හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සති අන්තය යටතේ අද (22) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ලකුණු 22-20 ක් ලෙස ප‍්‍රබල නාවික හමුදා පිල පරාජය කරමින් අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදා පිල ලකුණු 20-0 ක් ලෙස පෙරමුණේ පසු වුවද හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණීමට සමත් වූහ.