නිමල කොඩිතුවක්කු
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ෆේස්බුක් ආයතනය සමඟ මේ පිලිබඳව දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් සිටන බවත් ඔවුන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ෆේස්බුක් තහනම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.
‘‘අපිට මේක දේශපාලන ප‍්‍රශ්ණයක් නෙමෙයි. නමුත් ජාතික ආරක්ෂාවට හෝ ජාතිවාදය අවුස්සන ප‍්‍රශ්ණ වලට ඉඩ ලබාදිය නොහැකියි.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං තමයි අපි බලන් ඉන්නේ. ජාතිවාදය ඇතුලූ කරුණු සම්බන්ධයෙන් වෙනස්කම් කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණට එම ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන තිබුනේ නැහැ.
මෙම ගැටලූවේදී මේක තමයි අපිට තිබුන ලොකුම බාධකය. නමුත් මේ අය දිගින් දිගටම මේ ගැන කිසිදු දෙයක් කරලා තිබුනේ නැහැ. ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.
එදා දවසේ අපි මේ තීන්දුව ගත්තේ නැත්නම් මේ ප‍්‍රශ්ණය විසදන්න ලැබෙන්නේ නැහැ. ෆේස්බුක් ආයතනය අපිට කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කථා කරනවා කියලා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ තීන්දුව ලබාදෙනකන් අපි බලාගෙන ඉන්නේ.
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසිය ඔවුන් අපිට ලබා ලබාදිය යුතුයි.
ඒ වගේම සිංහල කියවන්න පුලූවන් වැඩි දායකත්වයක් ගන්න අය ෆේස්බුක් එකට ඇතුළත් කරගන්නවනම් අපි මේ තහනම ඉවත් කරගන්නවා කියන එක තමයි අපේ ස්ථාවරය’’ යැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''එක මකුනෙක් කෑවම ඔක්කොම මකුනන් කනවා“ වගේ මුහුණු පොත තුලින් යහපත් දේ කර කියා ගත්තු අය විදෙස් රැකියා වල සිටින අය මෙරට ඉන්න දෙමාපියන් සහෝදර සහෝදර සහෝදරියන් සමග සම්බන්ද පවත්වපු අයට විශාල අසාධාරණයක් මේක. කමක් නැ දාන්න තියෙන සෙල්ලම් සේරම දාන්න කොහොමත් මේ රජය තවත් අප්‍රසාදයට පත්වෙන කරුණක් මේක. ඒ අයට අවුලක් නැ පැරදුනත් ඡන්දෙකදි අනික් පැත්තට ගිහිල්ල නම්බු නාම ගන්න පුලුවන්නෙ. මුහුනු පොතෙන් වැරදි දේ කල අයට දඩුවම් දෙන්න තියා හිතලවත් නැ සේරම පලි කිහිප දෙනෙක්ගෙ වැරදි නිසා.
ජාතිවාදී ප්‍රශ්නේ ගොඩක් ඉවරයි. දැන් තියෙන්නේ රාජ්‍ය විරෝධිප්‍රශ්නේ. මෙයාලට ඕනි තැටිය කරවෙලා තියෙන වෙලාවේ ඒ රොටියත් පුච්චගන්න.
නියමයි, හොඳ තීරණයක්..
මේ නම් ලෑස්ති වෙන්නේ වෙන වැඩකට වගේ
ඔන්න ඩිජිටල් අමාතංශය ඉටු කරන්න යන එකම සේවය. ඕකට ඔය තරම් වියදම් කරලා අමාත්‍යංශයක් හදන්න ඕනද. නොහැකියාව වහගන්න කරන වැඩ. ඕක භාර දෙන්න sliit එකේ පළමු වසර ළමයකුට එයා ඔය අනවශ්‍ය පොස්ට්, ගිණුම් අවහිර කරලා දමයි.
ගසක් සිටවා මිහිතලය ආරක්ෂා කිරීමට උත්සහ කිරීම මෙන්ම අහිතකර පොස්ට් රිපෝර්ට් කර සමාජ ජාල ආරක්ෂා කෙරීමත් අප සතු වගකීමක්.
ඇමතිතුමාට අමතකද මන්දා ! අප යහපාලනය පිහිටෙව්වෙත් ෆේස්බුක් එකේ පිහිටෙන් කියල.
