එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම`ග කල සංවාද සටහනකි මේ. ප‍්‍රශ්නය දිගින් දිගටම එජාපය අභ්‍යන්තර ආරවුල් වල පැටලෙනවා. පක්ෂ නායකත්වයේ හා ඔබ ද ඇතුළත් කෘත්‍යාධිකාරියේ තිරණ නිසා මේ තත්වය මතු වෙනවානේද? පිළිතුර එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයවත් නායකතුමාවත් කිසිවිටෙක හිතුවක්කාර තීරණ ගෙන නැහැ. පක්ෂයට දෙූා්හිවන්නන් නළවන්න තරම් අපේ පක්ෂය බංකෙලොත් නැහැ. පක්ෂ තීරණ වලට එරෙහිව කටයුතු කරන කවර තරාතිරමක අයකු වුවත් දැඩි ක‍්‍රියා මාර්ග ගන්නවා. එය විනය ?කිමක් විනා හිතුවක්කාර තීරණ නොවෙයි. පක්ෂයකට දැඩි විනයක් තිබිය යුතුයි. ප‍්‍රශ්නය එජාපය යළිත් බෙදිලා. හයිඞ් පිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසක් පක්ෂයෙන් නෙරපලා. එම නිසා තවත් පිරිසක් නොසන්සුන් වෙලා. . ආණ්ඩුවට එරෙහි ?ලිියකට යාම නිසා මේ අයට කළ දේ හරිද? පිළිතුර එජාපයේ බෙදිමක් නැහැ. කෘත්‍යාධිකාරියේ බෙදිමක් නැහැ. වෙනත් පක්ෂ සංවිධානය කරන ?ස්විම් වලට යන අය දැන ගන්න ඕනෑ ඒ අය ඔය මන්ත‍්‍රීධූර වල ඉන්නේ එජාපය නිසා බව . එජාපය නැතිව ඔය ද`ගලන එක්කෙනකුටවත් දිනන්න බැහැ. කවුරුත් මතක තියාගන්න ඕනෑ මේ රටේ ප‍්‍රධාන විපක්ෂය එජාපය බව. විපක්ෂයේ බලවේගයකට නායකත්වය දිය යුත්තේ අපේ පක්ෂයයි. රජය ගෙන යන මර්දන කාරි පිළිවෙතට එරෙහිව අපි රට පුරා උද්ඝෝෂණ සංවිධානය කළා. ඒවාට එන්නේ නැති අය වෙනත් අයගේ දේට යනවා. ඒ වැඩ මොන තරම් සදාචාර විරෝධි ද විනය විරෝධි ද. ප‍්‍රශ්්නය කෙසේ වෙනත් එජාප කෘත්‍යාධිකාරිය පිළිගන්නෙ නැති පිරිසක් යළි බිහි වෙලා. පිළිතුර පක්ෂයට ආදරේ කරන කවර හෝ අයකු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ පිළිගත යුතුයි. පක්ෂයක් තුල ගත යුත්තේ තනි තනි තීන්දු නොවෙයි සාමුහික තීන්දු වලට එරෙහි වන්නන්ට තනිතනියෙන් පැවැත්මක් නැහැ ඊට අතිත උදාහරණ ඕනැ තරම් තියෙනවා ඔබ දන්නවානේ. ප‍්‍රශ්නය හයිඞ් පිටියේ ප‍්‍රශ්නය ආවේ සරත් ෆොන්සේකා නිසා. එදා පොදු අපේක්ෂකයා වෙද්දි ඔබලාගේ ගැලවුම් කරු. නමුත් අද ඔහුට ද්‍රෝහි වෙනවා මොකක්ද මේ දෙබිඩි පිළිවෙත? පිළිතුර පැහැදිලිවම කියන්න අවශ්‍යයි සරත් ෆොන්සේකා අපේ හතුරෙක් නොවෙයි. එතුමා සම්බන්ධයෙන් අපේ ප‍්‍රතිපත්තිය ඉතා අවංකයි. එතුමා සිරභාරයෙන් නිදහස් වු විගස අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහ ලේකම් තුමා විවෘත අරාධනයක් කළා එතුමාට එජාපයට එන්න කියලා ඒක නිළ ප‍්‍රකාශයක නමුත්් විවිධ හේතු ඉදිරිපත් කරමින් එතුමා එය ප‍්‍රතික්ෂේප කළා.