තම පාලන සමයේ සෞඛ්‍ය සේවයට බදු පනවා නොතිබූ බවත් දැනට ජනතාවගේ ඔලුවේ කැක්කුමට පවා රජය බදු පනවා ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගල්කිරියාගම බුදුගේ හින්න පුංචි දඹුල්ල රජමහා විහාරයේ නව සංඝාවාසය හා දානශාලාව විවෘත කිරීමට එක්වෙමින් පැවසිය .
එක්සේසත් කල රට කැලි කැලි වලට කඩා දැමීමට යන බවද සිංහ කොඩියේ සිංහයා ඉවත් කරන්න යන බවත් බුදුදහමට ඇති වරප්ප්‍රසාද අහිමි කරන්න යන බවද කිවේය ,ජනතාව අවදියෙන් සිටියයුතු යුගයත් මෙය බවද ඹහු වැඩිදුරටත් පැවසීය .
මේ අවස්ථාවට විශාල ජනතාවක් එක්ව සිටියහ




COMMENTS
දැන් විහිලු කතා කියවනවා, වයසට ගිහිල්ලනේ ගොඩක් (නි)
මොනවද කියන්නේ? මෙයාලගේ කාලේ මිනිස්සු කාලා බීලා සල්ලි වැඩිවෙලා ඉඩකඩමුත් ගත්තානේ (නි)
අනේ ඔයාගේ නිරුවත වහගන්න ඔහොම දේවල් කළාට වැඩක් නැහැ. මෙයාලගේ කාලේ කරපුවා අපිට අමතක නැහැ තාම. (නි)
ඔවු ඉතින්, මහින්දගේ පුතාලගේ අනෙක් කැක්කුම් අරගන්නත් ජනතාවටමනේ සිද්ධවුණේ. (නි)
මේ යුගයේ ජනතාව අවධියෙන් සිටින්නේ දුෂිතයන් හිර ගෙදර යවන තුරුය. ත්‍රිවිධ හමුදාව ජිවිත පරිත්‍යාගයෙන් එක් සේසත් කළ රට කිසිවකු විසින් මංකොල්ල කෑමත් රට කැබලි කිරීම හා සමානව නින්දිතය. (ම)
රජටර ගොවියා ට සහන රැසක් දී ඔවුන්ගේ ජනජීවිතය නැංවූ ඒ උතුම් මිනිසුන් වෙනුවෙන් කාලගුණ දැක්වීමට මෙන්ම තමන්ගේ ගොවිතැන් නිසිලෙස කරගත නොහැකි පසුතැවෙන පොහොර සහනාධාරය නැතිව ,දුක්විදින අපේ වැඩිහිටියන්ට සහ කුසගින්නේ පාසල් යන දරුවන්ට උරුම වූ දේ ගැන කියන්නයි අපි එතනට ගියේ. මහත්වරුනේ. (ම)
දැන්නම් හොඳටම මුල අමතකවෙලා (නි)
කොයි ආණ්ඩුවත් ජනතාවට මහා හිසේ කැක්කුමක්නේ. (නි)
අනේ ඉතින් ඒ කාලේ ගැනත් මොන කතාද? (නි)
සමහරුන්ට නොතේරුනාට සමහර විශ්‍රාමිකයන්ට වාහන, ආරක්ෂාව සඳහා තමයි මේ බදු ගහන්නේ (නි)