(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල පහළ දැමීම සඳහා පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් රජය කටයුතු කරමින් සිටින බැවින් ජනතාවට සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම එම සහන ලබාදීමට කටයුතු කරන බව  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

භූමිතෙල්, පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල එකවර පහළ දැමීමේ හැකියාවක් නොමැති බවත් එළඹෙන මාසයේදී ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් අමාත්‍යවරයා කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේපැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති බවත් නැව් ගාස්තු ඉහළ යාම සහ ඇණවුම් අවලංගු වීම වැනි කරුණුද ඉන්ධන මිල ඉහළ යාමට බලපා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කිව්.ආර් කේතය භාවිත කර ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.