අන්තර්ජාලය වැරදි ලෙස යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 200 ක් මැයි මාසයේ ලැබී තිබෙන බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
මෙම පැමිණිලි අතරින් සීයට හැටක්ම ව්‍යාජ ෆේස් බුක් ගිණුම් සැකසීම සහ මුර පදය හුවමාරු කරගෙන පරිහරණය කිරිමෙන් ඇති වුණ ගැටළු බව අනාවරණය වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණු පොත වැරදි නැත. වැරදි භාවිතා කරන විදියයි (නි)
වයිෆයි දන්සැල් වල ප්‍රතිඵල! (නි)
රේණුකා,මෝඩ කතා නොකියා ඉන්නවද? මෝඩකම තිබුනට විදහා දක්වන්න එපා. (නි)
ෆේස්බුක්, අන්තර්ජාලය වැරදි ලෙස යොදාගැනීම නිසා සියදිවි හානිකර ගත් තරුණ තරුණියන් සම්බන්ධ පැමිණිලි කොපමණ ලැබුනත් පසුගිය රජයට එය රටේ තහනම් කිරීමට නොහැකිවුණේ ඇයිද කියා අපි දනිමු. (නි)
ශාන සෞදිගේ ප්‍රතිචාරයට කිසිම පදනමක් නැහැ. එයාගේ තර්කය අනුව පසුගිය රජයට බැරිවුණා නම් මේ රජයට එවැන්නක් කරන්න පුළුවන් නේද? මේකට දේශපාලනේ ගාවගන්න ඕනෑ නැහැ. මෙවැනි දේවල් තහනම් කරන්න කිසිම රජයකට බැහැ. ගින්දර වලින් පිච්චෙනවා කියලා ගිනිපෙට්ටි තහනම් කරපු රටක් අහලා තියෙනවද? (නි)
ෆේස් බුක් එක නෙවෙයි මොන මාධ්‍යයක් වුණත් හරි විදියට භාවිතා නොකලොත් ප්‍රතිපල භයානකයි. සමහරු පවුලේ උදවිය පමණක් දැනගැනීමට සුදුසු කාරණාවේ සිට පුද්ගලික ඡායාරුප දක්වා මුහුණු පොතේ ප්‍රසිද්ධ කරනවා. පුද්ගලික තොරතුරු කියනවා. (ම)