හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ඔහුට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
චන්ද්‍රා ඒකනායක, සරත් ද ආබෘ, බුවනෙක අලුවිහාරේ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැඳවු අවස්ථාවේදී විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ පෞද්ගලික හේතූ මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බවයි.
නිසියාකාරව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අවසර දෙන්නැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා ගේ පෞද්ගලික ලේකම සේනක හරිප්‍රිය ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට එම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වු බවට, එම මන්ත්‍රී අසුන පුරප්පාඩු වු බවට, ඒ වෙනුවට ජයන්ත කැටගොඩ මහතා පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මක වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
පාර්ලිමේන්තු මහෙල්කම් ධම්මික දිසානායක, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ජයන්ත කැටගොඩ ඇතුළු අටදෙනෙකු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
යුද අධිකරණය මගින් වරදකරුවෙකු වීමෙන් පසුව තමන්ගේ මන්ත‍්‍රී ධුරය අහිමි වූ බවද ෆොන්සේකා මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.
එහෙත් මේ වන විට තමන් සියලූ චෝදනාවලින් නිදහස් කර ඇති බැවින් මන්ත‍්‍රී ධුරය දැරීමට හැකියාවක් ඇති බවත්, එමෙන්ම ජයන්ත කැටගොඩ මහතාගේ මන්ත‍්‍රී ධුරය අවලංගු කරන ලෙසත්, ඔහු එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ සිද්ධවෙන දේ... (නි)
භද්‍රානි කියන්නේ සුදු කොඩි කතාව නිවැරදි වැඩක් කියලද එතකොට? (නි)
මහින්ද රාජපක්ෂ විසින් ගෙනගිය පාලනයේ එක් විෂම ප්‍රතිඵලයක් තමයි කළගුණ සැළකියයුතු බව ජනතාවට අමතක කරන්න උගන්වපු එක. මෙතන අදහස් පළකළ 6 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම ෆීල්ඩ් මාර්ෂල්ට සුභ පතන අතර එක කෙනෙක් පමණක් නිවැරදි මඟින් පිටපැනීම ඇත්තෙන්ම ශෝචනීයයි. (නි)
ඔබ තුමාට දිගාසිරි.(හේ)
මුලින්ම කරන්න ඕන රට ගැන හිතන රටේ ව්‍යවස්ථාවට ගරු කරන පිරිසක් විනිසුරුවරුන් ලෙස පත් කීරීමයි. මොකද ඔය පහුගිය කාලේ රටේ කල දුෂණ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයත් දූෂණය වෙලයි තියෙන්නේ. (ස)
පත්කරන්න කලින් විනිසුරුවරයන්ගෙන් අහලා බැලුවොත් නරකද?(හේ)
නොදන්නා දේශපාලනේ කරන්න ගිහින් විහින් නහිනවා. (ර)
ඉන්දිකා කොහෙද යන්නේ.? මල්ලේ.... (ර)
එතුමා පාර්ලිමේන්තුවට තේරුනේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන්. ඒ ජනතා පරමාධිපත්‍ය ඒකාධිපති පාලන තන්ත්‍රයක් තුලින් නැති කරනු ලැබුවා. ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. එතුමා නිර්දෝසි පුද්ගලයෙක් කියලා මේ මුළු රටම දන්නවා. හොඳ අවංක නිර්භීත හදවතක් තියන එතුමාට, හිරේට නියම වෙද්දී හොර පපුවේ අමාරු නොහැදුණු බවත් අපිට මතකයි. (ර)
මොනවා කියනවාද අප්පා.? මේකත් එතුමාට ලැබෙනවා ලැබෙනවාමයි. (ර)
භද්‍රානි කියන්නේ සුදු කොඩි කතාව කියල අපේ රට පාවා දීමත් නිවැරදි වැඩක් කියලද එතකොට?(නදී)
ජාතික වීරයා හිරේ දාල ඔහුගේ සියලු වරප්‍රසාද සහ විශ්‍රාම පඩියත් උදුරාගත් පාලකයන් ළඟට ඔහුගේ මන්ත්‍රී අසුන පිනට ලැබුන ජයන්ත කැටගොඩ වහාම එම අසුන නැවත ඔහුට දිය යුතුයි (බ)