ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට උසස්වීමක් ලැබීමෙන් පසු ඔහු අධ්‍යාපනය හැදෑරූ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.
ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය ෆොන්සේකා මහතා පිළිගත් අතර ශිෂ්‍ය භට කණ්ඩායම උත්තමාචාර පෙළපාලියක් පැවැත්වීය.
විද්‍යාලයීය ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයද ෆොන්සේකා මහතා අතින් විවෘත කෙරිණි. විද්‍යාලය වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානයක්ද ඒ මහතා වෙත පිරිනැමිණි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජාච පූජනීයන් කියල සරත් ෆොන්සේකාට අමතක වෙලා තිබ්බා. එතුමා ගොඩක් වෙලාවට කියන්නේ එතුමා පස්සේ ගිය පාසැල ගැන විතරයි. ඉගෙනගත් පාසල් මාතාවට කෘතුගුණ සැලකීමත් පුජාච පූජනීයන් තමයි. හරිනන් එතුමා පාසලට ගෞරවය දක්වන්න එන්න ඕනා. (නදී)
දිනාගත් උතුරට නැවත බලපෑම් ඇතිවනකොට තමන්ට තාන්න මාන්න නාන්න දුන් ලංකා මාතාව අමතක උනා නෙව.? (නදී)
ආනන්දේ පැත්තටනම් ඔය දේශපාලන කඩේ යාම වෙනුවෙන් යුධ ජයග්‍රහණය පාවල දීම වෙනුවෙන් ලැබුණු වෙල් විදානේ කිට් එක දාගෙන විකට ඇදුම් තරගෙට වගේ එන්න එපා..නැෂනල් එක වටිනවා ඕකට වඩා සිය දහස් ගුණයක්. (ස)
ඔබට සදා ජය! (නි)
යුද්ධය දිනපු ගමන් පළමු පාසලේ අයත් දෙවන පාසලේ අයත් මෙතුමාට ගරු බුහුමන් කළා. නමුත් හිරේ ගියවිට මෙතුමාට හිටියේ බොහොම ටික දෙනයි.බොහෝ දෙනෙක් ඈත්වුණා (නි)
ධම්සෝ මාතාවගේ කීර්තිමත් ආදී සිසුවෙකු වු ඔබතුමාට ජය සතුට පතමි (නදී)
පුජාච පුජනීයානං කියන්නේ මොකක්ද කියලාවත් නොදන්නා මිනිස්සු ඉන්න රටක ධර්මාශෝකයේ පිරිස් ප්‍රමාදවෙලා හෝ මේ ආදර්ශය දුන් එක හොඳයි. (නි)
අක්කේ. ඔන්න ඒ පාර "පුජාත පුජනියං" කියන්නේ. (ම)
සත්‍යා, මෙතන කිසිම ප්‍රමාදයක් වුණේ නැහැ. මේ උත්සවය පාසලේ වාර්ෂික වැඩසටසනේ නොතිබුන දෙයක් සහ බොහෝ පාර්ශව සම්බන්ධ කරමින් සංවිධානයවූවක්. මීට පෙරත් දම්සෝව මෙතුමාට උපහාර දක්වා තිබෙනවා. යුධ හමුදාපති විදිහටත්, යුධ ජයග්‍රහණයේදීත් පාසැලේ ප්‍රණාමය පුදකළා. (නි)