(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් අද (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.
ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
අවුරුදු 30කට වඩා පැරැණි සඳුන්ගස ඉතා හොඳින් වැඩීතිබූ බවත් මුල වට අඩි 04ක් පමණ වන බවත් පොලිසිය කියයි.
සැකකරුවන් සොයා හල්දුම්මුල්ල පොලීසිය පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු අයට නම් හෙනම ගහවි...
ඉඳි කට්ටක් වගේ පොඩි එකක් නේ... ඡන්දෙට වියදමට සල්ලි මදි ඇති. හොරු පත්වෙන්න හොරකම් කරලා. පත් වෙලා කරන්නෙත් හොරකම් සහ කප්පම් ගැනිලි තමයි.
රටේ අනාගතය ගැන නොහිතා තමාගේ පැවැත්ම ගැන පමණක් හිතපු මිනිස්සුත් මහා ජනාකීර්ණ කොළඹ තිබුණු සුදු හඳුන් ගස් කපපු එකේ... මේකත් කාගෙ හරි පැවැත්මකට අවශ්‍ය යාගයකට කැපුවද දන්නෑ? ගහක්, වැලක්, සතෙක්, සිවුපාවෙක්, පරිසරයක් දන්නැති කාලකන්නි තමයි ඉන්නේ..
ඕවා මොනවද විල්පත්තුවම කපන එකේ....
හල්දුම්මුල්ල ප්‍රා.සභාවේ සුදු හඳුන් ගස කපපු කෙනාව හැකි ඉක්මණින්ම සොයා ගන්න. මේ ලස්සන බෙහෙත් ගස කපපු කෙනා අල්ලා වහාම නිසි දඬුවම් පමුණුවන්න.
අවුරුදු 30ක් වත් සිරදඩුවමක් දෙන්න ඕනේ. මේ ගහේ වයස අවුරුදු 30. මුළු ලංකාවේම ඉන්න ගස්කපන හොරුන්ට ඇගට දැනෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න ලංකාවේ අදිකරණයට සක්තිය අලුත් අවුරුදෙදි ලැබේව කියල ප්‍රර්ථනා කරමි
මේක ඇමෙරිකාවේ උනානම් පගාව දීල බේරෙන්න පුළුවන් .ලංකාවේ පොලිසිය ඕක කොහොමහරි අල්ලනවා .ඇමෙරිකාවට බෝට්ටුවෙන් හරි එන්ඩ අනේ .අමෙරිචාවේ කට්ටිය ඕක අහල පුදුම වෙය .niyama මොලාකාරයෝ කියා රස්සාවකුත් ලැබෙයි.
මම මේ ගහ කැපුවේ තාත්තට බේත් අරන් දෙන්න. මීට ප්‍රියන්ත.