
(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ ත්‍රීරෝද රථ අලෙවි කරන ස්ථානයක එන්ජිමේ අංකය ව්‍යාජ ලෙස කොටා අලෙවි කිරිමට තිබූ ත්‍රීරෝද රථ තුනක් අත්අඩංගුවට ගත් එම වෙළෙඳහලේ හිමිකරු ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කළේය.
සැකකරු හැටන් ප්‍රදේශයේම පුද්ගලයකුට රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් රැගෙන ඉතිරි මුදල පෞද්ගලික මූල්‍ය සමාගමක් හරහා ලබා ගැනීමේ ගිවිසුමක් අත්සන් කර ත්‍රීරෝද රථය මුදාහැර තිබියදී ත්‍රීරෝද රථය මිලදී ගත් අයට සැක සිති ත්‍රීරෝද රථය පරික්ෂා කිරිමේදි එහි එන්ජිමේ අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවට තහවුරු වූ නිසා එම ත්‍රීරෝද රථය මිලදිගත් පුද්ගලයා විසින් එම ත්‍රීරෝද රථය නැවත රැගෙන ගොස් ඒ පිලිබදව ත්‍රීරෝද රථ අලෙවි කළ පුද්ගලයාට භාර දීමේදි එය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරිම නිසා ත්‍රීරෝද රථය මිලදී ගත් පුද්ගලයා විසින් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය වෙත කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළදාරින් සිදු කළ වැඩි දුර විමර්ෂණයකදී සැකකරු විසින් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ එවැනිම ආකාරයේ ත්‍රීරෝද රථ දෙකක් සිය භාරයට ගත් බව අධිකරණයේදී කියැවිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd