දූෂිත පාලනයක් පැවැති පසුගිය රජය සමයේ බොරු චෝදනා නගා තමාට අහිමි කළ හමුදා තනතුරු ආදිය ලබාදීමට නව ජනපති තීරණය කිරීම ගැන සතුටු වන බව සරත් ෆොන්සේකා මහතා කියයි.
තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමද පසුගිය රජය අහිමි කළ බවත් ජෙනරාල් ෆොන්සේකා මහතා කීවේය.
ජාතික විධායක සභාවේ හා දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකත්වය හැර තමාට රජයෙන් තනතුරක් පවරා නැතැයි කී ඔහු ජනපතිත් අගමැතිත් පවරන රාජකාරියක් ඉටු කරන බවද ෆොන්සේකා මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පැතුම ජයගත්තා (නි)
ජෙනරල්තුමනි, ඔබතුමාට රණවිරුවෙක් විදියට අපි හැමදාම ගරු කරනවා. ඔබ අපිට ජාතික වීරයෙක් හැමදාටම (නි)
සැමදා ඔබයි අපේ විරවන්තයා ඔබට ජයවේවා !! තෙරුවන් සරණයි ‘(දිල්)
අපිටත් සතුටුයි (නි)
ඔබ සැබෑ වීරයෙක්. ඔබ කවදත් අපිට අපේ ජෙනරාල් (නි)
අපි මෙතෙක් කල් බලා සිටිය දෙයක් ඉටු වුණෘ. ඔබට ජය.(දිල්)
සුමිත් දැන් ඔය සරත් ෆොන්සේකා වෙනුවෙන් කෑගහන සමහර අය එදා මුනිවත රකිමින් සිටියා (දිල්)
මම ඉතාම සතුටු වෙනවා හිටපු ජෙනෙරාල්තුමා වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට නව ජනාධිපතිතුමා ඉක්මන් තීරණයක් ගැනීම ගැන. (නි)
සතුටු නැද්ද ඉතින්? (නි)
දැන් කට්ටියට සතුටු ඇති (නි)
මට මතකයට එනවා එදා ඔබව අමානුෂිකව රැගෙන ගොස් සිපිරි ගෙයට දැමීමෙන් පසුව පැරීසියේ අපි ඔබ වෙනුවෙන් ජිනීවා නුවරදී කල උද්ගෝෂනයෙන් අනතුරුව අපිවද දේශය පාවා දෙන්නන් හැටියට සලකපු හැටි. මෙහෙ ජීවත්වෙන මහින්ද රෙජිමයට කැත කුණු හෝදපු අය තමයි එහෙම කළේ. එ්ත් දැන් මහින්ද රෙජිමයට කඩේ ගිය අයගේ ඒ බාල අදහස වැඩි දෙනෙක් වෙනස් කරගෙන සහ සමහර අය මධ්‍යස්ත වෙලා. අඳුර වැටීගෙන එනවිටදී හෝ සත්‍ය තේරුම් ගැනීම ඒ අයට යහපතක්. ඒ කෙසේ වෙතත් අපිටත් අපිගැන නිහතමානී සියුම් ආඩම්බරයක් තියෙනවා ඔබ වෙනුවෙන් ඒ උතුම් කර්තව්‍ය කිරීමට හැකියාව ලැබීම ගැන. ඉතින් ඒ දරුණු යුද ජයග්‍රහණයේ නියම වීරයා ඔබයි. ඔබගේ ඉදිරි ගමනට අපි සුබ පතන්නෙමු (නදී)
ඡන්දයෙන් පසු ජනරාල් සරත් ෆොන්සේකාට පහත සඳහන් අමාත්‍යංශ දෙන්න . අාරක්ෂක නියෝජ්‍ය ඇමැති, පොලිස් දෙපාර්තමේන්තුව බාර ඇමැති ගුවන් තොටුපොළවල අාරක්ෂක ඇමැති සහ කෘෂිකර්ම ඇමැති. වැඩ කිරීමට අති දක්ෂයෙක් වන මෙතුමා, මේ රාජකාරි අකුරටම ඉටු කරනු ඇත (බ)
පාලකයා එපාවුණු පළමු දවස ඔබතුමා සිරගත වූ දවසයි. දෙවැනි දවස අග විනිසුරු වරිය එලවා නීතියට අැනගැසූ දවස. සොබා දහම නීතිය ඉටු කර ඇත. ඔබතුමා අපේ හදවතේ සැමදා රැදේවි. (නදී)
ඔබ තුමා ගැන අපටද සතුටුයි. නිරෝගි බව අපගේ පැතුමයි.(බ)
ජය වේවා ! (නදී)
ජය ශ්‍රී! මහරජාණෙනි (බ)
ජනාධිපති තුමනි,ඔබට ජාතියේ ප්‍රණාමය. අපේ කලේ වීරයා ඔබය ,දීර්ගායුෂ ඔබට !(දිල්)
මීට කලින් කරන්න තිබුන වැඩක්. අපි බොහෝ කල් බලාසිටියා. (නි)
අමාරු වෙලාවේ ඔබව අමතක කල කට්ටිය සිහි කරන්න. හුඟ දෙනෙක් ඔබව දමා ගියා. ඔබ ගැන ආඩම්බරයක් දැනේ. (නදී)
ඔබ තුමාට බුදුසරණයි. අපි ඉන්නවා ඔබ තුමා සමග (නදී)
අපේ රණවිරුවාට ජාතියේ ප්‍රණාමය! (නි)
යහපාලනයේ පෙර නිමිත්ත (බ)
ඔබතුමාට වුණ ආසාධාරණය මුළු රටම දන්නවා. අද ඒ සත්‍ය ජයගත්තා. ඔබගේ අනාගතයට අපේ ප්‍රණාමය! (නි)
දෙවි පිහිටයි! (නි)
මගේ බලාපොරොත්තුව ඉටු උනා. ඔබට තෙරුවන් සරණයි (නදී)
ඔබ කළ සේවයට අපේ ආචාරය! ලැබූ නිදහසට අපේ සතුට! (නි)
රට වෙනුවෙන් පිරිසිදු හෙටක් තැනීම නමැති අපහසු කාර්යය ඉටුකිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා! මගේ මේ ආචාරය ඔබ වෙනුවෙනි (නි)
ගරු ෆොන්සේකා උතුමාණෙනි, එදා පටන් මේ වනතෙක් කවුරු මොනවා කිවුවත් අපේ රටේ ජෙනරාල් කෙනෙකුගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ. මම රටක හමුදා නිලධාරියෙකුගේ වටිනාකම හොඳ හැටි දන්නා කෙනෙකි. ඔබතුමාගේ සේවය අපේ රටට තවත් අවශ්‍යයි. ඒ නිසා ඔබතුමා නැවත මහජනතාව ඉදිරියට එන්න (නි)
නැතිවුණ සියල්ල ඔබට ලැබීම ගැන සුබ පැතුම්! (නි)
සිංහ හම පොරවාගත් අය පැනගියාම නියම වීරයෝ තමයි ජයගන්නේ අවසානයේදි. ඔබට ජය වේවා! (නි)
ජයග්‍රහණයේ සැබෑ සතුට මට දැනෙන්නේ දැනුයි. ඒත් ඔබට මීට වඩා ඉහළ සම්මාන ලැබිය යුතුයි.. මේ ලැබුණේ ඔබ දිවි පරදුවට තබා කළ සේවය වෙනුවෙන් උපයාගත් දේ පමණයි .උපහාර නෙවෙයි.(දිල්).
කවුද කියන්නේ ෆොන්සේකා වීරයෙක් කියලා. මහින්ද ජනාදිපති තුමා තමයි යුද්දය ඉවර කලේ. ජයවේවා මහින්ද මහත්තයට. (නදී)
ෆොන්සේකා ඔබට ජයවේවා !! තෙරුවන් සරණයි (නදී)
නීතිය අකුරටම කිරීමේ හැකියාව ලැබේවා! (නි)
රට බේරාගත් රණවිරුවෙක් වූ මොහුට එම වරප්‍රසාද දීම අගය කළයුතුය. (නි)
රටේ සංවර්ධනයට ඔහුගේ සහය බලාපොරොත්තු වෙමු . මෙතුවක් විඳි දුක් කරදර දරාගැනීම වෙනුවෙන් විශේෂ වීර පදක්කමක් ලැබිය යුතු වේ . (නි)
පහුගිය සමයේ ඇතැම් දේශපාලනඥයින් රට ජාතිය වෙනුවෙන් සේවය කළ අන්දම බැලුවම උදාර සේවයක් කල ඔබතුමාගේ වෙනස අපි දකිමින් ඔබතුමාට අපි ආශිර්වාද කළෙමු .ඔබ තුමාගෙන් රටට සුභ අනාගතයක් තියේවි .ඔබට ජය !.(දිල්)
ඔබට නිරෝගී සුව නිරතුරුවම ප්‍රාර්ථනය කරමු . ඔබට රටේ ආරක්ෂක තනතුරක් ලැබිය යුතුමයි. ජය ජය වේවා.(දිල්)
මම මෛත්‍රී මැතිතුමාට ඡන්දය දුන්නේ ඔබට සාධාරණය ඉටුකිරීම සඳහාමයි (නි)
හිතට හරි සැහැල්ලුවක් දැනුනා. (ර)
යුධ වීරයාට ලැබියයුතු තැන ලැබීම සිදුවිය යුතු දෙයක්. එහෙත් 57 ලක්ෂයක් එය නොසළකා හැරීම රටේ අභාග්‍යයක්. (නි)
අපිටත් හරිම සතුටුයි, මෙවර ප්‍රකාශ කල මගේ ඡන්දයට නියම වටිනාකම ලැබුනේ 21/01/2015 දිනයි. ඔබට අපෙන් සුබ පැතුම්.! (ර)
ඔබට වගේම අපිටත් සතුටුයි. ඔබෙන් පළිගත් අයට වෛර නොකර ඔවුන්ට මෛයිත්‍රී කරන්න. සත්‍ය ජයගන්නා බව අපි දැනසිටියා. ඔබගේ බිරිය නිතරම කී කථාව එයයි. රටට ජාතියට වැඩක් කර ඔබේ හැකියාවන් රටේ අහිංසක මිනිසුන්ට ශක්තියක් වෙන්න. උතුරේ ජනතාව ගැන වැඩි අවධානයක් යොමුකරන්න. ඔවුනුත් අපේ මිනිස්සු. ඔබට ජය! (නි)
ඔබතුමාට සුදුසු තනතුරකුත් ඉල්ලලා බලන්නකෝ... (නි)
ජනාධිපතිතුමනි, ඔබට ස්තුතියි.කවදා හෝ සත්‍ය ජය ගන්නවා (දිල්)
ඔබ ගැන අපිට විශ්වාසය තැබිය හැක (නි)
මේ රණවිරුවාණන්ට කළ අපරාධය,දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව සමහරුන්ට විපාක දුන්නා. මැතිතුමනි, ඔබතුමාට දීර්ඝායුෂ වේවා! (නි)
ඔහුගේ මන්ත්‍රී ආසනයත් ඔහුට හිමිවිය යුතුයැයි සිතනවා (නි)
ඔබට සිදුවු අසාධාරණය නිවැරදි කළ මෛත්‍රී ජනපතිතුමාට මගේ ප්‍රණාමය! (නි)
එස් එෆ් ඔබ සැබෑ වීරයෙකි (බ)
ඔබගේ සතුට මගේ පැතුමයි! ඔබට දීර්ඝායු වේවා! (නි)
දැන් ඉතින් බොහොම ඉවසීමෙන් ඉදිරි වැඩ කටයුතු කරගන්න එක හොඳයි. තමන්ට නරක විදියට සැළකූ උදවියට එකට එක නොකර රට වෙනුවෙන් ඔබේ සේවය ලබාදෙන්න. (නි)
ඔබව කුදලාගෙන ගොස් හිරේ දමපු දවසේ මට කඳුළු නවතාගන්න බැරිවුණා. දැන් රටේ යහපතට වැඩ කරන්න. ඉදිරිය සුබයි. (නි)
හරිම සතුටක් දැනෙනවා. තෙරුවන් සරණින් දැන් ඔබේ ඉදිරි ගමන යහපත්. තනතුරු බලාපොරොත්තු වෙන්න එපා. රටට වැඩ කරන්න. (නි)
