IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හල් මල් දණ්ඩියයි මිරිදිය කකුළුවයි කටාර් නොයති

ශ්‍රී ලංකාවට  ආවේනික මිරිදිය  මත්ස්‍ය  විශේෂයක් වන හල් මල් දණඩි මත්ස්‍යයින්  අසූ දෙනෙකු සහ මිරිදිය කකුළුවන් හැත්තෑ දෙනෙකු  කටාර් රාජ්‍ය වෙත අපනයනය කිරීම සඳහා සූදානමි කර තිබියදී කටුනායකදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.

ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරුකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසූවේ හල්මල් දන්ඩියන් මෙරට වැව්  වේලි  ආශ්‍රීතව වෙසෙන සහ  වද වීගෙන යන මත්ස්‍ය විශේෂයක් බවත්  ධීවර හා ජලජ සම්පත් ආරක්ෂිත පනතින් ආරක්ෂා කොට ඇති බවයි.   මිරිදිය කකුළුවන් වන සත්තව හා වෘක්ෂලතා ආරක්ෂන පනතින් ආරක්ෂා කොට ඇත.   
දෙහිවල ප‍්‍රදේශයේ විසිතුරු මත්ස්‍ය අපනයන ආයතනයක් විසින් කටාර් රාජ්‍ය වෙත යැවීම සඳහා කටුනායක ගුවන් බඩු පරියන්තයට ගෙනවිත් තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරුකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ   නියෝජ්‍ය රේගු අධිකාරී කේ.පී.ජී.පී ප‍්‍රනාන්දු සහ  සහකාර රේගු අධිකාරීවරුන් වන ඞී.එල්.ඩබිලිව්.එස් පුෂ්පකුමාර,  පී.එල් සමරවීර සහ හසන්ත කෞෂල්‍ය යන නිලධාරීහු  සිදුකරති



අදහස් (0)

හල් මල් දණ්ඩියයි මිරිදිය කකුළුවයි කටාර් නොයති

අසංක Thursday, 04 April 2013 10:12 PM

ඔබ තුමා ඇතුලු නිලධාරීනට අපගේ උත්තමාචාරය. ඒ වගේම මහතුනි පරිස්සමෙන් මේක ලංකාව.(නදී)

:       0       0

රවිදු Friday, 05 April 2013 10:07 AM

මේ වතුර බෑගය ගුවන් යානයේ පීඩයට ඔරොත්තු දෙයිද මන්දා බැරිවෙලාවත් ගෙනියන්න හදද්දි? (ස)

:       0       0

තිසල් Thursday, 04 April 2013 05:11 PM

ජෛව විවිධත්ව හා සංස්කෘතික උරුමයන් සුරුකීමේ ඒකකයේ ඔබල පසුගිය කාලයේ දිගින් දිගටම කල වැටලීම් පිළිබඳව අපගේ ප්‍රණාමය හිස නමා ප්‍රකාශ කර සිටිමු. (අ)

:       0       0

හේවාවිතාරණ Friday, 05 April 2013 12:11 PM

මාළුන්ට පස්ස්පෝර්ට් තිබුන නම් ඕක වෙන්නේ නැහැ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site