තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය යලි ලබා දෙන ලෙසට නියෝග කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගොනු කර තිබූ රිට් පෙත්සම ගාස්තු රහිතව අභියාචනාධිකරණය අද නිශ්ප්‍රභ කළේය.
රුපියල් විසි පන් දහසක නඩු ගාස්තු වගඋත්තරකරුවන්ට ගෙවන ලෙස ද ෆොන්සේකා මහතාට අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාල වගේ ගුණමකු මිනිසුන්වත් එතුමා බේරලා දුන්නනේ යුද්දෙන්.. එතුමාගේ ලේ හෙළුවේ රට ජාතිය බේරගන්න. ප්‍රදර්ශනේට තියපු රිජිෆෝම් කේක් ගෙඩියක් වගේ සීතල කාමර වල ඉදගෙන රටේ සල්ලි විනාස කලේ කව්ද කියල යහපාලට කට ඇරලා කියන්න ලැජ්ජයි වගේ (නදී)
වෙච්ච දේක හැටි. ටිකක් ඔහොම ඉන්ටකෝ... (ර)
නිතිය උත්තරීතරයි. නිතිය සර්ව සාධාරණයි. ඒ ගැන මට සතුටුයි. (ර)
රොෂාන් මහත්තයෝ..අපිත් හමුදාවල හිටපු අය.අපි හොදට දන්නවා හමුදාපතිකෙනෙක් කියන්නේ කවුද කියල..ඔහු ඉටු කරන්නේ කාගේ අණද කියල..ඔහුගේ සීමාවන් මොනවද කියල..එතුමා යම් කාර්යභාරයක් මේ යුද්ධෙදි කළා. නොකළානම් පස්සට පයින් ගහල එලවල කරන්න පුලුවන් කෙනෙකුට ඒක අනිවාර්යයෙන් දෙනවා..කරපු දේ ගෞරවය රැකගන්නේ නැතුව යුද්ධයට අපහාස කළ කකුලෙන් ඇද්ද දේශපාලන සහ එන් ජි ඔ නඩ එක්ක එකතුවෙලා යුධ ජයග්‍රහණයට හොර ඔප්පු හදන්න ගිය දවසේ ඉදල ඔහුගේ කාර්ය භාරයට ලැබිය යුතු ගෞරවය එතුමා අහිමි කරගත්ත..එතුමා කොච්චර පතත් තත්වයකට වැටුනද කියල අපි දැක්ක සුදු කොඩි කතාවෙන්..අද මෙතුමාට තරු පටි ගහල සරසල තියෙන්නේ කවුද..එතුමාව ගැලවීමේ හමුදාවකටවත් සුදුසු නැහැ කියපු අය නේද? ඒ ඔවුන්ට කල මෙහෙය වෙනුවෙන් ඔහුට ලැබුණු කොටස.ඔය තුරු පටි ගහගත්තා ඇදුමෙන් වැසුණු පුද්ගලයායි ලස්සනට වැඩ දාපු රිජිෆෝම් කේක් ගෙඩියකයි අපිටනම් දැන් කිසිම වෙනසක් නැහැ..දෙකම මෙලෝ රහක් නැහැ. ..(බ)
මොන මන්ත්‍රීකම්ද මහත්තයෝ? ඔය ලැබුන පට්ටම් තරු මදැයි (නි)
තණ්හාය ජායති ශෝකෝ! දැන් ඉතින් අර සල්ලිවලින් දඩත් ගෙවාපල්ලකෝ. ලැබෙන්න තියෙන දේ ලැබුණා. ඉන් එහාට දෙවියෝ කිසි දෙයක් වෙන්කරලා නැහැ. (නි)
මෙතුමාත් තාමත් ඔය මන්ත්‍රීකමක් ඉල්ල ඉල්ලා දඟලනවානේ (නි)
