සහල් සඳහා ගැසට් කර ඇති පාලන මිල ඉවත් නොකළහොත් සහල් නිශ්පාදන කටයුතු නතර කරන බව මරඳගහමුල එක්සත් සහල් නිපදවන්නන්ගේ සමිතිය කියයි.
රජයෙන් පවා මී මිල දී ගත හැක්කේ රුපියල් 44කට බවත් එලෙස ගන්නා වී සහල් බවට පත් කර විකිණිය හැකි අවම මිල රුපියල් 82ක් පමණ බවත් එම සමිතියේ සභාපති නිමල් රංජිත් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කරයි.
බොහෝ ප්‍රදේශවල සහල් මිල අතද් පැවැතියේ පාලන මිලට වඩා වැඩි මිලකටය. කඩ හිමියන් කිහප දෙනකුම කීවේ ප්‍රධාන පෙළේ සහල් මෝල්හිමියන් කිහිප දෙනකුම අද දිනයේ වෙළෙඳපොළට සහල් නිකුත් කර නොතිබූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී,ඔයාට තේරෙන්න නැහැ අර බෙර්ටෝල් බ්‍රෙෂ්ට් කියලා තියෙන්නේ "ඔය නායකයන්ගේ අනුමැතිය නැත්නම් කුකුළා අඩන්නෙත්, ඉර පායන්නෙත් නැහැ“ හැමදේටම දැන් ලොතරැයියට, ත්‍රී වීල් ප්‍රශ්නෙට, ඒ විතරක්ද සයිටම් ප්‍රශ්නෙටත් දැන් ඔන්න එතුමා මැදිහත් වෙන්න හදනවා. නැත්නම් කරලා හමාරයි මේ රට (නි)
සහල් මාෆියාකාරයෝ දැන් ටික ටික එළියට එන්නේ......මුන්ට මඩු වලිගෙන් තමයි තලන්න ඕනෑ (නි)
මෙයාලට නතරකරන්න කියලා රටින් ගෙන්වලා දෙන්න. ගොවියෝ, මෝල් හිමියෝ දෙගොල්ලන්ටම ඕනෑ දෙයක් කරගන්න කියලා රටින් ගේන්න (නි)
රජය මේ හැමදේකටම වග කිවයුතුයි. තිබුණ වී ටික මත්තලට ගෙනිහින් ගබඩා කරලා පරණ වුණ ගමන් බියර් කොම්පැනි වලට පාඩුවට විකුණුවා. ගොවිතැන නැත්තටම නැති කළා. හෙට ගැන කල්පනා කරන්න මොළයක් නැති අය පත්කර ගත්තහම වෙන්නේ මෙහෙම තමයි. හොඳ ආදර්ශයක් ඡන්දදායකයන්ට. ඉදිරියටත් මේවා මතක තියෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. (නි)
හාල් කිලෝවක් හදන්න වී කිලෝ 1.6ක් ඕනෑ. වියදම රුපියල් 8ක් (නි)
ජනතාව ගසාකන්න නැතිවනවිට ඕක තමා කරන්නේ. බැරි නම් වහන්න. පිටරටින් ගෙන්වලා ජනතාවට දෙන්න. හැමදාම කළේ ජනතාව හුරගෙන කාො ඔවුන් පෝසත් වන එක (නි)
මහත්වරුනි, වී කිලෝ එකක් සහල් කිරීමේදී පොත්තට, සුඹුලට, සුණු සහල් සහ ගල් වැලි වලට කොටසක් ඉවත්වන බව ඔබ දන්නේ නැද්ද? 44 ගන්න වී, සහල් බවට පත්කිරීමට මුදල් වැයවන බව නොතේරෙයිද? ව්‍යාපාරිකයනට ලාභයක් නැත්නම් ඔවුන් සහල් නිෂ්පාදනයෙන් ඉවත්වේවි. රජයට පමණක් එය කරන්නට බැහැ. අත්‍යවශ්‍ය අාහාර ආනයනය මතම රඳා පැවතීම අතිභයානකයි. අදහස් දමන අය පුළුල්ව සිතීම වැදගත්. (නි)
