හෙලෝකෝප් සමාගම මිලට ගැනීමේ දී මුදල් විශුද්ධිකරණයක් කළැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට එරෙහි නඩුවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති විදේශගතව සිටින සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (9) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළේය.
ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද විවෘත වරෙන්තුවක් නිකුත් කළ අතර නඩු විභාගය ජූනි 5 වැනිදා තෙක් කල් තැබීය.
එම නඩු දෙක සම්බන්ධනේ කඩිනමින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා බලාපොරොත්තුවන බවද එහිදී පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd