IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ළමා නළුවෝ ටෙහෙරාන් ළමා ජූරියකට යති

ඉරානයේ ටෙහෙරාන් නුවර  ජාත්‍යන්තර ඇරබියා 2012 ළමා චිත‍්‍රපට උළෙළේ    ජූරි සභිකයින් ලෙස සහාභාගීවීමට  ශාරන්‍යා ජයකොඩි සහ ස්ටීවන් ෆර්ඩිනන්ඩස් ටෙහෙරන් බලා ගියහ. මොවුන් දෙදෙනා කොළඹ ලයිසියමි ජාත්‍යන්තර පාසැලේ 7 සහ 8 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන ළමා නළු වෝය.  ශාරන්‍යා ජයකොඩි, එඩිවඩි ජයකොඩි සහ  චරිතා ප‍්‍රියදර්ශනී  ගේ දියනියයි. ශාරන්‍යා සෝමරත්න දිසානායකගේ සිරි රජසිරි චිත‍්‍රපටියේ ප‍්‍රධාන ළමා නිලිය ලෙසද, උදයකාන්ත වර්ණකුලසූරියගේ සිරිපොද වැස්ස චිත‍්‍රපටිය, නාලන් මෙන්ඩිස්ගේ සූරිය දරුවෝ, ඉසුරු සංග‍්‍රාමය යන ටෙලි නාට්‍ය වලට රංගනයෙන් දායක වී ඇති අතර ‘අපේ කාලයේ පුංචි භූතයා‘ චිත‍්‍රපටියේ ගීත ගායනයෙන් දායක වී ඇත. ඇය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති සුබර් කෙටි නාට්‍ය උළෙලේ හොඳම ළමා නිලියට හිමි සමිමානයද හිමිකරගෙන ඇත. ස්ටීවන් කොළඹ ලැයිසියමි විදුහලේ කළා කටයුතු සහ චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හැසුරවන ළමා නළුවෙකි.



අදහස් (0)

ළමා නළුවෝ ටෙහෙරාන් ළමා ජූරියකට යති

ශාන් Saturday, 06 October 2012 10:29 AM

ඔව් ඉතින් ඕවට යවන්නේ සල්ලිකාරයින්ගේ ළමයිනේ (ස)

:       0       0

නිරාන් Saturday, 06 October 2012 10:42 AM

ශාන් සල්ලිකාරයෝ ගැන දුක් නොවී සල්ලි කාරයෙක් වෙන්න උත්සාහ කරන්න (ස)

:       0       0

දයා, සෞදියේ සිට Saturday, 06 October 2012 10:58 AM

ඕක තමයි අපේ රටේ සෞභාග්‍ය , යමක් කමක් කරගතහැකි පවුල්වල දරුවෝ , ඔහේ ගියාවේ (ස)

:       0       0

නිරාන් Saturday, 06 October 2012 11:05 AM

දුවට සුභ අනාගතයක්. (නි)

:       0       0

ප්‍රසංගිකා Saturday, 06 October 2012 10:31 PM

මම ඔබලාගේ අනාගතයට සුභ පතමි.. ඇත්තටම මේක ඉතාම වටිනා අවස්ථාවක් ඔබට සහ රටට.. සෑම විටම ඔබට හරි දෙය කරන්න.. (නු)

:       0       0

සිරිමල් Friday, 05 October 2012 07:18 PM

මේ වගේ කුඩා දරුවන් දෙදෙනෙකු තනියම යවන එක සුදුසුද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 October 2012 12:05 PM

වාසනාව තියේනම් දක්ෂකම තියේනම් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි , දරුවන්ට ජයම වේවා (ස)

:       0       0

සෑම් Sunday, 07 October 2012 12:05 AM

චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හැසුරවන ළමා නළුවෙකි (නු)

:       0       0

රාජා Friday, 05 October 2012 08:10 PM

දැං යන්න තියෙන්නේ මැද පෙරදිග රටවලට පමණයි.. බටහිර රටවලටය න්න බැහැනේ..!(නු)

:       0       0

ජානක Friday, 05 October 2012 08:17 PM

ඔබ දෙදෙනාටම අපෙන් සුභ පැතුම්.. (නු)

:       0       0

ලලිත් Saturday, 06 October 2012 12:58 PM

මේවා හැකියාවකට වඩා වාසනාව , ඔබ දෙදෙනාට සුබ පතනවා දරුවනේ .(ස)

:       0       0

චන්ද්‍ර Sunday, 07 October 2012 09:30 AM

ගමේ පාසැල්වලත් චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හසුරවන ළමයින් ඉන්නවා. නමුත් "වාසනාව"නැහැ. (නි)

:       0       0

ශ්‍රියා Sunday, 07 October 2012 10:32 AM

සිංහල භාෂාවෙන් ජාත්‍යන්තර දක්ෂයෙක් වෙන්න හරිම අමාරුයි. (නි)

:       0       0

ශ්‍රියා Sunday, 07 October 2012 10:48 AM

සිංහල විතරක් මදි දක්ෂයෙක් වෙන්න. (නි)

:       0       0

වාසල Saturday, 06 October 2012 01:50 PM

" දක්ෂයන් අගය කරමු. දුෂ්ටයන් විවේචනය කරමු " මේ දරුවන් දක්ෂයන් නිසා අගය කරමු (ස)

:       0       0

සේනානායක Friday, 05 October 2012 11:57 PM

සුභ අනාගතයක් සාරන්‍යා දුවේ.. දෙමව්පියන් වගේ නිරහංකාරව ඉදිරියටම යන්න..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 06 October 2012 02:05 AM

ඔබ දෙපලටම සූභ පතනවා.....!! (නු)

:       0       0

ශිවන්ත Saturday, 06 October 2012 02:15 AM

මගෙන් උණුසුම් සුභ පැතුම්..(නු)

:       0       0

චතූ Saturday, 06 October 2012 03:22 PM

ශාන්......දෙදෙනා කොළඹ ලයිසියම්....(ස)

:       0       0

චාමර Sunday, 07 October 2012 12:26 PM

ලෝකයම අන්තවාදී ඉරානය වර්ජනය කරද්දී අපි විතරක් එයාලා එක්ක හාදකම් පවත්වනවා. ඉතින් අපිටත් වදින දවස් ඈතක නැහැ. (නි)

:       0       0

චාන්දනි Saturday, 06 October 2012 05:48 PM

දරැවන් දෙදෙනාගේ පෞද්ගලිකත්වය නොව ඔවුන් ලක් මවගේ දරැවන් බව සිතා ඔවුන්ගේ දක්ෂතාවයන්ට සුභ පතමු.(නු)

:       0       0

ජායා Saturday, 06 October 2012 07:19 PM

ඉංග්‍රීසි නොදැන කොහොමද ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ විනිසුරුවරයින් වෙන්නේ..ඒකයි මේ ළමයින්ව යවන්න් ධක්ෂතාවයත් එක්ක.. මේක සල්ලි නිසා නෙමෙයි..!(නු)

:       0       0

සරත් Saturday, 06 October 2012 09:23 AM

දෙදෙනාටම සුබ අනාගතයක් (ස)

:       0       0

දුමින්ද Saturday, 06 October 2012 09:44 AM

සුබ ගමන්, ලැබෙන අවස්ථ හොඳින් ප්‍රයෝජනයට ගන්න (ස)

:       0       0

චමිල ප්‍රනාන්දු Saturday, 06 October 2012 07:55 PM

හිතේ තියෙන කුහකකම් ඉවත් කරලා මුළු හදවතින්ම සුභපතන්න ලක් දරුවන්ට.. ඔබ සැමට ජය..!(නු)

:       0       0

සේනාරත්න Saturday, 06 October 2012 09:52 AM

දුවේ පුතේ සුබ අනාගතයක් (ස)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 06 October 2012 08:30 PM

කෝ අද මධු??(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site