මමද ඔබට නිරෝගී සුව නිරතුරුවම ප්‍රාර්ථනය කරමි.ජනාධිපතිතුමනි, ඔබට ස්තුතියි.කවදා හෝ සත්‍ය ජය ගන්නවා .(දිල්)
ඔබ නිසා මුළු ශ්‍රී ලංකාවම සතුටින්. යුද්ධය නිමාකිරීමට සිතින් නොව ගතින්ම දායක වූ සැබෑ නායකයා ඔබයි. ඔබ දකින සැම මොහොතකම රණවිරුවන්ගේ සිත් තුළ ජනිතවන ගෞරවය ඊට ඇති හොඳම ශාක්ෂියයි!!! (නි)
ඉතාම සතුටුයි. දැන් රටට සේවය කරන්න. (නි)
හරිම සතුටුයි. ඔබ තුමාට අපගේ උත්තමාචාරය. තුණුරුවන් සරණින් ඔබ තුමා නිදුක් වෙත්වා (දිල්)
සුබ පැතුම් (දිල්)
මන්ත්‍රී ෆොන්සේකාට වඩා ජෙනරාල් ෆොන්සේකාට අපි වැඩියෙන් කැමතියි. එනිසා රට ගැන අවධානයෙන් ඉන්න (නි)
ජනතාව බලාපොරොත්තු වු දෙවියා අද නිදහස්. ඔබට ජයෙන් ජය! (නි)
තනතුරු බලාපොරොත්තු නොවී රටට සේවය කරනු මැනවි! ඔය තනතුරු වලට කෑදර මිනිසුන් නිසා තමයි ඔබතුමාට මේ අසාධාරණය වුණේ. උතුරු නැගෙනහිර අහිංසක මිනිසුන් ගැනත් සොයාබලන්න. තෙරුවන් සරණයි! (නි)
ඔබ විසින් රටට යහපත් සේවයක් ඉටුකරාවි යැයි අපේ අවංක බලාපොරොත්තුවයි. කරදර දැන් අමතකකර දමන්න. ඔබට බුදු සරණයි! (නි)
ඔබතුමා මගේ වීරයායි. සුබ පැතුම්! (නි)
බලන්නකෝ... බන්දුල යහපාල පෙරේරා ලැජ්ජාවක් නැතුව ඇඳුම් ඇඳගෙනද මේ සභාවට ඇවිදින් මෙතුමාට තනතුරු ඉල්ලන්න කියන්නේ? (නි)
සුබ පැතුම්! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ඔබ කුදලාගෙන ගොස් හිරේට දැමුව දවසේ සිට මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔබට සාධාරණයක්. දැන් ඔබෙන් මව්බිමට ඉටුවෙන්න ලොකු සේවයක් තිබෙනවා. වරදකරුවන්ට සමාව දෙන්න. ජේසු පිහිටයි! (නි)
ඔබට වැරදිකළ අයට සමාව දී රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න. ඒ අයගේ කර්මය ඒ උදවිය ගෙනයයි. ජනතාව ඔබ සමඟයි. (නි)
ඔබෙන් රටට යහපතක්ම වෙන බව අපිට විශ්වාසයි. (නි)
ඔබට යළිත් තනතුරු වරප්‍රසාද හිමිවීම ගැන සතුටුයි. එහෙත් ඔබතුමා කිසිමදාක රාජ්‍ය පාලනයකට යන්න එපා (නි)
දැන් රටේ යහපතට වැඩ කරන්න. ඉදිරිය සුබයි! ජයවේවා! (නි)
හරිම සතුටුයි. මව්බිමට යහපත් සිදුවේවි කියලා අපි පතනවා. (නි)
ඔබට නිසිතැන ලැබීම ගැන සතුටුයි (නි)
මගේ නෙතින් කඳුලක් වැටුනා (නි)
පුදුම සතුටක් හිතට දැනෙනවා ඔබට යුක්තිය සාධාරණය ඉටුවුණාට (නි)
යුද්ධය නිසා ආබාධිත සහ අසරණ වූ රණවිරුවන් ගැන සොයාබලන්න. මියගිය අයගේ දරු පවුල් මහලු දෙමාපියන් ගැන සොයා ඔවුන්ට යහපතක් කරන්න. ඔබට අතීතයේ සිදු වූ අකටයුතුකම් අමතකකර සතුටු වෙන්න එයම හේතුවේවි. බුදු සරණයි! (නි)
ජය වේවා ඔබට! ඡන්දය දුන් අපිට දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්. (නි)
