කැකිරාවේ ඉපලලෝගම ගෝන පතිරාවේදී යතුරුපැදි දෙකක් හැප්පී හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙක් මරුමරුවට පත් වූහ.
තිදෙනෙක් තුවාල ලදහ.
හමුදා සෙබළ විසින් පැදැවුණු යතුරු පැදියේ තිදෙනෙක් ද, ගොවියකු විසින් පැදැවුණු යතුරු පැදියේ දෙදෙනෙක් ද සිටි බවත්, ඔවුන් එක් අයකුටවත් හෙල්මට් නොතිබූ බවත් පොලීසිය පවසයි.
ගොවියා කුඹුරේ සිට ගෙදරට යමින් සිටියේය. සෙබළා ඇතුළු පිරිස සංගීත සංදර්ශනයක් බලන්නට යමින් සිටියහ.
තවත් දෙදෙනකුගේ තත්ත්වය බලපතල බව රෝහල් ආරංචි කියයි.
මළසිරුරු සේනපුර රෝහලේ තබා ඇත.
අනුරාධපුර රෝහලට ද දෙදෙනකු ඇතුළු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු කොතකුත් වුණත් අපේ මිනිස්සු පරෙස්සම් වීම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැනේ. මේ අයගෙන් එක්කෙනෙක්වත් හෙල්මෙට් දාලා ඉඳල නැහැ. (නි)
මිය ගිය අය වෙනුවෙන් විහිළු කතා ලිවීමෙන් වළකින්න. (නි)
කවුරු මැරුණත් දැන් බලන්න වෙලාවක් නැහැ. අපි පෙළපාලි යනවෝ. (නි)