ෆුල්ෆේස් හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන නොවැම්බර් 17 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (3) අභියාචනාධිකරණය තීන්දු කළේය.
අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරු හමුවේ නඩුව කැඳවිණි.
ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීම තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම, වරලත් ගණකාධිකාරී චානක දසනායක, විශ‍්‍රාමික මේජර් මනෝජ් නාලක විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
ඇයි මේවට වැට බදින්න මෙච්චර ප්‍රමාද කරන්නේ. (බ)
ෆුල්ෆේස් හෙල්මෙට් තහනම් කරන්න අවශ්‍ය නෑ යතුරුපැදිය නවත්වා එයින් බැසයන අවස්ථාවේදී සහ වෙළදසැල්,කාර්යාල,මගීප්‍රවාහනවල පැළදගෙන සිටීම තහනම් කරන්න කඩේකට හෙල්මෙට් එක දාගේනයන්නේ හොරකම් කරන්න මිසක් මොකක් බේරාගන්නද.(අ)
ෆුල් ෆේස් හෙල්මට් දාන්නෙ මිනිසුන්ගේ ආරක්ෂාවට නේද? ඒවා දාගෙන ගිහින් හොරකම් කරනවා නම් පොලිසිය කරන්න ඕනෑ හොරු අල්ලන එක මිසක් හෙල්මට් එක තහනම් කරන එක නොවෙයි. එහෙනම් යතුපැදිය සම්පුර්ණයෙන්ම තහනම් කළා නම් ඔය කිසිම කරදරයක් නැහැනේ. (නි)
මිට අවුරුදු 3 කට ඉහතදී නිවාඩුවට ලංකාවට විත් මගේ 250 සීසී යතුරුපැදියේ 120 ට ගිහින් පාරේ වැලි නිසා ලිස්සලා ගිහින් තාර පාරේ ඔලුව දෙපාරක් අැනිලත් මට ජීවත්වෙන්න වාසනාව තිබුනේ උසස් තත්වයේ ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කරපු නිසයි. ෆුල්ෆේස් හෙල්මට් ඕනෑම අනතුරු තත්වයකදී හිසෙන් ගැළවෙන්න තිබෙන ඉඩ ප්‍රමාණය අඩු නිසයි දෙවැනි පාර තාර පොළවේ ඔලුව වදිද්දීත් නොගැළවී මගේ ජීවිතය බේරුනේ. (නි)
ඉසුරන්දි, මොකද ෆුල්ෆේස් හෙල්මට් වලට මේ තරම් තරහා. (නි)
ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන එක අනවශ්‍ය දෙයක්. (නි)
ඉසුරන්දි, ඉතින් මෙතන තියෙන ප්‍රශ්නය මොකද්ද? (නි)