යහපාලනය ගෙන ඒමට ඡන්දය ලබාදුන්නෙමි. දැන් විදෙස් ගතවී නිවසේ අය සමග සම්බන්ධ වීමට නොහැකිව සිටිමි. ලබන ඡන්දයේදී නිවාඩු ගෙන හෝ ලංකාවට පැමිණ මගේ මතය පෙන්වමි. මුහුණුපොත වැසීමට වඩා, මහබැංකු හොරා ඇල්ලිය යුතු නොවේද? ජාතිවාදී ගැටුම් නැවතීමට නීතියෙන් කටයුතු කළ යුතු නොවේද? අනික් රටවල් උදාහරණයට ගන්න. හැම රටකම නරක ටික නොව හොඳ දේවල් අපේ රටට ගේන්න. ජන මතය මර්ධනය කිරීමට ඔබ සැරසුණත්... ඔබට නිසි පිළිතුරු මීළඟ ඡන්දයේදී ලැබෙනු ඇත. ලංකාව දුවන්නේ විදෙස් ශ්‍රමිකයින් එවන මුදලින් බව සිහි තබා ගන්න. රජයේ පින් මැතිඇමතිවරු අපගේ ණයකාරයන් බව මතක තබා ගන්න. මෙය ලියන මට අපේ රට ගැන තිබෙන කලකිරීම වචන වලින් කිව නොහැකිය.
ජාතිවාදය නිසා නොවේ ලංකා ඊ නිවුස් ෆේස්බුක් මගින් බලන්න පුළුවන් කම තිබුණා. ඒක නැතිකරන්නයි මේක තහනම් කළේ...
ෆේස්බුක් ආයතනයට කොන්දේසි දාන්න ලංකාවත් රටක්ද? සිංහල දන්න අය නැති එක ලොකු දෙයක්.. නැත්නම් මේ කියන කතාවලට අපිටවත් මේ රටවල ඉන්න නැති වෙනවා.
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා. අඬන්න හිටපු ආණ්ඩුවට ඇඟිල්ලෙන්ම ඇනලා දුන්නා.
ලෝකය ගැන තේරුම් ගන්න මොළයක් තියෙන්න එපැයි.
ඉතුරු අවුරුදු 2 හොඳට හොරා කන්නයි හදන්නේ.
ෆේස් බුක් වගේ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීම ඒ ඒ ආයාතන සතු වගකීමක් වගේම යුතුකමක්. ඒ වගකීම හා යුතුකම කරන්න ඔවුන්ට බැරිනම් රජයක් විදියට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා. රටේ සමහරුන්ට ෆේස්බුක් නැතිව රෑට නින්ද යන්නේ නැති වුනාට කරන්න දෙයක් නැහැ. තම තමන්ගේ අමාරුකම් ප්‍රශ්න තමන් විසඳා ගතයුතු අතර ජාතික ආරක්ෂාව හා රටේ සාමය හා සහාජීවනය ඊට වඩා වැදගත් වේ.
හරින් මහත්තයෝ... මීට තියන හොඳම විසඳුම වයි-ෆයි තහනම් කරන්න..
අපේ රටේ ෆේස් බුක් එක තහනම් කරලා ෆේස් බුක් කොම්පැනියට දාන්න බැහැ. නමුත් ආණ්ඩුවට නම් ලබන ඡන්දේදි හොඳට දැනෙයි.
තමුන්ට බලය ලබාගන්න ෆේස්බුක් උදව් වෙනකොට ඒක හොඳයි. ආණ්ඩුවේ වැරදි විවේචනය කරන කොට ෆේස්බුක් නරකයි.. ඊළඟ ඡන්දෙන් ගෙදරම යන්න ලෑස්ති වෙයල්ලා.. මේ රටේ ඉන්න හැමෝම බත් කන හරක් කියලද හිතන් ඉන්නේ..?
කිසිම රජයක් නොකරපු පහත් වැඩක් මේක. ඊළඟ ඡන්දේදි ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ඔබතුමාට ලැබේවි.!!!
අපි ඔයාලට කවදාවත් අමතක නොවෙන ඡන්ද ප්‍රතිඵලයක් දෙන්නම්... ඔයගොල්ලෝ එන්නකෝ ඊළඟ ඡන්දෙට...
ෆේස්බුක් එකේ කාත් එක්කද දන්නේ නෑ කතා කරන්නේ ඔය තරම්...
මොකක්ද මේ කරන විකාර වැඩ.. තමන් බලයට එන්න කලින් ෆේස් බුක් එකේ කරන තරමක් කලේ මඩ ගහන එක.. ඒක තමුන්ට කැරකිලා එනකොට තහනම් කරන්නයි මේ හදන්නේ.. දෙන්නම් ඊළඟ ඡන්දය දුවන්නම..
