
(චමිලා අල්විස්)
හොරණ පොකුණුවිට සිරිමෙවන්ගම ප්‍රදේශයේ නිවසක් හදිසි ගින්නකින් මුළුමනින්ම පාහේ ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
ගින්නෙන් නිවසේ තිබූ සෝෆා, ශීතකරණ, විදුලි පංකා, පරිගණක ඇතුළු වටිනා භාණ්ඩ රැසකටද හානි සිදුවී ඇති අතර, නිවසේ බිමට යොදා තිබූ කාපට්ද ගිනිගෙන විනාශ වී තිබේ.
රාත්‍රී 8.30ට පමණ ගින්න හටගෙන ඇති අතර, එම අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැති බව පොලිසිය සඳහන් කරයි.
ගින්නට ලක්වූ නිවසේ පදිංචිකරු ආරක්ෂක බලකා කඳවුරක සංස්කෘතික කණ්ඩායමේ රාජකාරි කරන අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ සාලයේ පහනක් දල්වා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd