ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් ආයුර්වේද ශාකසාර නිෂ්පාදන 10 ක් වෙළඳපොළට හඳුන්වා දුන්නේය. සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආරාධිතයා විය.
නිල්මා තෛලය,මධුකා කැස්ස පැණිය, ධාරණි,ප්‍රාණජිව තෛලය,මේඳ හරණි ක්වාථය,සංස්ථා කෝමාරිකා ෂැම්පු,වෙනිවැල් බොඩි වොෂ්, ජිවනාලේප බාම් මෙම ඖෂධීය ආයුර්වේද නිෂ්පාදන වේ.
නවීන වෙළඳපලට ගැළපෙන අයුරින් ඇසුරුම් කර ඇති මෙම නිෂ්පාදන දිවයිනේ විවිධ ස්ථානවල ඇති ආයුර්වේද ඖෂධ සංස්ථා අලෙවිසැල්වලින්, කාගිල්ස් හා ලක් සතොස අලෙවිසැල්වලින් මිළ දී ගත හැකි බව ශ්රීා ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔසුවල ගණන් එහෙම කොහොමද?(හේ)
බෙහෙත් වර්ග දහයෙන් එකකවත් පොටෝ එකක් දැම්ම නම් අපට කඩේකට ගිහාම මතක්වෙන්න? (කේ)
අනේ අපටත් අපනයනය කරන්න .(ම)
අවංක චේතනාවෙන් කරනවා නම් බොහොම හොඳ වැඩ. නාට්‍යානුසාරයෙන් පෙන්වපු නිසා වැඩේ ටිකක් බාල වුනා කියලයි අපට හිතෙන්නේ. මොකද මාධ්‍ය සංදර්ශනයෙන් තොර දේශපාලනයක් ලංකාවේ නැති නිසා. (බ)
බෙහෙත් නෑනේ කෙල්ලො විතරයි, නාඩගම් (බ)
අනේ මටනම් මේ ඇමතිව අප්‍රසන්න පුද්ගලයෙක් . තමන්ගේ ලමයව හදාගන්න බැරුව රට හදන්න එනවා (බ)