මතක තියාගන්න ඕනැම කෙනෙක් පක්ෂයට එන ක‍්‍රමයක් තියෙනවා මමත් ශ‍්‍රී ලනිපයෙන් එජාපයට ආවේ සල්ලි දීලා ටිකට් පතක් අරන්. ප‍්‍රශ්නය නමුත් දැන් ඔබලා සරත් ෆොන්සේකා හතු රකු ලෙස දකින්නේ ඇයි? පිළිතුර සරත් ෆොන්සේකා මහතා කිසිවිටෙකත් අපේ හතුරෙක් නොවෙයි. අපි එතුමාට කියන්නේ එක්සත් ජාතික පක්ෂයට එන්න ඔහුට එජාපයේ දොර ව්වෘතයි ඔහු එජාපයට එන්න බැරි ඇයි? ඔහුගේ දේශපාලන අනාගතය තියෙන්නේ එජාපයේග ප‍්‍රශ්නටතය කරු ජයසූරිය අතුළු පිිරිසත් සරත් ෆොන්සේකාත් භික්ෂු පෙරමුණත් විරෝධතා පවත්වන්නේ එකම සටන් පාඨයක් යටතේ එජාපයත් එම සටන් පාඨය ගෙන යනවා ඇයි බැරි ඔබලා එකම වේදිකාවකට එන්න? පිළිතුර එජාපය සරත් ෆොන්සේකා භික්ෂු පෙරමුණ, ජවිපෙ, පෙරටුගාමි ද්‍රවිඩ සන්ධානය, මනෝ ගනේෂන්, වික‍්‍රමබාහුලා ඇතුළු මේ සියලූ පාර්ශව ආණ්ඩු විරෝධි ස්ථාවරයක ඉන්නේ නොබෝ දිනකින්ම මේ අයට එකට එකතුවෙන්න සිදු වෙනවා විවිධ මාර්ගවල ගියත් එක අරමුණක් වෙනුවෙන් ඉක්මණින් මේ අය එකතු වේවි එසේ නොවුනහොත් මේ රටේ දුක් විඳින ජනතාව තවත් දුකට යනවා. ප‍්‍රශ්නය අපි හැරෙමු අධිකරණ ක්ෂේත‍්‍රයේ මතු වී ඇති අර්බුදය දෙසට ඔබ මේ තත්ත්වය දකින්නේ කෙහොමද? පිළිතුර විශේෂයෙන්ම කිව යුතුයි 17 වැනි ආණ්ඩු ත‍්‍රමය අහෝසි කර 18 වැනි සංශෝධනය නීතිගත කිරිමෙන් පසු අධිකරණය, පොලිසිය රාජ්‍ය සේවය විශාල වශයෙන් පිරිහි තිබෙනවා. මේ ආයතන සියල්ල අද විධායකයට යටත්ග ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණා 17 වැනි සංශෝධනය ආරක්ෂා කරගෙන ස්වාධීන කොම්ෂන් සභා ටික රැක ගෙන 18 වැනි සංශෝධනය ගෙන එන්න නමුත් එසේ සිදු වුයේ නැහැ ප‍්‍රශ්නය අධිකරණ විනිසුරුවන්ට ගල් ගැසුවා අධීකරණ සේවා කොම්ෂමේ ලේකම්ට පහර දුන්නා නමුත් ඊට එරෙහිව විරෝධතා දැක්වීමට මැලිකමක් දක්වනවා ඔබලාගේ පිළිවෙත ආණ්ඩුවට තල්ලූවක් කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. පිළිතුර නායකතුමා පැහැදිලිවම කියා තිබෙන්නේ මතු වී තිබෙන ප‍්‍රශ්නය ඉතාම සංකීර්ණ එකක් බවයි විධායකය අධිකරණයෙ ප‍්‍රශ්න මතු වී තිබෙනවා. මේ තත්ත්වය විරෝධතා ම`ගින් විසඳන්න ගියහොත් නැති ප‍්‍රශ්ණ ගණනාවක් ඇතිවෙනවා. නායකතුමා කිව්වේ මේ ප‍්‍රශ්නය විසඳිමේ ම`ග ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකු පොදු රාජ්‍ය මණ්ඩල විනිසුරුවන් දෙදනෙකු හා පාර්ලිමේන්තු කමිටුවක් ම`ගින් පවතින තත්ත්වය ගැඔුරට අධ්‍යයනය කළ යුතුයි කියලාග එසේ නැතිව එතුමා ප‍්‍රශ්නය ම`ග හැර ගියේ නැහැ. දැන් බලන්න අධීකරණ සේවා කොම්සමේ ලේකම්ට පහරදිමේ සිද්ධිය කවුද පරික්ෂණ කරන්නේ පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව මේ ආයතන දෙකම විධායකය යටතේ තිබෙන ආයතනග එවිට ස්වාධින පරික්ෂණයක් සිදුවෙයි කියලා කෙහොමද විශ්වාස කරන්නේග 17 වැනි සංශෝධනය තිබුණානම් පොලිසියට අනවශ්‍ය බලපෑම් වලට යටත් නොවි ස්වාධීන පරික්ෂණ කරන්න තිබුණාග 17 වැනි සංශා්ධනය නැති නිසා දැන් එම ස්වාධීන බව නැහැ කවුද වැරදිග අපේ පක්ෂ නායකතුමා කිව්වේ එම සිදුවිම් පෙළේ උච්ජ අවස්ථාවක් මේ පහර දීම කියලා. ප‍්‍රශ්නය ඇයි ඔබගේ පක්ෂය දිගින් දිගටම මෙසේ මැතිවරණ පරාජය වෙන්නෙ ඔබලාගෙ නායකත්වයෙන් පක්ෂයට දේශීය මුහුණුවරක් දෙන්න බැරි විම නිසා නේද? පිළිතුර පසුගිය පළාත් සභා මැතිවරණයට පෙර අපි මැතිවරණ කොමසාරිස් දැනුවත් කළාග ක‍්‍රීඩා පිටය සමාන නැහැ. පක්ෂග‍්‍රාහි උතුරු මැද පළාත් සභා මැතිවරණයේදි රජයේ මුදල් මැතිවරණ කටයුතු වලට යෙදාගන්තාග රජයේ මුදල් මැතිවරණයේදි පක්ෂග‍්‍රාහිව යෙදුවා. රජයේ පත්වීම් ලබාදුන්නාග සල්ලි බෙදුවාග බර්ටි කියලා තිබුණා ජන්දේ දිනයේ කවුද කෙනකු මුදල් බෙදුවා කියලාග සමහර පොලිස් ස්ථාන පක්ෂ කාර්යාල වගේයි රජය හිතනවා නම් මේ විධියට මැතිවරණ දිනලා රජයේ ප‍්‍රතිරූපය හදාගන්න පුඵවන් කියලා එය මුලාවක් එදා අනිල් මුණසිංහ ජන්දයට ලංගම බස් යොදාගත් බවට ඔප්පු වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ආසනය අහිමි කළා නමුත් අද තත්ත්වය මේවා නිසා රජයේ දේශීය හා ජාත්‍යන්තර ප‍්‍රතිරූපය විනාශ වී හමාරයි. ප‍්‍රශ්නය ඔබලා හැමවිටම ජාත්‍යන්තරය මත යැපෙනවාග නායකතුමන් ජාත්‍යන්තරය මත ඕනැවට වඩා විශ්වාසය තබා තිබෙනවාග ඒ නිසාම දේශීය ජන්ද පදනම දෙදරා යනවා ඒක හදාගන්න වැඩපිළිවෙළක් නැත්ද? පිළිතුර ඉදිරියේදි ලංකාවේ අනාගතය තීරණය වෙන්නෙ ලංකාවේදි නොවෙයි ජාත්‍යන්තරය අපේ රටේ අනාගතය තීරණය කරන තැනට මේ ආණුඩුව රට තල්ලූකර තිබෙනවා. අපි දන්නවා ශ‍්‍රී ලංකාව එකම රටක් හැටියට තියා ගන්න නම් ජාත්‍යන්තරය අපට අවශ්‍යයි. අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර පදනමේ වටිනාකම තව වසරක් යාමට පෙර මේ රටේ ජනතාවට තේරුම් යාවි. ආණ්ඩුව මේ යන විදියට ගියොත් අප දන්නා ශ‍්‍රී ලංකාව අපට අහිමි වෙන්න ඉඩ තියෙනවා. ජාත්‍යන්තර දේශපාලනය ගැන අවධානයෙන් ඉන්න අය මේ බව දන්නවාග අපේ පත්තර වලට මේවා ලියන්න බැහැ. ජනතාව අහිංසකයි ඔවුන් මේවා දන්නේ නැහැ රටට සැබෑ ලෙසම ආදරය කරන අපේ නායකතුමත් අපිත් මේ පිළිබඳ හොඳ අවධානයකින් ඉන්නේග අප රටට සැබැ ලෙසම ආදරය කළ යුතුයි. 2012.10.19
