(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙතෙක් කල් විශාල අඩුපාඩුවක්ව පැවැති ජාතික දත්ත පදනමක් සකස් කිරීමට කටයුතු කරන බව එහි නව සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.
මෙම දත්ත පදනම සැකැසීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසල සමඟ සාකච්ඡා කළ බවත් මේ වනවිට එහි මූලික සැලැසුම් සකස් කරමින් පවතින බවත් සභාපතිවරයා කීය.
ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික දත්ත පදනමක් සැකැසීම හා එය පවත්වාගෙන යෑම 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින් පැවැරුණු ප්‍රධාන කාර්යයක් වුව ද මෙතෙක් කල් එය සකස් කර නොතිබිණි.
මේ නිසා මෙතෙක් කලක් ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික දත්ත ඒකරාශි කිරීමේ දී ප්‍රධාන මූලාශ්‍රය ලෙස සැලකුණේ පොලිස් දෙපාර්තමේන්තුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවැරදි දැක්මක් ඇතිව කටයුතු කරන බවට පෙර නිමිති පෙන්වයි. නව සභාපති අබේරත්න මැතිතුමනි ඔබට අපගේ සුභ පැතුම්!
එය ඉතා වැදගත් සහ ප්රගතිශීලි පියවරක්. එම දත්ත පදනමෙන් ළමා අපචාර සඳහා සම්බන්ධ ය පිලිඔඳ නාම ලේඛනයක් සහ ඔවුන් ගැන විස්තර,ඡායාරුප , ඒ අය ගැවසෙන සහ ක්‍රියාකරන ස්ථාන පිළබදව නීති අංශ දැනුවත් කිරීමේ අංශයක්ද ඇතුලත් කරන්නේ නම් හොඳයි.
ළමා ආරක්ෂාව වෙනුවෙන් තව තවත් පහසුකම් සැපයිය යුතුයි. අප මිය පරලොව ගියවිට රට ජාතිය ආගම බාර වනුයේ වර්තමාන ළමා පරපුරටය. ඔවුන් නිසි පරිදි රැක ගැනීම සහ ආරක්ෂා කිරීම අපගේ වගකීම හා යුතුකම වන්නේය.