(රංජිත් රාජපක්ෂ)

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ පස්වරුවේ  සිට එක් මන්තීරුවකට සීමා කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

හැටන් ප්‍රදේශයට (04) දින දවස පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්ද කඩා වැටී ඇති බවත්, පස් කන්ද කඩ වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇති බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ කියා සිටියේය.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු සිදු කරන බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පැවසීය.