සුදු කොඩි නඩුව රටේ මිනිස්සු ඉස්සරහ බොරු උන හැටි හැමෝම දැක්කනේ. දවසින් නඩු අහල හිරේ දාපු කාලයක්නෙ තිබ්බේ. එතුමා කරපු ලොකුම මෝඩ කම තමා ඡන්දෙ ඉල්ලපු එක. නැත්නම් නඩුත් නෑ ප්‍රශ්නෙකුත් නෑ. යහපාල මහත්තයා නායක තුමාගේ වැරදි පෙන්නපු එක තමයි ෆොන්සේකා මහත්තයා කරපු ලොකුම වරද උනේ. එතකොට අර දළදා මාලිගාවට බෝම්බ තියපු අය පාර්ලිමේන්තු එනකොට ඔබතුමාගේ දේශප්‍රේමය තිබ්බේ කොහෙද යහපාල මහත්තයෝ. වැරදි දේට වැරදියි කිව්වා නම් අදටත් අප්පච්චි රටේ නායකයා නේද?(නදී)
අනේ! අපරාදේ රුපියල් විසිපන්දාහ.දුප්පතුන්ට බෙදලා දුන්නත් කී වේලක් බඩගිනි නිවාගෙන ඇද්ද?රටකට ගිය කලක්. (නි)
එතුමාගේ මන්ත්‍රී කම තමා ජයන්ත කටගොඩට දුන්නේ . මනාප අනුවෙ ෆොන්සේකා මහතා තමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ . එතුමාගේ පිහිටෙන් ගොඩ ගිය කැටගොඩල වගේ අය තමා අද මෙතන කොමෙන්ට් දමන්නේ . ලැජ්ජෛයි (අ)
අනේ මෙහෙම ආසාවක්. අනේ මෙහෙම තණ්හාවක්.(නදී)
තුෂාරි, ඔබ කා ගැනද මේ කියන්නේ? දැන් දැන් කවුරුත් මේ අහලක නැහැ. (නි)
සජීවී හමුදා සේවයේ සිටින කෙනෙකුට එලෙස සිටිමින්ම (විශේෂයෙන්ම ඉතා බලගතු ඉහළම පදවියක සිටිමින්) ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ නියැලිය හැක්කේ මොන රටේද? (බ)
රුශාන් මහත්තයෝ, කොහෙද මහත්තයෝ ඒ කතාව බොරු උනේ..ඔබ තුමා මේ රටේද හිටියේ..නැත්නම් ඔයත් මුණු පොතේ පුංචි හුරතලෙක්ද 2009 ට පස්සේ ලෝකේ දැකපු..සුදු කොඩි නඩුව ඔප්පු වෙලා තමයි එයා හිරබත් කෑවේ. මේ රටට ජාත්‍යන්තරයෙන් එල්ලවන පිඩාව දෙගුණ තෙගුණ උනේ යුධ ජයග්‍රහණයේදී හිටපු හමුධාපති කියපු ඒ සුදු කොඩි කතාවෙන්..අපි ඒ කතාව එතුමාගේ කටින් කියනවා මාධ්‍යවල දැක්ක ඇහුවා..එ්ක බොරු කරන්න බැහැ..ඔබ තුමාගේ ඊමේල් ලිපිනය දුන්නොත් මම ලින්ක් එක එවන්නම් ඔබ තුමා දැකල අහල නැත්නම්. (නදී)
පිවිතුරු යහපාල මහතාගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමට අපට දෙන්න පුලුවන්ද? සිංහබාහු වගේ කොටිබාහු කෙනෙක් ලංකාවේ ඔය පැත්තේ ඉඳල තියෙනවා කියල ආරංචි වුනා. (නදී)
පිරිසිදු සිංහල බෞද්ධ ලේ චන්ද්‍ර මහත්තයෝ..මොන ලැබ් එකෙන් චෙක් කලත් ප්‍රතිපලේ එකයි..(ම)
ලද පමණින් සතුටු වෙන්න (නි)
අනිල්, කරුණු නොදැන ප්‍රකාශ කිරීම සර්ධාරණ නැත. (නි)
මොන මන්ත්‍රීකම්ද? ඔය හම්බ උන පට්ටම් තරු මදැයි. දැන් තියෙන්නේ ඔය තරු පටි ටික ගහගෙන යහපාලනෙන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ප්‍රදර්ශනේට තියපු රිජිෆෝම් කේක් ගෙඩියක් වගේ ඉන්න එක තමයි.(නදී)