ෆේස් බුක් සමාජ ජාලයේ ප්‍රාරම්භකයා වන අවුරුදු විසි අටක් වයසැති මාක් ස්කර්බර්ග් විසින් විශේෂ සමාජ කණ්ඩායමක් සැදීමට සැරසෙයි.
එම කණ්ඩායමට සුපිරි තාක්ෂණවේදීන් සම්බන්ධ කර ගන්නා බව ඔහු පවසයි.
හුදෙක් ලාභ උපයන සමාජ කණ්ඩායමක් සේ නොව තාක්ෂණ ක්ෂේත්‍රයට සේවාවක් කිරීමටත් , තාක්ෂණික අධ්‍යාපනයට සහ ෆේස් බුක් සමාජ අඩවියට සම්බන්ධ සියලු කරුණු වෙනුවෙන් ව්‍යාපෘති ඇරැඹීම සංසදය පිහිටුවීමේ අරමුණයි.
සංසදය දැනටමත් ලියාපදිංචි කර ඇත.
මෙය පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ මත විද්වත්හූ ඉදිරිපත් කරති.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ෆේස්බුක්‘ තවත් අලුත් වැඩක
දයා අලහකෝන් Wednesday, 03 April 2013 03:46 PM
ලොවට වැඩදායක මහත්මා සේවාවක් වේවා!(නදී)
සූකිරි Wednesday, 03 April 2013 10:05 PM
ෆේස් බූක් ඉස්සරලම හැදුවේ හර්වෙඩ් විස්වා විශ්ව විද්‍යාලයේ නාම ලේකනේ විදියට. ඒක ලෝකෙම ජනප්‍රිය උනා. අපේ රටවල් ඕන දෙයක් වැරදි විදියට පාවිච්චි කලාට ලෝකේ එහෙම කරන්නේ නෑ (ත)
ගාමිණී Wednesday, 03 April 2013 10:38 PM
අගනා දෙයක් ලොවට හඳුන්වා දුන් අයෙකුගේ මීළග ප්‍රයත්නයද ඉටුවේවා! (නි)
ගයාන් Thursday, 04 April 2013 05:21 AM
දන්නා අය දන්නවා ෆේස් බූක් හැදුවේ වෙන එකක් හොරකම් කරලා. ඔය හදන්නෙත් අනික් මිනිසුන්ගේ නුවන හූරන් කන්න.(නදී)
හේරත් Wednesday, 03 April 2013 06:13 PM
ඔන්න තවත් වෛරසයක් එනවෝ.(නදී)
වරුණ Wednesday, 03 April 2013 02:16 PM
ලෝකය දෙපාළගට ගෙනත් දීපු කෙනෙක් (නි)
ලකී Wednesday, 03 April 2013 02:28 PM
තවත් විෂබීජයක්වද්ද? (නි)
ලහිරු Wednesday, 03 April 2013 02:28 PM
මුදල් වලින් ඔලුව උදුම්මවා නොගත් තවත් එක් චරිතයක්. (නි)
පාල Thursday, 04 April 2013 08:35 AM
ලකී, හේරත් නිකන් මෝඩ කතා කියන්න එපා. ලෝක විනාශ වෙන්නේ ඕවා වලින් නෙමෙයි. අපේ රටේ මිනිස්සු හැම දෙයක්ම අන්තවාදී විදිහට බලන අය. අලුත් දෙයක් හොයා ගන්නත් බැරි මෝඩයෝ ටිකක්. අනුන්ගේ දේවල් පාවිච්චි කරන්න විතරයි දන්නේ. (නි)
ස්ටෙපනිස් Wednesday, 03 April 2013 07:12 PM
ගොඩක් හොඳින කරගෙන යන්න.(නදී)
ස්ටෙපන් Wednesday, 03 April 2013 07:20 PM
ගොඩක් හොඳයි.(නදී)
රණා Wednesday, 03 April 2013 03:02 PM
මොනවා වුණත් මෙයා නම් දක්ෂයෙක්. (නි)
චමින්ද Wednesday, 03 April 2013 03:29 PM
‘ෆේස්බුක්' කියන්නේ තොරතුරු හුවමාරුවේ හොදම තැන. (නි)
රංජිත් Wednesday, 03 April 2013 03:40 PM
ඔයාගේ මුහුණුපොත හින්දා අපි ගෙදර ඉදන් ලෙහෙසියෙන්ම අවශ්‍ය දේ ඉටුකරගන්න පුළුවන්. (නි)
වීරසේකරගේ එම කේ Wednesday, 03 April 2013 08:42 PM
ලෝකේ විනාස කරන තවත් වැඩක් වෙයි.(නදී)
ධම්ම Thursday, 04 April 2013 10:48 AM
ගයාන්, නුවණ කොහේවත් තියන් ඉඳල වැඩක් නෑ. ගන්න කෙනෙක් වැඩ ගත්තාවේ. (ස)