අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, එම මුදල් විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පාසලක විදුහල්පතිවරයකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
පෞද්ගලික බැංකුවක ඇති එම ගිණුමට බැර කර ඇති මුදල රුපියල් ලක්ෂ 90කට ආසන්න බවට හෙලිවී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි සඳහන් කරයි.
පාසලේ පවතින පුරප්පාඩු සඳහා දෙක ශ්‍රේණියේ සිට දහය ශේණිය දක්වා සිසුන් ඇතුළත් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් විදුහල්පතිවරයා අධ්‍යාපන ලේකම්ට යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පසුගිය අගෝස්තු 26 වැනිදා අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පති නිර්දේශ යටතේ සිසුන් 91 දෙනකු ඇතුළත් කර ගැනීම අනුමත කරන බව ලිඛිතව විදුහල්පතිට දන්වා ඇත.
දෙක ශ්‍රේණියට සිසුන් 35ක් ද, තුන ශ්‍රේණියට හතක් ද, හතර ශ්‍රේණියට හතරක් ද, හත ශ්‍රේණියට 21ක් ද, අට ශ්‍රේණියට 13ක් ද, නවය ශ්‍රේණියට හතක් සහ දහය ශ්‍රේණියට සිසුන් හතරක්ද ඇතුළත් කිරීම අධ්‍යාපන ලේකම් විසින් අනුමත කැර ඇත.
ඒ අනුව ඇතුළත් කර ගත් සිසුන් බහුතරයකගෙන් එලෙස මුදල් එකතුකර ගෙන ඇතැයි කියති. එම මුදල ලබා ගෙන ඇත්තේ පාසල් කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුම් අංකය ලබා දී එම ගිණුමට මුදල් බැර කරන ලෙස දන්වමිනි.
අධ්‍යාපන ලේකම්ගේ එම ලැයිස්තුවේ අංක 78 යටතේ සිටින සිසුවා අට බී ශ්‍රේණියට ඇතුළත් කරගෙන ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අයකර ගෙන ඇති අතර ඔහුගේ මව කටුබැද්දේ පෞද්ගලික බැංකු ශාඛාවකින් එම මුදල කණිෂ්ඨ ආදිශිෂ්‍ය අංගමයේ ගිණුමට බැර කර ඇත.
හදිසි අවශ්‍යතාවක් මත එම දරුවා වෙනත් පාසලකට ඇතුළත් කිරීමට දෙමාපියන්ට අවශ්‍ය වූයෙන් එලෙස ලබා ගත් රුපියල් ලක්ෂයක මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් දරුවාගේ මව පසුගිය සැප්තැම්බර 27 වැනිදා විදුහල්පතිට ලිඛිතව දන්වා ඇති බවත්, එම මුදල තමා සොයා ගත්තේ ඉතා අමරුවෙන් බව දන්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව එම රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් පනස් දහසක මුදලක් නැවත ලබා දීමට විදුහල්පති අනුමැතිය දී ඇත. මේ සිද්ධියත් සමග මුදල් අයකිරීම ගැන තතු හෙළි වී තිබේ.
