ජිලාල් ඇන්ඩසන් හොලිවුඩ් නිලියගේ පස්යාල නුගදොළ වත්තට විදුලිය ගැනීම සම්බන්ධයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි අනුර වීරරත්න බණ්ඩාර නම් හිටපු හමුදා සෙබළකුට එරෙහිව පවරා ඇති අනුඩ උපදෙස් පතා නීතිපතිට යැවූ බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද සැළ කළේය.
පරීක්ෂණ අවසන් බවත්, සැකකරු වත්තේ බාරකරුව සිටි බවත් ඔහු මේ ගනුදෙනු ගැන තොරතුරු සොයා ගත් බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
වැඩිදුර විභාගය සැප්තැම්බර් 31 වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොලිවුඩ් නිළියගෙ නඩුව නීතිපතිට
චන්දා Wednesday, 10 April 2013 03:37 PM
මට පුළුවන්කමක් තිබුණා නම් නඩුවට හොද විසදුමක් දෙනවා. (නි)
ද සිල්වා Tuesday, 09 April 2013 11:08 PM
මේ නඩුව ඉක්මනින් විසදා සාධාරණ තීන්දුවක් දෙන්න. නැත්නම් ජාත්‍යන්තර දෝෂාරෝපණ වලින් කතාවෙන්නේ හමුදාවේ කිර්තියයි රටේ නමයි ගැන මිසක් , පුද්ගලයා ගැන නෙමෙයි. (නි)
හේවාවිතාරණ Wednesday, 10 April 2013 02:19 AM
හොලිවුඩ් නෙමේ අඟහරු ලොවෙන් ආවත් අපේ මිනිස්සු මාටියා ගහන එක ගහනවා.(නදී)
නිමල Wednesday, 10 April 2013 12:57 PM
උතුම් ජාතිය අපි තමයි කියලා කෑගහන්නේ නැතුව නරකද මේවා කඩිනම් කළොත්? අන්තිමට මේ මිනිස්සු මේවා අරන් ජිනිවා ගියොත්? (නි)
සුධීර Wednesday, 10 April 2013 12:51 PM
මේක තමයි අපෙයි බටහිරෙයි වෙනස. අපි හැමදේටම කල්මරමු. හැබැයි වැඩක් කරන්න ගියාම කවුරුත් නැහැ. (නි)
රීටා Wednesday, 10 April 2013 12:52 PM
ඔබ ජිනිවා යන්න. (නි)
වසන්ත Wednesday, 10 April 2013 06:43 AM
දන්නවද මේ නිළිය කවුද කියලා? ලෝක ප්‍රකට එක්ස් ෆයිල්ස් කථා මාලාවේ ස්කලීගේ චරිතයට පණ පොවපු ගිලියන් ඇන්ඩර්සන්. අපි හුගක් අය ආසාවෙන් කථාව බැලුවානේ. අන්තිමට අපේ රටේදීම ඒ මනුස්සයාට එක්ස් ෆයිල් එකක් අරින්න වුනා. සියලුම දක්ෂ නිළධාරීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා ඇයට සාධාරණයක් කරලා රටේ නම රැකගන්න කියලා. ස්කලී නෝනා ඔයා අපිත් එක්ක තරහාවෙන්න එපා. පුලුවන්නම් මෝල්ඩර්ටත් ලංකාවෙන් ඉඩමක් අරන්දෙන්න.(නදී)
රෙජී Wednesday, 10 April 2013 06:53 AM
ඔය හොරු හැකි ඉක්මනින් හිරේට යවන්න.(නදී)
විපුල් Wednesday, 10 April 2013 07:47 AM
නීතිපතිතුමා හොඳ තීන්දුවක් දෙයි. (නි)
චතුල වෙරෝනා Tuesday, 09 April 2013 07:05 PM
අපේ හමුදාවට හොඳ පුහුනුවක් දෙන බව ලෝකෙම දෑන ගන්න හොඳ සාක්ෂියක්. චෑනල් 4 එකටත් යයිද මනදා.(නදී)
වරුණ Wednesday, 10 April 2013 07:48 AM
හොලිවූඩ් නිලියට හිස් අතින් ඇමරිකාවට යන්න වේවිද? (නි)
ද සිල්වා බෙර්ලින් Wednesday, 10 April 2013 02:09 PM
ආයෝජකයන්ට ලංකාවට එන්න කියනවා මිසක් යෝජකයන්ව ලංකාව තුලදී වංචාකාරයන්ගෙන් , හොරුන්ගෙන්, කප්පම්කාරයන්ගෙන් බේරගන්න ක්‍රමයක් අපේ රටේ නැහැ. කරුණාකර මේ ගැන සොයාබලන්න. (නි)
ගාමිණි Tuesday, 09 April 2013 08:26 PM
ඔය මුදලින් නුගදොල වත්තට පමණක් නොවෙයි මුළු පස්යලටම විදුලිය දෙන්න තබුණා. ! ගණන දිහා බැලුවහම කාගේ බොරුවක්ද කියා හිතන්න අමාරුයි (අ)