දේශීය රතු කැකුළු සහල් මිල පසුගියට වසරට වඩා සීයට 38 කින් ඉහළ යද්දී ආනයනික පොන්නි සම්බා මිල සීයට 19කින් පහළ බැස ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.
කොළඹ හා තදාසන්න පෙදෙස්වල සහල් මිල ගණන් ඇසුරෙන් කළ සමීක්ෂණ ඇසුරෙන් මේ බව කියන එම ආයතනය දේශීය සහල් සැපයුම විශාල ලෙස අඩුවීම මීට හේතුව ලෙස දක්වයි.
ඊට අනුව රතු කැකුළු සහල් මිල පසුගිය වසරට වඩා සීයට 38.13 කින් ද සුදු කැකුළු සහල් මිල සීයට 37.09 කින් ද ඉහළ ගොස් තිබේ. නාඩු අංක 1 සහල් මිල සීයට 25.27 කින් ද අංක 2 සහල් මිල සීයට 27.11 කින් ද ඉහළ ගොස් ඇත.
අස්වැන්න නෙලීම් ආරම්භ කිරීම නිසා අම්පාර ප්‍රදේශයේ සහල් මිල නොවෙනස්ව පවතින්නේ යැයි ද අඩුම සහල් මිල ගණන් දෙහිඅත්තකණ්ඩියෙන් වාර්තා වන්නේ යැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර ඇමති කිවුවේ රටේ සහල් නිෂ්පාදනය වැඩියි කියලා? (නි)
පිට රට යවන්න තරම් හාල් තිබෙන බව කිවුව නේද ටික කලකට පෙර? හාල් මිල වැඩි වීමට හේතුව හාල් මාෆියාව බව බත් කන කවුරුත් දන්නවා. ඒ බව නොදන්නේ පුන්නක්කු ආහාරයට ගන්න අය විතරක් වෙන්නැති! (බ)
කවුද කියලා තිබුණා නේද ලංකාවේ කුඹුරු වැඩියි, කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ 4 ගොඩ කරන්න ඕනෑ කියලා (නි)
අස්වැන්න අඩුනොවී තියෙයිද? එක පණ්ඩිතයෙක් කිවුවේ රටේ සහල් නිපදවීම වැඩි නිසා වගාකරන කුඹුරු ප්රමාණය අඩු කළයුතුයි කියලා. පුදුමය නම් මෙවැනි අය නේද රට පාලනය කරන්නේ කියලයි. (නි)