මේ ආණ්ඩුව ජනතාවට කිසි දෙයක් කරන්නේ නෑ. ඒත් විවේචනවලට කැමති නෑ. ඒ නිසා ජනතා මත හුවමාරුව වළක්වන්න නොයෙක් උප්පරවැට්ටි යොදනවා. මේ කිසි දෙයක් හරියට කරන්න දන්නේ නැති හත් පළේ ගා ගන්න ආණ්ඩුවක්. මැතිවරණවලදී ජනතාව මේවාට පිළිතුරු දෙයි.
මේ කාරණාව නිසා මාර්ක් සකර්බර්ග් මහතාට ලාංකියන් ෆේස්බුක් ආයතනයට බඳවාගන්න සිද්ද වේවි, ඒ කියන්නෙ නිකන්ම නව රැකියා අවස්ථා උත්පාදනය වෙනවා. මේක ආණ්ඩුව දුර දිග සිතා ගත්ත කපටි තීරණයක්.
ජනවාරි අට ඡන්දෙ දුන්නු එක ගැන ලැජ්ජා වෙනවා මේ ගොල්ලන්ට
මේක අතිසාරේට අමුඩ ගැහුවා වගේ ආණ්ඩුවේ නොහැකියාව
මාර්ක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැතිව ඇති. ලංකාවේ ෆේස් බුක් තහනම් කලා කියලා ෆේස් බුක් ආයතනය වහයි කියලද හිතන් ඉන්නේ..
ලංකාව කියන ගෝත්‍රික රටේ දේශපාලුවෝ හිතාගෙන ඉන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලයි.. ෆේස්බුක් එකට ලංකාවේ තිබුනත් එකයි නැතත් එකයි... මොකද ඒ ආයතනය ලංකාව වගේ රටකින් යමක් උපයන්නේ නැහැ... ඒ නිසා ඒ අය අපේ අයගේ යෝජනා පිළිගන්නේ නැහැ. ලංකාව කියන රටේ දේශපාලුවන්ගේ අදහස් උදහස් ඒ වගේ ලෝක ප්‍රකට ආයතනවලට කොහෙත්ම අවශ්‍ය නැහැ. ඒ ඇරත් වීපිඑන් ,ප්‍රොක්සි වගේ වෙනත් රටවල ප්‍රෝග්‍රෑම් හරහා රටේ ජනතාවට ෆේස්බුක් නොවෙයි ඕනෑම වෙබ් අඩවියක් බලන්න පුළුවනි. ශ්‍රී ලංකාවේ ඉන්නේ අන්තිම මෝඩ පරිපාලකයින් බව මේ අය නැවත වරක් ලෝකයට ඔප්පු කළා. ඇත්තටම මේ අය ඉස්කෝලේ ගිහින් නැතිද..?
ෆේස්බූක් එකෙන් මේ අරගලය පටන් ගත්තා කියන එක මම නම් පිලිගන්නේ නැත. සාමාන්‍ය ජනතාව පොලට යන ගමන් අරගල වලට සහබාගි වන්නේ නැත. මෙය පටන් ගත්තේ දේශපාලන පක්ෂයක් නොවේ කියලා ඔබ සිතනවා නම්, නැවත සිතා බලන්න.
නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත්පට්ටේකුත් තව ටිකක් ඕනි කිව්වලු. මේ ටික හොයා ගන්න තමා කරදර වෙන්නේ
ලංකාව දාන කොන්දේසි පිළිගනිද මන්ද. ආණ්ඩුව ඔක්කොම කුණු වහගන්න හදන්නේ මුහුණු පොතෙන්.
පිටරට ගිය මිනිස්සු වයිබර්, වට්සැප්, ෆේස්බුක් භාවිතා කරන්නේ ලංකාවේ ඉන්න තමන්ගේ පවුලේ උදවිය හිත මිතුරන් සමග දුක සැප විමසන්න. එහෙම නැතිව ජාතිවාදය වපුර වපුරා ඉන්න තරම් ඔවුන්ට වැඩ නැහැ කියලද මේ දේශපාලකයින් හිතන්නේ? ඔබතුමන්ලා හිතන්නේ සමාජ විරෝධී වැඩ කරන්නේ සාමාන්‍ය මිනිස්සු විතරයි කියලා වෙන්න ඇති... පාසල් වියේ සිට සමාජයට හිසරදයක් වෙන විනය විරෝධී වැඩකර බොහොම ලේසියෙන් නීතියෙන් ගැලවුණු දේශපාලක පුත්‍රයින් ගැන මොකද කියන්නේ?
