(සුජිත් හේවාජුලිගේ)
සියලුම මාර්ගයන්හි මගී දුම්රියන් අරක් ගෙන සිටින යාචකයන් සහ විවිධ වෙළඳුන් හේතුවෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වෙති.
දුම්රිය මැදිරිවල වෙළඳාම් කිරීම සහ සිගමන් යැදීම තහනම් නමුත් මේ කටයුතු නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාල අංශ සක්රීය ලෙස ක්රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට නැතැයි මගීහු චෝදනා කරති.
විශේෂයෙන් උදය වරුවේ තදබදය පවතින අවස්ථාවල කාර්යාල දුම්රියවලට යාචකයන් නැගීමෙන් මගීහු දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙති.
සිඟමන් යැදීමට විරෝධය පාන මගීන්ට යාචකයන් බැන වදින අවස්ථාද බොහෝ අවස්ථාවල දක්නට ඇත.
දුම්රියන්හි මගීන්ට හිරිහැර ලෙස හැසිරෙන යාචකයන් සහ වෙළඳුන් ඉවත්කිරීමට අවශ්ය ක්රියාමාර්ග වහා ගන්නා ලෙස මගීහු ප්රවාහන අමාත්යවරයාගෙන් ඉල්ලීමක් කරති.
බොහෝ හිඟන්නන් මෙන්ම වෙළෙන්දන් දැඩි ලෙස අපිරිසිදුව සිටිම නිසා කාර්යාල මෙන්ම වෙනත් අවශ්යතා සඳහා යන මගීහු දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd