ශ්රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමේ හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහාය පතන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය. මෙවැනි අසැබි වෙබ් අඩවි කිහිපයක් තහනම් කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම දන්වා ඇතැයි එතෙර සිට කි‍්‍රයාත්මක වන මේ වෙබ් අඩවි ගැන තවත් තොරතුරු ගැනීම අපහසු බව එම කොමිසම කියා ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ලමයගේ අදහසට මාත් එකගඊ
ප්‍රොක්සිවලින් ඕවට යන්න පුළුවන් කියල දන්නෙ නැති අයත් ඉන්නවද?
ඒක හෙද වැඩක්
හෙළුවැලි වෙබ් අඩවි මම දැක තිබෙනවා. තාම හැළුවැලි වෙබ් පෙන්වනව මගෙ යාළුවෙක්. එයා ලංකාවෙ මිතුරේ එවලා තියනවා.. සොයා බලන්න....
තහනම් කරන එක හොදයි. ඊට කලින් ලංකාවේ ඇතුලේ වෙන අපචාර, ස්ත්‍රී දූෂණ නවත්වන වැඩේ කෙරුවොත් නේද වැඩියෙන් හොද? මේවයෙ පෙනී සිටින්නේ තමන්ගෙ කැමැත්තෙන්නේ...
කීයක් කියල බ්ලොක් කරන්නද ලොකේ ඔවගේ ඒව කොච්චර තියෙනවද? බොරු වැඩ
ලංකාවේ මේ වීඩියෝ ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ චයිනීස් ෆෝන් ආවට පස්සේ දැන් වෙන්න ඕන දෙවල් වෙලා ඉවරයි. අතීතය හරි ගස්සගන්න බැරි වුණත්, අපි වර්තමානය හරි ගස්සගත්තොත් ලස්සන අනාගතයක් තියෙයි. ඒක අපිට කරන්න පුලුවන්.
අසභ්‍ය වෙබ් අඩවි වේවා, මඩ ගහන වෙබ් අඩවි වේවා, කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කිරීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත. එවැනි කටයුතු කිරීමට මිනිසුන් පෙළඹෙන හේතු සොයා ඊට ප්‍රතිකර්ම යෙදිය යුතුය. දැනටත් බ්ලොක් කර තිබෙන සියලු දේශපාලන වෙබ් අඩවි අපි දිනපතා කිසිදු අපහසුවකින් තොරව බලනවා.
මේකට හොද සිංහල කියමනක් තියෙනවා. හරියට "අතීසාරයට අමුඩ ගහනවා"
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කියන්නෙ SLIIT එක නේද ? මේක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය ආයතනය(ICTA) වෙන්න ඕන.
ඕවා නවත්වන්න පුලුවන්ද?
හංගන්න හංගන්න තමයි වැඩිපුර බලන්නේ...
ඉස්සෙල්ලාම පේස්බුක් එක වහන්න වෙයි නේද?
අතීසාරයට අමුඩය ගහනවා වගේ වැඩක්...බොරු වැඩ කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කිරීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත.
මේ දේ හොදයි. ඒත් පේස්බුක් වලින් අහක් වෙන්නෙ යාළුවන් අඩුකර ගැනීමක්.
කාටද මේ ගොන් අදහස ආවේ. ලිංගිකත්ව මිනිසාගේ මුලික අවශ්‍යතාවයක්. දැනට හරි ලංකවේ හරි වැඩ පිළිවෙළක් සකස් වෙනවනම් ඔවා වහන්න ඔන නැ. ඉබේම වැහෙයි. එහෙම නැතිව වහන්න ගියොත් නැති ඒවා ඇරෙයි. යාලුවෝ කිව්වා වගේ අතිසාරයට අමුඩ ගහන වැඩක් තමා මේක. විධිමත් අධ්‍යාපනයක් සකස් කරන්න. ඒවාට මොලයක් නැත්නම් මේ අයටත් වෙන්නේ දවසක ඔය වගේ වෙබ් එකක පෙනී ඉන්න තමයි.