
(රෝෂන් තුෂාර)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනකු පැය විසිහතරක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (28) නියෝග කළේය .
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර මින් එක් සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්චරණයක් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළේය .
මීට පෙර අත්අඩංගුවට ගෙන රතිෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ටෙලි නාට්‍ය කරලා ශ්‍රී ලංකා පොලිසියෙන් බේරෙන්න බැහැ රජෝ... පුළුවන් නම් හොලිවුඩ් ඇක්ෂන් ෆිල්ම් එකක් වත් කරලා බලපල්ලා...
හල්ඔලුවගේ නීතිඥයා ඩුබායි චමිලට කියලා වැඩේ කරවන්න ඇති. ඒකයි පොර ෆෝන් එක පොලිසියට දෙන්ඩ බෑ කියන්නේ... නැතුව ඩුබායි චමිලට දිවැස් තියනවයැ ඔය පාරෙන් ඔය ෆයිල් එකම අරන් එද්දී වෙඩි තියන්න.
බලාගෙන ගියාම මහ බොල් ඔලුවක් නේ.