IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‌හොර නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(රේඛා තරංගනී ෆොන්සේකා)

ව්‍යාජ්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කල බව කියන සිව්දරු පියෙකුවන සැකකරුවෙක් රුපියල් පන්දහසේ හොර නෝට්ටු තිහක්,බාගෙට මුද්‍රණය කළ පන්දහසේ නෝට්ටු කොළ දහයක් ඒවා මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් අද (5) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය පැවසීය.

 එගොඩ උයන ප්‍රදේශයේ සැකකටයුතු ලෙස සැරිසරා ඇති බව කියන මෙම සැකකරු පිළිබඳව ඇතිවූ සැකය මත සිදු කළ විමර්ෂණයේදී  සැකකරු සන්තකව තිබී රුපියල් එක් ලක්ෂ පනස්දාහක් හමුවූ බව පොලිසිය පැවසීය.

අලුත්ම මුදල් නෝට්ටු වීම නිසා  එය හොර නෝට්ටුදැයි මතු වු සැකය මත සිදුකල පරීක්ෂාවේ දී සෑම පන්දහසේ කොළයකම එකම අංකය මුද්‍රණය වී තිබෙනු දක්නට ලැබුණු බව පොලිසිය පැවසීය. 

විමර්ශනයේදී  සැකකරු සන්තකව තිබී හමුවූ මුදල් නෝට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු බව හෙළි වීමත් සමඟ ඔහුගේ මොල්ලිගොඩ පිහිටි නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා මුද්‍රණ යන්ත්‍රයක් බාගෙට මුද්‍රණය කළ පන්දහසේ නෝට්ටු කොළ දහයක්  මුද්‍රණයට භාවිතා කරන විවිධ අංගෝපාංග රැසක් සොයා ගත් බව පොලිසිය පැවසීය.

ආර්ථික අපහසුතා නිසා මුදල් මුද්‍රණය කිරීම සිදුකළ බව සැකකරු විසින් පාපොච්චාරණය කළ බව පොලිසිය පැවසීය.

වයස අවුරුදු තිස් හතක් වන සැකකාර පුද්ගලයා ත්‍රිරෝද රථ  රියදුරක ලෙස සිය ජීවිකාව ගෙනගිය පුද්ගලයකු බවද  ශිෂ්‍යත්ව ඕලෙවල් ඒලෙවල් විභාගයන්ට පෙනී සිටීමට සුදානම්වන වයසේ දරුවන් තිදෙනෙකු සහ කුඩා දරුවෙක් සිටින බව පොලිසිය පැවසීය.

සැකකරු හෙට දින මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද පොලිසිය පැවසීය.

 මේ සම්බන්ධයෙන වැටලීම ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව එගොඩ උයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාස කෝරාල මහතා සහ පොලිස් පරීක්ෂක බණ්ඩාර පොලිස් කොස්තාපල් 10210එරන්ද යන පිරිස විසින් සිදු කරනු ලැබීය.



අදහස් (1)

‌හොර නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රාලහාමි Monday, 05 February 2024 08:19 PM

සජිත් වෙන්න බැහැ... මොකද එයා මේ මොහොතේත් රැස්වීමක ඉන්නවා මම දැක්කා. අනික සජිත් ගහන සල්ලි කෙලින්ම දමන්නේ බැංකුවට. සජිත් වෙන්න බැහැ. මොකද එයා මේ මොහොතේත් රැස්වීමක ඉන්නවා මම දැක්කා. අනික සජිත් ගහන සල්ලි කෙලින්ම දමන්නේ බැංකුවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site