ඉරානයේ ටෙහෙරාන් නුවර ජාත්‍යන්තර ඇරබියා 2012 ළමා චිත‍්‍රපට උළෙළේ ජූරි සභිකයින් ලෙස සහාභාගීවීමට ශාරන්‍යා ජයකොඩි සහ ස්ටීවන් ෆර්ඩිනන්ඩස් ටෙහෙරන් බලා ගියහ.
මොවුන් දෙදෙනා කොළඹ ලයිසියමි ජාත්‍යන්තර පාසැලේ 7 සහ 8 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන ළමා නළු වෝය. ශාරන්‍යා ජයකොඩි, එඩිවඩි ජයකොඩි සහ චරිතා ප‍්‍රියදර්ශනී ගේ දියනියයි.
ශාරන්‍යා සෝමරත්න දිසානායකගේ සිරි රජසිරි චිත‍්‍රපටියේ ප‍්‍රධාන ළමා නිලිය ලෙසද, උදයකාන්ත වර්ණකුලසූරියගේ සිරිපොද වැස්ස චිත‍්‍රපටිය, නාලන් මෙන්ඩිස්ගේ සූරිය දරුවෝ, ඉසුරු සංග‍්‍රාමය යන ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වී ඇති අතර ‘අපේ කාලයේ පුංචි භූතයා‘ චිත‍්‍රපටියේ ගීත ගායනයෙන් දායක වී ඇත.
ඇය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති සුබර් කෙටි නාට්‍ය උළෙලේ හොඳම ළමා නිලියට හිමි සමිමානයද හිමිකරගෙන ඇත.
ස්ටීවන් කොළඹ ලැයිසියමි විදුහලේ කළා කටයුතු සහ චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හැසුරවන ළමා නළුවෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාව තියේනම් දක්ෂකම තියේනම් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි , දරුවන්ට ජයම වේවා (ස)
ලෝකයම අන්තවාදී ඉරානය වර්ජනය කරද්දී අපි විතරක් එයාලා එක්ක හාදකම් පවත්වනවා. ඉතින් අපිටත් වදින දවස් ඈතක නැහැ. (නි)
සිංහල විතරක් මදි දක්ෂයෙක් වෙන්න. (නි)
සිංහල භාෂාවෙන් ජාත්‍යන්තර දක්ෂයෙක් වෙන්න හරිම අමාරුයි. (නි)
ගමේ පාසැල්වලත් චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හසුරවන ළමයින් ඉන්නවා. නමුත් "වාසනාව"නැහැ. (නි)
චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හැසුරවන ළමා නළුවෙකි (නු)
මම ඔබලාගේ අනාගතයට සුභ පතමි.. ඇත්තටම මේක ඉතාම වටිනා අවස්ථාවක් ඔබට සහ රටට.. සෑම විටම ඔබට හරි දෙය කරන්න.. (නු)
කෝ අද මධු??(නු)
හිතේ තියෙන කුහකකම් ඉවත් කරලා මුළු හදවතින්ම සුභපතන්න ලක් දරුවන්ට.. ඔබ සැමට ජය..!(නු)
ඉංග්රීසි නොදැන කොහොමද ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ විනිසුරුවරයින් වෙන්නේ..ඒකයි මේ ළමයින්ව යවන්න් ධක්ෂතාවයත් එක්ක.. මේක සල්ලි නිසා නෙමෙයි..!(නු)
දරැවන් දෙදෙනාගේ පෞද්ගලිකත්වය නොව ඔවුන් ලක් මවගේ දරැවන් බව සිතා ඔවුන්ගේ දක්ෂතාවයන්ට සුභ පතමු.(නු)
ශාන්......දෙදෙනා කොළඹ ලයිසියම්....(ස)
" දක්ෂයන් අගය කරමු. දුෂ්ටයන් විවේචනය කරමු " මේ දරුවන් දක්ෂයන් නිසා අගය කරමු (ස)
මේවා හැකියාවකට වඩා වාසනාව , ඔබ දෙදෙනාට සුබ පතනවා දරුවනේ .(ස)
මේ වගේ කුඩා දරුවන් දෙදෙනෙකු තනියම යවන එක සුදුසුද? (නි)
දුවට සුභ අනාගතයක්. (නි)
ඕක තමයි අපේ රටේ සෞභාග්‍ය , යමක් කමක් කරගතහැකි පවුල්වල දරුවෝ , ඔහේ ගියාවේ (ස)
ශාන් සල්ලිකාරයෝ ගැන දුක් නොවී සල්ලි කාරයෙක් වෙන්න උත්සාහ කරන්න (ස)
ඔව් ඉතින් ඕවට යවන්නේ සල්ලිකාරයින්ගේ ළමයිනේ (ස)
දුවේ පුතේ සුබ අනාගතයක් (ස)
සුබ ගමන්, ලැබෙන අවස්ථ හොඳින් ප්‍රයෝජනයට ගන්න (ස)
දෙදෙනාටම සුබ අනාගතයක් (ස)
මගෙන් උණුසුම් සුභ පැතුම්..(නු)
ඔබ දෙපලටම සූභ පතනවා.....!! (නු)
සුභ අනාගතයක් සාරන්‍යා දුවේ.. දෙමව්පියන් වගේ නිරහංකාරව ඉදිරියටම යන්න..!(නු)
ඔබ දෙදෙනාටම අපෙන් සුභ පැතුම්.. (නු)
දැං යන්න තියෙන්නේ මැද පෙරදිග රටවලට පමණයි.. බටහිර රටවලටය න්න බැහැනේ..!(නු)