ඔබතුමාට සාධාරණය ඉටුවීම ගැන අපගේ බලවත් සතුට. රටේ ආරක්ෂාව හා ඒකීයභාවය පිළිබඳ ඔබතුමාගේ අවධානය නිරතුරුවම යොමුවනු ඇති බව අපගේ විශ්වාසයයි. ජයවේවා මැතිතුමනි ..! (නි)
ඔබට ජය ! ඒ වගේම උතුර ගැන අවධානයෙන් ඉන්න ආණ්ඩුවේම සමහරු " සමහර රටවලට " ගිහින් උතුර ගැන කියන කතා එච්චර හොඳ නැහැ.(දිල්)
දක්ෂ අවංක නිළධාරියකු වූ ඔබතුමාට ජය! (නි)
ජය වේවා! නිලතල ලැබුනු පසු පළිගැනීම් නොකරන්නේ යැයි විශ්වාසය තබමි. තෙරුවන් සරණයි..!!! (නි)
මවුබිමෙන් ඈත්ව සිටියත් අපි ඔබ අමතක කළේ නැහැ. ඔබට සාධාරණයක් ඉටුවෙන දවසක් එනතෙක් බලාගෙන සිටියේ. තෙරුවන් සරණින් ඔබේ ඉදිරි සමාජ මෙහෙවර සාර්ථක වේවා. (නි)
ගොඩාක් සතුටුයි. රට ගොඩගන්න ඉදිරියටත් ශක්තිය දිරිය ලැබේවා. (නදී)
ජනාධිපතිතුමනි ඔබට බොහෝම ස්තූතියි (දිල්)
අතීතයේ සිදු වූ කටුක දේවල් අමතකකිරීම පහසු නැතිවුණත් එය අමාරුවෙන් හෝ අමතක කර රටේ අනාගතය ගැන සිතා යහපත් ගමනක් යන්න. ඔබට අපෙන් ආසිරි! (නි)
ලංකාවේ කළගුණ දත් සියලුම දෙනා ඉතාමත්ම සතුටට පත්වුණ රාත්‍රිය තමා ඊයේ රාත්‍රිය. යහපත් දේශපාලකයෙකු ලෙස සාර්ථක දිගු ගමනක් යාමට ඔබට අප සැමගේම සුබ පැතුම්. (නි)
ඔබ වැනි උතුම් මිනිසුන් අප රටට ඉතාම අවශ්‍යයි. ගරු ජනාධිපති තුමාට සහ අගමැති තුමාට මගේ ප්‍රණාමය.(දිල්)
ජය වේවා! හරිම සතුටුයි. ජනතාවට සේවය කරන්න දැන් පටන්ගන්න (නි)
පටු දේශපාලන අරමුණින් පහුගිය රජය ඔබට මොනවා කලත්, අපි කවදත් ඔබගේ නම සඳහන් කළේ ජනරාල් කියමින්. ඒ ඉතිහාසය කවදාවත් නැතිකරන්නම බැහැ (බ)
ජය වේවා ඔබට! ඔබතුමාට සාධාරණය ඉටුවීම ගැන අපගේ බලවත් සතුට. ඔබට සුබ පැතුම්! (නි)
ඔබ සැබෑ වීරයෙක්. ඔබ තරම් පළිගැනීමට ලක්වුණ කෙනෙක් නැත. ඔබට සහ සිය පවුලටම ජය වේවා! (නි)
විරුවාණෙනි, ඔබට ජාතියේ ප්‍රණාමය! (නි)
ජෙනරාල්තුමනි, ඔන්න ඔබගේ වෙලාව. (නි)
එඩිතරව ,අවංකව, හමුදා ජීවිතයේත් සාමාන්‍ය ජීවිතයේත් ඔබ නොසැළී කටයුතුකොට පෙන්වූ ආදර්ශය රටටත් පොදු ජනයාටත් ඉතා යහපත් පාඩමකි (නි)
අපිත් හැබෑවටම සතුටු වෙනවා. මේවා ඔබතුමාට ලැබෙන්න ඕනෑ දේවල්. ඉවසීමෙන් වැඩකරලා ජනතාවගේ හිත දිනාගන්න (නි)
යුද්ධය දිනවන්න ෆොන්සේකාත් සැළකියයුතු කොටසක් ඉටුකළත් එයා කළ වැරදි වලටනේ දඩුවම් වින්ඳේ. (නි)
පටු පළිගැනීම් ලංකාවෙන් අතුගාදැමිය යුතුයි (නි)
මගේ කෙටි අදහසේ වැදගත්ම කොටස් ටික මම කිව්වේ ඔය තරම් විශ්වාසවන්ත අයගෙන් පුලුවන්නම් ආරක්ෂක ලේකම් කම හෝ ආරක්ෂක ඇමතිකම නැත්නම් නියෝජ්‍ය අැමැතිකමවත් පුළුවන්නම් ඉල්ලලා ලැබෙනවද බලන්න කියල..කාට දුන්නත් මෙතුමාට දෙන්නේ නැහැ.. ඔවුන් දන්නවා මේ ඇග පුරා දුවන්නේ හලාහල විෂ බව..(බ)
රටවැසියන්ගේ වාසනාව (නි)