ෆේස්බුක් තහනම් කරපු රටවල් ඔක්කොම ප්‍රජාන්තන්තරේ ගරුකරන්නේ නැති, කතා කිරීමේ නිදහස නැති, එ්කාධිපති පාලකයෝ ඉන්නවා කියපු රටවල් 1. උ. කොරියාව 2. සිරියාව 3. තුර්කිය 4. ඉරානය... දැන් ඒ කියන්නේ මේ ආණ්ඩුවත්, එයින් එකක් ! අනාගතේ ලංකාව ගෙනියනවා කියලා මේ උන්දැලා අපිව අවුරුදු 20ක් පස්සට ගෙනිහිල්ලා !
දැන් මුහුණු පොත මෙයාලා විපක්ෂයේ ඉන්නකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. එදා අලුත්ගමදී මුහුණු පොත වහන්න කිව්වද මේ අය...? කවදාවත් ෆේස්බුක් ආයතනය මේ වගේ විහිළුවලට උත්තර දෙන්නේ නැහැ. ලංකාවේ අය වී.පී.එන්. පාවිච්චි කල යුතුයි.
ලංකාව කරපු දේ හරි. නැත්නම් පුද්ගලිකත්වයට හානි වෙනවා කියලා මහසෝන් පූස්පැටියා ඇතුලු එක මිනීමරුවෙක්ගේවත් විස්තර ෆේස්බුක් එක දෙන්නේ නෑ. බලුපැටව් වගේ ෆේස්බුක් එක වෙනම ඩාටා ටනල් එකක් ඇරලා දුන්නේ මේක බ්ලොක් කළාට පස්සේ. ඔක්කොම විස්තර හොයාගෙන තමයි ඔය ගෝත කරුමේ ආපහු පණ ගන්වන්න ඕනේ...
වෙන අයට හිරිහැර, කරදර, අපහාස නොවන ලෙස භාවිතා කරනවා නම් තමයි හොඳ... අනෙක හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් එහි කළ යුතුයි.
පළාත් පාලන ඡන්දෙන් මේ ආණ්ඩුවට බඩ යන්න වැදුණා. මේ කරන ගොන් වැඩ නිසා එන ඡන්දෙදී වදින්නේ බඩ වැලුත් එක්කම යන්නයි...
ලබන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එන අපේක්ෂකයාට මේකෙන් වැඩි තැනක් ලබෙයි කියලා හිතලා තමයි මේක කළේ...
මහත්තයෝ, ඔයයි, ඔයාගේ ඔය ආණ්ඩුවයි, බබෙක් වෙන්න හදන්න එපා. මේ ගෙදරක, නැතිනම් පන්ති කාමරයක තිබෙන ප්‍රශ්න වගේ සලකන්න එපා. රටේ ප්‍රශ්නද? අනික දැන් ඔහෙලා ඕක නතර කරලනේ තියෙන්නේ නේද? දැන් හොඳයි ෆේස්බුක් පාවිච්චි කරන්නෙම නැද්ද කට්ටිය? ඔහෙලට ඕනෑ නම් ඕක වහගන්න.. අනික ඕක නතර කළා කියලා... මේ රටේ තියෙන ජාතිවාදී ප්‍රශ්නවලට පිළිතුරක් ලැබෙයි කියලා හිතනවද? ඔය අදහස් හොඳයි ඔහේටයි, ඔහේලගේ ඔය බබා ආණ්ඩුවටයි, ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ මිනිහට තැන දෙන්නේ නැහැ. ඔක්කෝටම කලින් ඔය රනිල් මහත්තයාව එළවලා ඉන්න ඔතැනින්... නැතිනම් ඔහේලට සදාසොත්ති තමයි. අනික නීතිය හා සාමය ආරක්ෂාව පිළිබඳ ඇමැතිකම කොහොම හරි කරලා සරත් ෆොන්සේකා මහත්තයට දෙනවා. ඔයිට වැඩිය පොඩ්ඩක් පුළුල්ව රට ගැන හිතන්න වෙයි.
වැදගත්ම දේනම් මුහුණු පොත වහන්නේ නැතිව එය පැය 24 ම මොනිටර් කිරිමයි, එවිට තව විශාල ප්‍රමාණයකට රැකියා දීමට හැකිය.
ඇමති තුමාගේ දැනුමේ තරම මේ කතාවෙන් පෙනෙනවා.
