ශ්‍රී ලංකාවට ආවේනික මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන හල් මල් දණඩි මත්ස්‍යයින් අසූ දෙනෙකු සහ මිරිදිය කකුළුවන් හැත්තෑ දෙනෙකු කටාර් රාජ්‍ය වෙත අපනයනය කිරීම සඳහා සූදානමි කර තිබියදී කටුනායකදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරුකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසූවේ හල්මල් දන්ඩියන් මෙරට වැව් වේලි ආශ්‍රීතව වෙසෙන සහ වද වීගෙන යන මත්ස්‍ය විශේෂයක් බවත් ධීවර හා ජලජ සම්පත් ආරක්ෂිත පනතින් ආරක්ෂා කොට ඇති බවයි. මිරිදිය කකුළුවන් වන සත්තව හා වෘක්ෂලතා ආරක්ෂන පනතින් ආරක්ෂා කොට ඇත.
දෙහිවල ප‍්‍රදේශයේ විසිතුරු මත්ස්‍ය අපනයන ආයතනයක් විසින් කටාර් රාජ්‍ය වෙත යැවීම සඳහා කටුනායක ගුවන් බඩු පරියන්තයට ගෙනවිත් තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරුකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී කේ.පී.ජී.පී ප‍්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඞී.එල්.ඩබිලිව්.එස් පුෂ්පකුමාර, පී.එල් සමරවීර සහ හසන්ත කෞෂල්‍ය යන නිලධාරීහු සිදුකරති
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා ඇතුලු නිලධාරීනට අපගේ උත්තමාචාරය. ඒ වගේම මහතුනි පරිස්සමෙන් මේක ලංකාව.(නදී)
මේ වතුර බෑගය ගුවන් යානයේ පීඩයට ඔරොත්තු දෙයිද මන්දා බැරිවෙලාවත් ගෙනියන්න හදද්දි? (ස)
ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරුකීමේ ඒකකයේ ඔබල පසුගිය කාලයේ දිගින් දිගටම කල වැටලීම් පිළිබඳව අපගේ ප්‍රණාමය හිස නමා ප්‍රකාශ කර සිටිමු. (අ)
මාළුන්ට පස්ස්පෝර්ට් තිබුන නම් ඕක වෙන්නේ නැහැ (ස)