හාල් 200ට ගියාදෙන්. ඊළඟ පාරත් ඡන්දෙ දෙනවා මේ ආණ්ඩුවටම. මේ පාර ඡන්දෙ දුන් ලක්ෂ 62 ටම ඇතිවෙන්න තේරෙන්න. (නි)
මරඳගහමුල සහල් නිෂ්පාදනය කළාට වී නිෂ්පාදනය කරන්නේ නැහැ. එයාලා රජරට ප්‍රදේශ වලින් වී මිලදී ගන්නවා අඩු මිලට. (නි)
අපිට මොකද සහල් නිෂ්පාදනයෙන් අයින් වුණාට? නුඹලා තමයි අහිංසක පාරිභෝගිකයා සූරාකන්නේ. තව එනවා සද්දේ දාන්න (නි)
ඒගොල්ලන්ට නිෂ්පාදනය නවත්වන්න කියන්න. පිටරටින් හාල් ගෙනවිත් දෙන්න. එතකොට නිකම්ම එයාලා අකුලාගෙන ආයෙත් නිෂ්පාදනය පටන්ගනීවි. (නි)
වෙළෙන්දන් අමනුෂ්‍යයෝ වගේනෙ වැඩකරන්නෙ (නි)
ගෝඨාභය මහතා හිටියා නම් ඔයතරම් සද්ද නැහැ (නි)
මොවුන්ගේ ඉල්ලීම නම් නොපැකිළව ඉටුවේවි. (නි)
ලොතරැයි විකුණන අයත් ජනාධිපති එක්ක මිසක් කතා නැහැ. කාර් ගෙන්වන අයත් දොස්තරලත් වරායේ කට්ටියත් ඔක්කොම ජනාධිපති එක්ක මිසක් කතා නැහැ. දැන් හාල් මුදලාලිත් එනවා. මට නම් තේරෙන්නේ නැහැ කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කර කර මෙච්චර ලොකු ඇමති මණ්ඩලයක් තියාගෙන ඉන්නේ මොකටද කියලා. අහ්! මට වැරදුනා. ඒ ගොල්ලෝ ඉන්නේ ප්‍රශ්න ඇති කරන්න, ජනාධිපති ඉන්නේ ප්‍රශ්න විසඳන්න (නි)
සහල් මිල රුපියල් 100 ට සහ ඉන් ඉහළට යනකොට කිසිම විරෝධතාවයක් නැහැ. දැන් මොකද කලබලවෙලා? ඔයගොල්ලෝ හංගපු බඩු විකුණාගන්න බැරිවේවි කියල බයවෙලාද? (නි)
මිනිසුන්ගේ බත්පතෙන් ගසාකන මේ හාල්මෝල් හිමියන්ට නම් හොඳක් වෙන්න එපා. ගොවියන්ගෙන් ගන්නේ කීයටද? (නි)
අසූ දෙකට දෙන්න පුළුවන් නම් ඇයි සියටත් විකුණුවේ? ඒ අයට විරෝධතා පාන්න කියලා මහජනතාවට අවශ්‍ය සහල් පිටරටින් හෝ ගෙන්වලා බෙදාහැරීම රජයේ යුතුකමක්. අනෙක රුපියල් 38 ක් යනවද වී සහල් බවට පත්වෙන තැනට යනකොට. (නි)
ඔයගොල්ලෝ නිෂ්පාදනය නතර කළාම තව කොටසකට පුළුවන් වැඩේ පටන්ගන්න. ඕක දොස්තරලගේ වැඩේ වගේ දෙයක් නොවෙයිනේ. (නි)
සහල් මිල යනකොට ඔක්කොම ආණ්ඩුවට බැන්නා. දැන් තේරෙනවද ඇත්ත තත්වේ? (නි)