චමිල් රුපසිංහ මහතා ඔබතුමාලා facebook විතරක් නෙමේ ඔයාල ඔය වගේ අදහස් පලකරන මෙවැනි ස්ථානත් තහනම් කල යුතුයි.
නියමයි වැඩේ. ෆේස්බුක් ලොක්කට ලොකු පාඩුවක් වෙන්නේ. වහන්න වෙයිද දන්නේ නැහැ.
යුද්දේ තිබ්බ කාලේවත් මෙහෙම තහනමක් තිබ්බේ නැහැ.
මුහුණු පොත නිදහස් කරන්න. වැරදි කරන අයට දඬුවම් දෙන්න. ජාති වාදය , අපහාසය , ආගම් වාදය මේවා කරන අයට දඬුවම් කරන්න.
දෙන්නම් ඊළඟ ඡන්දෙදි දොබෙන්..
දැන් ෆේස්බුක් අායතනය බය වෙලා කොන්දේසි පිලි ගනියි! අැත්තටම මේ වගේ මෝඩයන්ට කවුද රටක පාලනය බාර දුන්නෙ?
Facebook නිර්මාතෘ සකර්බර්ග් ගේ වත්කම ඇ ඩොලර් බිලියන 50. ලංකාවේ වාර්ෂික අය වැය ඇ ඩොලර් බිලියන 10. ඉතින් Facebook සමග කොන්දේසි කෙසේ වෙතත් සකර්බර්ග් එක්ක වත් අපිට කොන්දේසි කතා කරන්න පුලුවන්ද ??????
මුහුණු පොතෙන් ජාති වාදය තුරන් කිරීමට ප්‍රථම, ව්‍යවස්ථාවේ ඇති ජාතිවාදී නීති වෙනස් කර සැමට පොදු එක නීතියක් රට තුල ස්ථාපිත කල යුතුවේ. ජාතිවාදී යන්න නිර්වචනය කල යුතුය.
ලංකාව තුළ ෆේස් බුක් තහනම් කරන්න. ඕක නිසා රටට වූ යහපතක් නම් නැත.... බලන්න, අද කාර්යාල වල කොච්චර වැඩ කරනවද. නැත්නම් මිනිස්සු ෆේස් බුක්වල තමයි වැඩ... විශේෂයෙන් රාජ්‍ය ආයතන වල........ රෑට වැඩ කරල ගෙදර ආවමත් ඕක නේ අතට ගන්නෙ... ස්වාමියා බිරිඳ ළමයින් දෙමාපියන් ගුරුවරුන් අතර තියෙන් බැදීම් ෆේස් බුක් නිසා සමාජය තුල බිද වැටී ඇත... ලොකයේ සංවර්ධිත රටවල් කීපයක් ඔය පිළිලය තහනම් කරල තියෙනව..... ආණ්ඩුවේ බලධරයිනි, කරුණාකර ඔය පිළිලය තහනම් කරන්න
තාක්ෂණය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති පාලකයෝ ඉන්න රටක් මේක . රට ගැන ගොඩක් කලකිරෙනවා .. මේවගේ මිනිස්සුන්ව නායකයෝ කරපු කට්ටිය ලජ්ජවෙන්න ඕනේ දැන් .
ඇමැතිකමට එනකොටම කිව්වා මම ඩිජිටල් කියන්නේ මොකක්ද කියල දන්නෙවත් න කියල ! ඊට පස්සේ ලංකාවටම වයි - ෆයිදෙනවා කියල යවපු google බැලුම බිමට පතබාලා කියල අපි fb වලින් කිව්වට පස්සේ ඒක ආරක්ෂිතව ගොඩබෑව කියල පච උනා ! දැන් ලෝකේ දැවන්ත fb සමාගමට කොන්දේසි දාන්න යනවලු! මුහුදෙන් වතුර පනිට්ටුවක් අරගෙන නැවු යනඑක නවත්තන්න වගේ මේ ආණ්ඩුව කයිවාරු ගහන්නේ!
ෆේස්බුක් තහනම් කරන්න මීට පෙර බලයේ සිටි රජයත් උස්සහ කලා කරගන්න බැරිවුනාට...............
ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ෆේස් බුක් ආයතනයට කල හැකි දෙයක් නෙමෙයි. ඩිජිටල් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ......
හොඳ වැඩක් ඇමැතිතුමා, කළේ සදහටම ඕක නවත්තන්න. ඒ වගේම ටෙලිවිෂන් එකත් තහනම් කරන්න සියලුම පත්තර තහනම් කරන්න.