හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ගිරව් අල්ලා දීමට යැයි කියමින් දරුවා කැළයට රැගෙන ගොස් අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.
දරුවා අපයෝජනය කර මරා දැමූ බවට සැක කරන පොල් කඩන පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව සැකකරු අද උදේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය වල් වැදිලා. අපරාධකාරයෝ දන්නවා ඒ අය කවදාවත් එල්ලුම් ගස් යන්නේ නැති බව. යහපාලනය තුළින් අපි බලාපොරොත්තු වුණා මේ වගේ කාලකන්නින් එල්ලුම් ගස් යවාවි කියලා. විද්‍යා දැරිය මරපු කෙනා හරි එල්ලුම් ගස් යැව්වා නම් වැරදි කරන්න බය වෙනවා. ඔය දරුවා මරපු කෙනා මරලා දැම්මා නම් රටට තවත් කාලකන්නියෙක් නැතිවෙනවා.
මෙවැනි ක්‍රියාකාරකම් වලට අනුග්‍රහය දක්වමින් හා එය නීතිගත කිරීමට පවා කටයුතු කරමින් සිටින මෙවැනි අවිධිමත් දුක්ඛිත කාල පරිච්ඡේදයක මෙවැනි සිදුවීම් නොවැළැක්විය හැකි බව අපගේ අදහසයි. අහෝ රටට ගිය කලක් !!!
මේ දරුවාගේ තාත්තටවත් බලමු දරු සෙනෙහස තියෙනවද කියලා. මේ පාපතරයාට හෙන 7ම ගහන්නට ඕනෑ...
ලංකාවේ පොලිසියේ අති දක්ෂ නිලධාරීන් සිටියි. නමුත් ඔවුන්ගේ සේවය හරියාකාරව කර ගන්න බැරි වන්නේ දේශපාලනය කරන අය සම්බන්ධ වුණොත් තමයි. සැක කරුට උපරිම දඬුවම ලබාදිය යුතුයි.
මේ වගේ අය තමයි සඟවලා තිබෙන ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනේ...
පොල් කඩන මිනිහෙක් නම් මේ මිනිහා ගාව මුවහත් පිහියක් වැනි දෙයකුත් තියෙන්න ඇතිනේ. මෙවැනි නූගත්, අසහනකාරයින් සමග පොඩි ළමයෙක් කැළයට යනකම් දෙමව්පියෝ මොනවා කළාද? මේ නරුමයාට දැඩි දඬුවම් දෙන්න.
මේ මනුස්සයට අනුකම්පා කර සමාව දෙමු. සමාව දීම දේව ගතියක්..
දැලි පිහියෙන් කපලා මිරිස් කුඩු දාලා වද දීලා මරන්න ඕනෑ.. අර දරුවා විඳපු වේදනාව කරපු අයටත් දෙන්න ඕනේ....
අද රටේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්කුඩු ව්‍යාපාර, කප්පම් ගැනීම් වැඩිවී ඇත්තේ, එවැනි අපරාධවලට නිසි දඬුවම් නොමැති වීමෙන්, අපරාධකරුවන්ගේ බිය නැතිවී තිබීමයි. මේ සඳහා නීති සම්පාදනය කිරීමට පත්කළ මහජන නියෝජිතයින් අද කරන්නේ මහජන සුබ සිද්ධිය පසෙක තියා, තමන්ගේ සුබ සිද්ධිය ගැන ක්‍රියා කිරීමයි.
සත්‍ය කවදා හරි හෙළිවෙනවා. අපරාධකරුවන්ට කොපමණ කලක් නිදහසේ ඉන්නද? නමුත් ජගත් මහතා කියනවා වගේ ලංකාවේ පොලිස් නිලධාරීන් බොහොම දක්ෂ පිරිසක්... අනික් රටවල් දිහා බැලුවහම නමුත් අවාසනාවකට වගේ පොලිස් කටයුතුවලට දේශපාලනය බලපෑම් කරනවා. මෙවැනි ක්‍රියාකාරකම් තවමත් ලංකාවෙන් තුරන්වෙලා නැහැවෙයිද? කියලත් සැකයි. කෙසේ හෝ අපරාධකාරයා අල්ලපු වග දැනගත්තාම සතුටු වුණා. නමුත් අර අහිංසක දරු පැටියා ගැන දැනෙන්නේ විශාල කණගාටුවක්.... පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය!!!.