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ල මහත්තයෝ, ඔයා කියන කථාවෙ පුංචි ඇත්තක් තියෙනවා. ඒත් රනිල් මහත්තයා අපේ ඇස් වලට පෙනි පෙනී කරන දේ ඔයාට පෙනෙන්නෙ නැද්ද? එයා බලහත්කාරෙන් පක්‍ෂ නායකයා වුණාට ජනතාව ඒක පිළිගන්නෙ නැහැ. ඉස්සර වගේ නෙවෙයි ජනතාව රවට්ටන්න හිතුවා මදි. යම් කෙනෙක් අද කාලෙ රජයට පක්‍ෂව කටයුතු කරන්නෙ භය වගේම වෙන කළහැකි විකල්ප මගක් නැති නිසා. අනික ආණ්ඩුවට හේත්තු වුණහම ප‍්‍රතිලාභ ලබාගන්නත් පුළුවන් නිසා. කොන්ද පණනැති නායකත්වය ඉවත්කරලා බියක් සැකක් නැතිව ඉදිරිපත් වෙන්න පුළුවන් කෙනෙක් එතෙන්ට ඇවිල්ලා ජනතාව පෙළගස්සන්න පුළුවන් නම් ජනතාවට තවත් දුක්විඳින්න ඕනෑ නැහැ. (නි)
ඕනෑ කෙනෙකුට යුද්ධ කරන්න පුලුවන් එකේ ඕනෑ කෙනෙකුට ෆොන්සෙකා මහතාගේ අනාගතය ගැන බලා ගන්නත් පුලුවන්. (නි)
එතකොට ඔබතුමාගේ අනාගතය කාගේ අතේද තියෙන්නේ? (නි)
මට න්ම හිතෙන්නේ තවමත් මේ රටේ යුද්ධය තිබුණා නම් හොදයි කියලා යූඑන්පීය හිතනවා කියලයි. (නි)
ඔහොම යමු! (නි)
කොහොමටවත් නැහැ
කවුරු කොහොම කිවුවත් සාමාන්‍ය ජනතාවගේ අනාගතය කවුරු අතේද කියලා අපි දන්නවා (නි)
පීස්සුද (ස)
මේ දෙන්නටම අනාගතයක් තියෙනවද ? (ස)
ෆොන්සේකා මහත්තයෝ, දෙන්නකෝ මේකට උත්තරයක් (නි)
සැබෑ පාක්ෂිකයෙක් ලෙස එතුමා ඇත්ත කතා කරලා තිබෙනවා (නි)
ඔබ තුමන්ලාගේ අනාගතය කාගේ අතේද ? (ස)
මට මතකයි අර එක පාරක් කියපු දේවල්... (නි)
ඔය දෙන්නම එකම බෝට්ටුවේ ,ඔයාලගේ අනාගතේ ඉවරයි..ඔයාලා නිසා එයාලගේ අනාගතෙත් ඉවරයි (ස)
මොනවද මේ කතා? හැමදාම ජාත්‍යන්තරය ගැනමයි කියවන්නේ. (නි)
මේ රටේ ආණ්ඩුව බ්රේක් නැති වාහනයක් වගේ වීමට වගකියන්න ඕනෑ ඔයාල තමා...ඔයාලගේ නායකයාට මොනවා නැතත් නීති රීති තිබුණහම ඇති. (නි)
මෙයාලගේ අනාගතේනම් කොහේ ගියත් ගොඩ..අපේ අනාගතේ තමයි මරුවා අතේ තියෙන්නේ (ස)
ඒත් 2010දී කිවුවේ හැමෝගෙම ගැළවුම්කරු සරත් ෆොන්සේකා මහත්තයා කියලා නේද? (නි)
වෙන්න බැහැ
මේ රටේ මිනිස්සුන්ට තීරණය භාරයි (නි)
ඔය සාකච්ඡාවෙ අන්තිමට කියල තියෙන උත්තරේ එක්ක නම් කවදාවත් යූඇම්පී යට මේ සම්මග්ග ජාතියේ වත් ආණ්ඩු බලය ගන්න බැහැ.මොකද අඩු වැඩි ඇතිව ඕකමනෙ කොටි යුද්දෙදිත් උන්නැහැලා අපට දෙසා වදාරන්න ආවෙ. ජනතාව අහිංසක මෝඩයො. උන්නැහැලා සියල්ල දන්නවා.නායකතුමා ආදරේ මොහොකටද කියලා අපිට කියන්න ඕනෑ නැහැ. (නි)
ෆොන්සේකාට ආණ්ඩුව සමග අත්වැල් බැද ගැනීමට හැකි නම් රට කොපමණ දියුණු වේවිද? (නි)
රනිල් කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක් කියලා අපි තේරුම් ගත්තොත් අපි ඔක්කොම දිනුම්. (නි)
බොළද ප්‍රශ්න සහ කපටි පිළිතුරු....
මම හිතන්නේ නැහැ (දී)
අපිට වැඩක් නැහැ බයිලා... (නි)
එක්සත් ජාතික පක්ෂයේ අනාගතය තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයා ළග කියලා කිවුවා නම් හොදයි නේද? (නි)
සුභ අනාගතයක්! (නි)
අපි දන්නවා හැමදේම. (නි)
අනේ මන්දා. අපිට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
අනේ අපි නොදන්නවායැ? (නි)
මොන අනාගතයක්ද ඔයාලට තියෙන්නේ? (නි)
අයියෝ සල්ලි
එකපාරක් ඒ මනුස්සයාට ලණුවක් දීලා අමාරුවේ දැම්මා. දැන් තව එකක්ද කොහෙද? (නි)
එනකල් නම් ඔහොම කියනවා. ඒත් ආවට පස්සේ ...? (නි)
දිවියලෝකේ යන අලියාගේ වලිගයේ එල්ලිලා ඉන්න ගමරාලගේ ගෝලයෝ ගැන මොනවා කියන්නද? ඔයාලා දිවිය ලෝකෙට ළං වෙනකොට ජනතාව අපායට ගිහින් ඉවරයි. (නි)
කොහොමටවත් නැහැ (දී)
රනිල් මහත්තයා ඉන්නකම් මේ රටේ විපක්ෂයක් නෑ. ඔහු යූඇන්පී එකේ නායකයා වෙලා ඉන්නකම් අපි හැමදාම දුකේ තමා. (ත)
ඕනෑ කෙනෙකුටත් යුද්ධ කරන්න පුළුවන්නේ....? (නි)
ඔයාලට කොහේද අනාගතයක්? (නි)
මගේ හිතට එන ඒවා කියා ගන්න බෑ (ස)
එතකොට අපේ අනාගතයත් ෆොන්සේකා අතේද? (නි)
කාගේවත් ජිවිත කාගේවත් අතේ වෙන්නේ කොහොමද
මෙයාලා කිසිවෙකුට හෝ පැහැදිලි අනාගතයක් නැහැ. ඒක තමයි ඇත්ත. (නි)
කවුද මේ? (නි)
සරත් ෆොන්සේකා මහත්තයාගේ අනාගතය විනාශ කළේ කවුද? (නි)
බයිලා තමයි (ස)
ඔබ තුමාට පැහැදිලි අනාගතයක් නැතිව ඔබ තුමා කොහොමද අනිත් අය ගැන කියන්නේ (ස)
ඔබ තුමා UNP එකේ උප සභාපති කෙනෙක්ද ?? අපි දන්නෙත් නෑනේ .. (ස)
එතුමාව විනාශ කළේ කවුද? (නි)
"මතක තියාගන්න ඕනැම කෙනෙක් පක්ෂයට එන ක‍්‍රමයක් තියෙනවා. මමත් ශ‍්‍රීලනිපයෙන් එජාපයට ආවේ සල්ලි දීලා ටිකට් පතක් අරන්" ඇත්තටම එහෙමද ආවේ? (නි)
කොහොමද එහෙම හරියටම කියන්නේ? (නි)
දී කිරට බළල්ලුත් සාක්කිලු.... (නි)
ඕනෑ කෙනෙකුට යුද්ධ කරන්න පුලුවන් වගේම ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්නත් පුලුවන්. (නි)
අනාගතේ විනාස කලේ රතු මල්ලිලා (ස)
අපරාදේ කියන්න බැහැ. ප්‍රශ්න වලට හොදින් උත්තර නම් දීලා තියෙනවා (නි)
සරත් ෆොන්සේකා මහතාගේ අනාගතය තීන්දු වෙන්නේ ඉදිරියට ඇති අධිකරණ කටයුතු වලදී ඔහුට සාධාරණය ඉටු වුවහොත්ය. එසේ වුවහොත් ඔහුට අහිමිවූ සියල්ල ලැබී ජනතාවගේ සැබෑ ජනරාල්වරයා බවට නැවත ඉහළට ආ හැකිය. ඒ සඳහා එතෙක් ඉවසීමෙන් සහ විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. එයට මේ උදවියගේ උපකාර ලබා ගැනීමට සිතීම පවා නිශ්පල වැඩකි. (නි)