) Ltd, Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd, Ride to Three Freedom (Pvt) Ltd, Qnet/Questnet, Era Miracle (Pvt) Ltd සහ Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Beecoin App සහ Sunbird Foundation, Windex Trading, The Enrich Life (Pvt) Ltd, Smart Win Entrepreneur (Pvt) Ltd, Net Fore International (Pvt) Ltd/Netrrix, Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd, SGO/sgomine.com, I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk, bannercuts.net, bannercuts.org, Infinity Rover (Pvt) Ltd සහ TM App ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන ඇති තහනම් පිරමීඩ යෝජනා ක්‍රම වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටියේ ජනතාව මුදල් ආයෝජනය කිරීමේදී දැඩි අවධානයකින් එය සිදුකළ යුතු බවයි.