හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ‘ඔහු අපට තවත් හිර කරුවෙක් පමණයි. හිරේ හැමට අප එක සමානව සලකනවා. මම නායකයෙක් නම් හිරේ ගියත් කන්නේ අනෙක් හිරකාරයන්ට දෙන කෑමමයි. ෆොන්සේකාට අසනීපයක් හැදුණු ගමන් යන්නේ කොළඹ රෝහලකට. එහෙම අවුත් මාධ්‍ය වටකරගෙන ආණ්ඩුවට බනිනවා. මාධ්‍යයත් ඒ බව දැනගත යුතුයි. රජයට ඕනෑනම් එය නතර කළ හැකියි.‘
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා නායකයා අදුනගන්න එක අපි කරන්නම්.
ෆොන්සේකා මහත්තයා යුධ වීරයෙක් බවත් ඇත්ත. හමුදාව පාවා දුන්න එකට ඳඩුවම් විඳින එකත් ඇත්ත, ඒත් මේ රටේ මීට වඩා බරපතල වැරැදි කරන අය නිදැල්ලෙ ඉන්න එක නම් වැරැදියි. අන්න ඒ අයත් අල්ලලා ඔය හිර ගෙදරම සැප දෙනවනම්...... ඔන්න විශිෂ්ඨයි.
එස්.එෆ්ව එළියට දාන්න
ජෙනරාල් කරපු එකම වැරැද්ද යුද්ධය දිනපු එක විතරයි. කොයි පොතේද වරදක් ගැන ලියල තියෙන්නෙ
මම කියන්නේ නෑ එතුමා හරි කියලා. ඒත් ඔහු අතින් වරදක් වුණ එකට දඩුවම් ලැබුණා. ජනාධිපතිතුමනි එතුමට සමාව දෙන්න.
ඔහු අසාමාන්‍ය මිනීසෙකි සිටියයුත්තේ සිරගෙදෙර නොව රජගෙදරයි.
2011/12/12 සෙබලා කියන කතාව හරියටම හරි. කළ සේවයට ගරු කරනවා. ඒත් කළ වරදට ඊට වඩා බරපතළයි නේද?
SF වීර සෙන්පති යුද වීරයෙක් තමයි....!!!! SF හිරේ ඉන්නෙ රටට කල සේවයේ වරදක් නිසා නෙවෙයි... රට යුද්දෙන් දිනවන්න සෙවය කල යුද හමුදාව පවාදුන්න වරදටයි..... හමුදා පති කියලා යුද හමුදාව පවාදුන්න එක හරිද...???? බුදු බණෙත් තියෙනවා නෙද "පිටත ගිනි අතුලට දෙන්න එපා... අතුලත ගිනි පිටට දෙන්න එපා කියලා" එකයි SF කල වරෑද්ද.... එකටයි දඩුවම් විදින්නේ....
රටට සේවයක් කළ බව ඇත්ත. ඒත් ඊට පස්සේ කරපු ඒවට තමයි ඔහුට සිරේ ඉන්න වෙලා තියෙන්නේ.
රටට සෙවයක් කල මනුස්සයෙකුට සලකන්න දන්නෙ නෑ
ආනේ එහෙමනම් කේ.පී, කරුණා, පිල්ලෙයාන්... එයාලවත් දාන්නකො හිරේ සෑප දෙන්න
මෙතන තියෙන වෙනස තෙරුම්ගන්න ඕනේ. අනිත් හිරකාරයො කියන දේ අහන්න ජනමාධ්‍ය යන්නෙ නෑ. ඒකට ජෙනරාල් තුමා මොනව කරන්නද?
කේපී දුක් විදිනවාද?
ෆොන්සේකා හිරේ සැප විදින්න ඕන තමයි. එකේ වැරැද්ද මොකක්ද ?
රට බාරගත්ත වීරයට නේද මෙහෙම කියන්නේ?
නියම නායකයෙක් නම් පාර්ලිමේන්තුවට බස් එකේ ගිහින් පෙන්වන්න.
ජෙනරල් මාධ්‍යට එන්න කියල කිව්වනම් කමක් නෑ.. මාධ්‍ය එතුමගෙ පස්සෙන් යන්නෙ ඔවුන්ට වැදගත් නිසා. අනික ජෙනරල් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්වත්, සාමාන්‍ය සිරකරුවෙක්වත් නෙමෙයි..
ලංකාවට ඉන්න නෙල්සන් මැන්ඩෙලා
ඔහුට ඕනනම් ආණ්ඩුවට ගිහින් හොද ඇමැතිකමක් ගන්න තිබුණා.
ෆොන්සේකට බයද?
ෆොන්සේකා නැත්නම් රටත් නෑ අද
මුල අමතක කරන්න එපා
වැරදි කතා කියන්න එපා.
හයිය..
සැප? ඒක පුදුම සැපක්නේ....
රට ජාතිය වෙනුවෙන් සටන් කර සාමය මුලු රටටම ලබා දුන් මෙම මහා සෙන්පතියා සිටියයුත්තේ හිර ගෙදර නෙමේ.
ඔහොම කතා කරන්නත් රට බේරල දුන්නේ ෆොන්සේකා.