නීත්‍යනුකූලව පිළිගන්නා ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමයක් තිබියදී කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ නීත්‍යනුකූල නොවූ ගිණුමකට මුදල් බැර කිරීම සම්බන්ධයෙන් සහ තවත් කාරණා කිහිපයකට විරෝධය පාමින් එම විදුහලේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික වරයා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
අධ්‍යාපන ලේකම්ගේ 2008/41 චක්‍රලේඛයේ දෙවැනි වගන්තිය අනුව ආදි ශිෂ්‍ය සංගමයට හෝ වෙනත් සංවිධානයකට හෝ පාසලට ඇතුළත් වෙන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය කර ගත නොහැකි බව සහ එලෙස මුදල් ලබා ගන්නේ නම් විදුහල්පතිවරුන් එයට වග කිව යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් බවත් අධ්‍යාපන අමාතයංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ ගැහැණු පාසලක අතේ සතේ නැතිව හිටි ප්‍රාථමිකේ විදුහල්පතිනියක් පහු කාලෙක අත පිරෙන්න වළලු දැම්මා.මම හොදටම දන්නවා. (නි)
අහිංසක කාර්යාල කාර්ය සේවකයින් , ග්‍රාමසේවක ,සමුර්ධි නිලධාරීන් ,රජයේ ලිපිකරුවන්,පස්සේ එලවන අල්ලස් කොමසාරිස් දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විදුහල්පති වරුන්ගේ පස්සේ එලවන්නේ නැත්තෙ!දෙමව්පියන් ගස්උඩ ,වහල උඩ නගින කන් අධ්‍යාපන ඇමැතිවරයා කට ඇරගෙන බල ඉඳීම ලැජ්ජාවට කරුණක්! (අ)
දිසාපාමොක්ලා මේ රටේ දැන් නැත්තේ මේක අබුද්ධෝත්පාදක කාලයක් නිසා වෙන්න ඇති. (නි)
ලක්සෙට ලාබයි නේ. ගාල්ලේ සමහර තැන්වල හතරකුත් ගන්නවා (නු)
රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
රට ආශ්චර්යය කරා යනකොට ඔහොම තමයි. (නි)
ගාල්ල නගරයේ තියෙන බාලිකා පාසලක තමයි දුෂිතම ක්‍රියා සිදුවන්නේ. අනේ අනිච්චං සංසාරේ..! කොච්චර කිව්වත් කව්ද හොයන්නේ කොල්ලෝ? (නි)
අද ලංකාවේ ජාතික පාසලක ළමයෙකුට උගන්වන්න ජාත්‍යන්තර පාසලක වියදමට සමාන වියදමක් දරන්න සිද්ධ වෙලා. ප්‍රයිවට් ටියුෂන්කාරයෝ අධ්‍යාපනයේ රජවෙලා. (නි)
මගෙන් ලක්ෂ 2ක් ඉල්ලුවා පාසලේ සංවර්ධනයට කියලා, පළමු පන්තියට දාන්න. (නි)
මේ ගැන නම් කියල වැඩක් නැහැ මොරටුවේ ඉඳල ගල්කිස්ස පාසලකට මාරු වෙච්ච විදුහල්පති තුමෙකුත් ඉන්නවා ඔය වගේ සල්ලි ගරා කන මිනිහව අහුවෙලා අන්තිමේට මිනිහට බ්යි පාස් එකකුත් කරාලු එකෙන් දැන් ඒ විදුහල්පති තුමා ගහපු සල්ලි වලින් තමි බයිපාස් එකත් කරගෙන තියෙන්නේ මොන පරීක්ෂණ කරත් තාමත් නිදහසේ ගරානා පාර මේ විදුහල්පති තුමා කරගෙන යනවා. පාසලේ ආදී ශිෂ්යෙකුගේ පුතෙක් දාගන්න ගිහිල්ලත් සල්ලි ඉල්ලලා තියෙනවා.(නදී)
අද විදුහල්පතිකම කියන්නේ ඇමතිකම් කැලේ. සිතූ පැතු සම්පත් දෙන කප්රුකක් (නි)
සල්ලි ගන්න එක සාදාරන නැහැ . නමුත් සමහර පාසල්වල මාසෙක ලයිට් බිල සහ විවිද ක්‍රීඩා ඇතුළු දේවල් වල වියදම ලක්ෂ ගණනක් වෙනවා. ඒවා දෙන්නා කව්ද? එහෙම නම් ඒවා නවත්තන්න වෙනවා. එහෙම නතර කලොත් එකට මොකද කියන්නේ? ලොකු ගැටලුවක්!(නදී)
අපෝ ලක්ෂ 90 ද අරගෙන තියෙන්නෙ? අපේ ගමේ නම් ඕවා සාමන්‍ය දේවල්. දන්නවනෙ ඉතාලියට වැඩියෙන්ම එන ගම මොකක්ද කියලා (නි)
අද කාලේ රජයේ ඉස්කෝල වලට වඩා හොදය පෞද්ගලික ඉස්කෝල (නි)
මේ කතාව ඇත්ත නම් කසෙන් ගහන්න තියෙන්නේ ගම වටේ එලව එලවා. එහෙම නැත්නම් මේ නඩුව අහන්න දෙන්න තියෙන්නේ බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර එල්ලුම් ගස් යවපු නඩුකාර හාමුදුරුවන්ට! (නි)
ආශ්චර්යය දොරේ ගලනවා හෝ ගාලා... (නි)
විදුහල්පතිලා ඔහොම නම් රටක් හදන්නේ කොහොමද? රැකියාවෙන් පන්නලා දාන්න ඕනෑ. (නි)