IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


‘හිස් ඔළු දහස් ගනනක් තියෙනවට වඩා

ගම්පහ - වේයන්ගොඩදී පැවැති ජාතික සාහිත්‍ය හා කලා ප‍්‍රසාදිනී උළෙලේදී තමන්ට මහත් අසාධාරණයක් සිදු වූ බව අගනුවර තරුණ කවි සමාජයේ කවි කිවිඳියෝ ප‍්‍රකාශ කරති. මෙම සාහිත්‍ය උළෙලේදී ”කවි මඩුව” පැවැත්වීමට නියමිතව තිබුණේ 30 වැනි ඉරිදා පස්වරු 4.30 සිට 6.30 දක්වා කාලයයි. ඒ බව දන්වා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  (ප‍්‍රවර්ධන)  එච්.ඞී.එස්. මල්කාන්ති මහත්මියගේ අත්සනින් යුතුව අගනුවර තරුණ කවි සමාජයේ ප‍්‍රධාන සංවිධායක සේන ගණේවත්ත මහතාට ලිපියක් ද යවා ඇත. නමුත් පසුව අමාත්‍යාංශය මගින් දන්වා ඇත්තේ කවි මඩුව අවලංගු කළ බවයි. ඒ බව දන්වා ඇත්තේ පැය කීපයකට කලිනි. මේ ක‍්‍රියාවට කවීන් දැඩි විරෝධය එල්ල කිරීම නිසා එදිනම පෙරවරු 10ට කවි මඩුව පවත්වන ලෙස සංස්කෘතික අමාත්‍යාංශය මගින් දන්වා තිබේ. ඒ අනුව එම වේලාවට කවි මඩුව පැවැතිණි. දිවයිනේ නන් දෙසින් ප‍්‍රකට කවි කිවිඳියන් 12 දෙනකු සහභාගි වූ නමුත් අසන්නන් සිටියේ දස දෙනෙකි.  

ගුණවංශ අල්ගම කවියා

කවි කිවිඳියන් එක් රොක් විය සතර           අතින් කවි කිව නොහැක අතලොස්සක් සිටිය      හොතින් නැත දස දෙනෙකු කවි ඇසුමට බැලූව        නෙතින් අත්පුඩි අපිම ගහ ගන්න ද අපගෙ             අතින්  

සේන ඇතුගල්පුර කවියා

හෝරා දෙකක් ගත විය මගහැරුණි    විඩා නැතුවට අසන්නන් ඒ ගැන මොට ද    හඬා හිස් ඔළු දහස් ගනනක් තියෙනවට    වඩා අපි ගරු කරමු මේවැනි පිරිසකට    කුඩා  

මේධා රත්නායක මෙනවිය

ලෝවැඩ සඟරාව, ගුත්තිල    සුභාෂිත පාසල් ගිය ළමෝ එදවස කියව    ඇත අද ඒ වගේ පොත් පරිශීලනය    නැත සෝදාපාළු වී ඇත කවි කලා    කෙත  

වරපලාන ජයවර්ධන කවියා

මතකයි තිහාරිය මහකවි ගුණ    මදර අපි කවි කියා නැත පෝෂණයට     උදර කවියන් සමග කරමින් හුරු    පිළිසඳර මට ජය බිමකි කවදත්     පත්තලගෙදර මෙම කවි මඩුවේ මුලසුන හෙබවූයේ සේන ගණේවත්ත කවියායි. ඔහුගෙන් කළ විමසීමකදී කියා සිටියේ කවි කලාවට එල්ල වන කුඩම්මාගේ සැළකිල්ල එන්න එන්නම දරුණු වන බවයි. ”ජාතියේ අවාසනාවට කවිය අහන්න කෙනෙක් නැහැ. අපේ කවිය පිළිගන්නේ නැහැ. හැම කලාවකටම අනු මණ්ඩල තිබුණත් කවියට අනු මණ්ඩලයක් නැහැ. සාහිත්‍ය උළෙලේ පවත්වන්නට තිබුණු කවි මඩුව අවලංගු කළා කියා පැය කීපයකට පෙර කියනවා, ඊට වඩා හොඳයි අපට වහ කුප්පියක් දුන්නා නම්. අපි කවිය හුරු වුණේ අම්මගේ කුසේ ඉන්න කාලෙ ඉඳලා. අම්ම අපට කිරි පෙව්වේ කවි කියමින්. කවිය අමතක කිරීම මොන තරම් අසාධාරණ දැයි ඔහු ප‍්‍රශ්න කළේය. රට වටින් කවියන් 12ක් පැමිණ සිටිය ද කවි අහන්නට සිටියේ 10 දෙනකු පමණි. සේන ගණේවත්ත කවියා කවි මඩුව අවසන් කළේ මෙසේය.   කිවිවරු එකතු වුණු තැන රස    අවුස්සතී හිනැහෙන්නට පුරුදු නැති අය    හිනස්සතී හිස් මුදුනට පැමිණ සිටියි    දහස්පතී ඉවරයි කවි මඩුව නාඬන්    සරස්වතී



අදහස් (0)

‘හිස් ඔළු දහස් ගනනක් තියෙනවට වඩා

අමිල කටුනායක Monday, 01 October 2012 01:27 PM

වෙන අයටනම් සද්දේ දානවා , ඇයි මේවට ඔච්චර නිදහස (ස)

:       0       0

සමන් Monday, 01 October 2012 09:02 PM

අපේ අද සමාජයේ මොළ ආයෙත් හදන්න බැහැ (නි)

:       0       0

වසන්ත Monday, 01 October 2012 09:58 PM

නුඹ නාඩන් සරස්වතී... (නි)

:       0       0

ජයී තිසර Monday, 01 October 2012 11:53 PM

හිටිවන කවි කියා හැම දෙන පිනවන්න කරදර විඳ දරා ඉදිරියටම යන්න කවි කිවිඳියන් ගරු කරමින් අගයන්න හද පත්ලෙන්ම නැගි ස්තූතිය මෙන්න... (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 02:42 PM

කවි කලාව රකින්න උත්සාහ කරන කවියන්ට අපගේ ප්‍රණාමය (ස)

:       0       0

හේමන්ත Tuesday, 02 October 2012 02:17 AM

ඓයෝ සල්ලි

:       0       0

කිත්සිරි Tuesday, 02 October 2012 08:32 AM

දුකයි... නව රැල්ලට නේ අද වැඩිදෙනක් කැමති...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 299 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 783 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site