හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතැබීමෙන් එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියගිය බව රෝහල් ආරංචි කියයි. කතුන් ඇතුළු පන්දාහක් දෙනා ලාම්පුතෙල් හා ඞීසල් සහනාධාර ඉල්ලමින් පෙළපාළි පවත්වද්දී පොලිස් අධිකාරි කාර්යාලය අසලදී වෙඩිතැබූ බව ධීවරයෝ කියති. සිවු වරක් පමණ කඳුළු ගෑස් ගැසූ බවද ඔවුහු පවසති. පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාව එක් පසෙකද, පෙළපාළිකරුවන් තවත් පසෙකද සිටින අතර ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ක්ලෝඞ් හයසින්ත් පියතුමා හා තවත් පියතුමන්ලා මැදට වී ගැටුම් සමනය කිරීමට වෙහෙසෙති. මේ අතර හලාවත පල්ලියේ සීනුව ගැසීමෙන් පසු ධීවරයෝ හාරපන් දහසක් එහි පැමිණි බවද කියති.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම රාජ්‍යයක් ගොඩ නගන්නේ මෙහෙම?
අනේ අර දරු දෙන්නට යන කළ මොකක්ද?
වෙඩි තිබ්බ අයටයි, වෙඩි තියන්න කියලු අයටයි ස්වභාව ධර්මයෙන් දඩුවම් හම්බෙයි..
මේ පින්තුරය මගේ ජීවිතේ දැකපු දුකම හිතෙන පින්තුර වලින් එකක්. මේ අහිංසක ළමයින්ට මොකද වෙන්නේ ?
දැන් ඉතිං කොමිසමක්දාල තුවක්කුවේ වර්ගය මොකක්ද, උණ්ඩයේ පාට, හැඩය මොකක්ද ඒක ආවෙ උතුරෙන්ද දකුණෙන්ද කොපමණ දුරකින් ආදිය සොයල වාර්ථාව හමස්පෙට්ටියට දාන එකයි!
හරිම දුකයි, හැකි නම් ලිපිනය හා දුරකථන අංකය එවන්න. පවු, අහිංසක ළමයින්ට උදවුවක් කරන්නම්. සැ.යු - දුරකතන අංකය හා ලිපිනය ඊමේල් කර ඇත.
මේ මොනවද වෙන්නේ? ආයෙ නම් කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා.
මේ මොනවද වෙන්නේ? ආයෙ නම් කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා. මේවට වගකියන්න ඕන කවුද?
මේ ළමයන්ට පමණක් නෙව මුළු අනාගත පරම්පරාවටම බුදු සරණනේ පිහිට ලැබේවා!
මේ එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකු මියයාමට වග කිව යුත්තෙ පන්දාහක් දෙනා කුපිත කල අය. මියගිය ධීවරයාගේ දරු දෙදෙනා අද අසරණය පන්දාහක් දෙනා කුපිත කල අය මේ දරු දෙදෙනා බලාගණිද . පෙළපාළිකරුවන් මෙය වටහා ගත යුතුයි.
රජයට තිබුන්නැද්ද තෙල්මිල ඉහල යන්න කලින් සහනාධාර සඳහා වැඩ පිලිවෙලක් හදලම ඒක කරන්න.
රටක් රාජ්‍යයක් ඉල්ල නෙමේ මේ අය උද්ගෝෂනය කළේ...
ලාම්පුතෙල් හා ඞීසල් සහනාධාර ඉල්ලමින් පෙළපාළි කිරීම වැරදිනම්,මිනිස්සුන්ට උහුල ගන්න බැරි තරම් තෙල් මිල ඉහල හරිද...
මොකවත් වෙන්නේ නැහැ කොල්ලෝ . ඒ අයගේ දුක ඒ අයටම නැති කරගන්න වෙනවා . ඊලග ඡන්දෙදි අපි හැමෝම අයෙත් රැවටෙනවා . ඉවසන්න බැරිතැන පාරට බහිනවා . අයෙත් එකෙක් දෙන්නක් මැරෙනවා . අහිංසක දරුපවුල් අනාත වෙනවා . දුප්පතා හැමදාම දුප්පත් , දේශපාලකයෝ හැමදාම පොහොසත් . ඕක තමයි ඇත්ත .
මේ රට දැන් පොඩි මිනිස්සුන්ට අයිති නෑ..
දරුවන්ට මෙවන් දුකක් දෙන්න එපා. මේ දරුවො අපි හැමෝගෙම දරුවො විදියට හිතනව නම්.. ආරක්ෂක අංශයටත් එසේ හිතන්න නුවන පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජීවිතවලට වඩා වටින දෙයක් තියනවද?
ආණ්ඩුව ඉන්දන මිල ඉහල දමා ඉන් නැගෙන ජනතා විරෝදය මැඩ ලීමට මිලිටරි ය යොදා ගැනීම ප්‍රජාතන්ත්‍ර වාදයට ගැසූ කනේ පහරක් !
