අද පස්වරු එකයි තිහට පමණ ගෙලිඔය දවුලගල මාර්ගයේ ස්වර්ණාබරණ සාප්පුවක් කොල්ල කා යතුරුපැදි දෙකකින් පළාගිය සිව් දෙනා ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිටි බවත්, රන් බඩු සාප්පුව ඉදිරිපිට සිටි පිරිසට ඉවක් බවක් නැකිව වෙඩි තැබූ බවත්, උණ්ඩ අටක් පමණ වැටී ඇති බවත් සිද්ධිය සියැසින් දුටුවෝ කියති.
තුවාල කරුවන් සිව්දෙනාගෙන් කිහිප දෙනකු පේරාදෙණිය රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර යවා ඇත. ඔවුන් කවුදැයි මෙතෙක් සොයාගෙන නැත. බොහෝ විට පාරේ ගිය අය විය හැකි බව පොලිසිය කියයි.
කොල්ලකෑ ස්වර්ණාභරණ ප්‍රමාණය කෙතෙක්දැයි නොදන්නා බව ද පොලිසිය පවසයි.
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - සුරංග රාජනායක
වීඩියෝ - චමිල් රූපසිංහ




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියෙ දර්ශන මාධ්‍යයෙන් බලන ඕනෙම කෙනෙකුට පේනවා හොරු දාගෙන ඇවිත් තියන්නෙ ෆුල් ෆේස් හෙල්මට් නෙවෙයි කියලා. ඒව පොලිස් මහත්තුරු දාන සුදු පාට හෙල්මට් සහ මුහුන සම්පූර්ණයෙන් ආවරණය නොවෙන හෙල්මට්. (බ)
හොඳම දේ එල්ලුම් ගහ ඇතිකරන එකයි. මේකට රජය වගකිවයුතුයි (නි)
මේකට විසඳුම ෆුල්ෆේස් තහනම් කරන එක නෙමෙයි. ඉස්සරත් හොරු ආවේ ෆුල්ෆේස් දාගෙනද? රටේ හරි නීතියක් නැහැ. එකෙක් දෙන්නෙක් එල්ලුවා නම් මේවා අඩුවෙනවා. (නි)
ෆුල්ෆේස් තහනම් කරන්න දැනුත් බැරිනම් බැහැම තමයි. කියන්න තියන දේ කිව්වොත් මේක කාටවත් බලන්න ලැබෙන්නෙ නෑ.(කේ)