අදාල අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේන්න..
මේ දරුවා අඬන්නේ ටික වෙලාවකට නෙවෙයි. ජීවිත කාලෙටම. පුංචි දරුවන්ට මේ විදියට අඬන්න සිද්ධ කරන්න එපා.
මෙහෙම දේවල් කරලා රටක් හදන්න බෑ..
දැන්වත් කරන්න පුලුවන් කෙනෙකුට දෙන්න..
සමාදානයේ සැතපේවා සොයුර !!!
රටකට ගිය කලක්..
වෙඩිතිවලා ප්‍රශ්න විසදන්න එපා. අහංසක ළමයින්ට අනාගතයක් නැතිවෙනවා දෙමව්පියො නැති වුණාම..
පොලීසියත් මනී මරණවද?
රජය රුපියල් කෝටියක් දුන්නත් මේ ළමයින්ට තාත්තව සල්ලි වලට ගන්න පුළුවන්ද?
මේ පුOචි ලමයින්ට කාගෙ සරනද?ඈයි මේ මිනිස්සුන්ට හිතන්න බෑරි මට මෙහෙම උනොත් මගේ දරුවො අසරනවෙනව වගේම,අනෙකගෙ දරුවොත් අසරණ වෙනව කියල.
කවුද මේ අපරාධෙ කළේ?
අහින්සක දාරුවො මහාපරේ, මෙයාලට ඔනෙ බලෙ ඉන්න මිසක් මිනුසුන්ට සෙවය කරන්න නෙමේ.
මගෙ ජීවිතයේ දැකපු දුක හිතෙනම ඡායාරූපයක්. මේ අහිංසක දරුවන්ට කාහේ පිහිටක්ද?
ඔබ ඔය වෙඩි තියන්නේ සැමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අයටයි..
මේ දරු 2දෙනාට පිහිට වීම රජයේ යුතුකමක්
වෙඩි තියපු අයගේ බයික් වලට ගහන ඉන්ධනවල මිලත් අඩුකරන්න කියලයි මෙයාලා පාරට බැස්සේ..
ඇයි දුප්පත් මිනිස්සුන්ටම මේ වගේ දේවල් කරන්නේ?
මේ වගේ සිදුවීමේ තරයේ ප්‍රතික්ෂේප කරනවා.. මිලානෝ - ඉතාලිය
කවුද මේකට වග කියන්නේ?
අපේ රටේ ජනතාව මීට වඩා දැඩි තීරණයක් ගත යුතුයි
පියතුමනි, ඔබගේ මෙහෙය උත්තරීතරයි.
දැන් මේ ආන්ඩුව කොයි පාරෙද යන්නේ?
දුක දන්නේ නැති අය.. මිනී මරලා වන්දි දෙන රටක් වෙන නැතිව ඇති..
සත්‍ය සෑමදා යටපත් කල නොහෑක. මේ අහිංසක පොඩි අය දෙන්නාගේ අනාගතය විනාශ කිරීමට අනදුන් අයට මේවා පඩිසන් දෙයි..
හරිම දුකයි මේ දරුවන්ගේ පින්තූරය දැක්කම..
හිත හදාගන්න කියන්න තමයි තියෙන්නේ.. තාත්තාව මැරුවෙ ආශ්චර්යට එය බාධාවක් නිසා..
මිනිසුනේ දැන්වත් පටු බේද අතඇරලා නැගී සිටින්න..
මේක කරපු අයට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන්න ඕන.. පව් අපි වෙනුවෙනුයි නැති වුණේ..
අලුත්ම ක්‍රමය වෙලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න අහන අයත් නෑ. කියන අයත් නෑ. පාරට බැස්සාම ගහනවා..
දෙවියො කියල කෙනෙක් ඉන්නවද කියලා සැකයි.. නැත්නම් මේ වගේ අපරාධ වෙන්නේ කොහොමද? මේ ළමයින්ගේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු බින්දුවක් ගානේ පඩිසන් දෙන්න ඕන..
පොලිසියේ මෙවැනි නිලධාරීන් සැමටම අගෞරවයක් මොවුන් වහාම පන්න දමන්න. දැඩි දඬුවම් දෙන්න
දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ප්‍රජාතාන්ත්‍රිකව පාලනය කරන්න කියලයි..
ආරක්ෂක සේවයේ සොයුර, සොයුරියනි, පසුපස හෑරී මදක් බලන්න. ඔබට පිටුපස සිට අණ දෙන්නේ තෙල්, ගෑස්, විදුලි බිල් ඉහල දැමීමට වගකිවයුතු අයම නේද?
හමුදාවෙ සහ පොලීසියෙ සූරයනි, එදා ඔබට රැක දෙන ලෙස දෙවියන් යදපු ජනතාව රැකගන්න...