IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හරිහරන්ගේ ප්‍රසංගයට ටිකට් නැතිව කලබලයක්:පහක් රෝහලට: හයක් පොලිසියට

(රොමේෂ් මධුෂංඛ)

දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයකු වූ හරහරන් ඇතුලු කොලිවුඩු නළුනිළියන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය මුට්‍රවේලී ක්‍රීඩාංගනයේදී ඊයේ (09) රාත්‍රියේ  පැවති සංගීත ප්‍රසංගයේදී ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

මුට්‍රවේලී ක්‍රීඩාංගනයේ  පැවති මෙම සංගීත ප්‍රසංගය වෙුනවෙන් රුපියල් 25,000 දක්වා වූ මිලකටද ටිකට්පත් අලෙවිකරමින් සංවිධානය කර තිබූ අතර සංගීත ප්‍රසංගය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වීම හේතුවෙන් පොලීසියට පිරිස් පාලනය කිරීඹට නොහැකි තත්වයක් පැවැති බව ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් ප්‍රසංගය පැවති වේදිකාව ඉදිරියෙන් යොදවා තිබූ පොලිස් බාධකයන් ඒකවරම ප්‍රේක්ෂකයින් විසින් කඩාගෙන ඇතුලුවීම හේතුවෙන් ඒය පාලනය කිරීමට පොලීසියට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවූ අතර ඒහිදී තෙරපීමට ලක්වූ බොහෝ පිරිසක් ක්ලාන්ත වූවා සේම තවත් 5 දෙනකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබුණි.

ඒහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුනු පුද්ගලයන් 6 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සංගීත ප්‍රසංගයද තාවකාලිකව බොහෝ වෙලාවක් නවතා දැමීමට සිදුවිය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ කොලිවුඩ් නළුනිළියන් රැසක් සහභාගී වීම හේතුවෙන් යාපනයේ සිනමා ලෝලීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ඇතැම් පිරිස් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නොලැබීම හේතුවෙන් විවිධ වූ අට්ටාලයන් හා ගස් මතටද නැග සංගීත ප්‍රසංගය නැරඹීමට සිදු විය.

කෙසේ වෙතත් සංගීත ප්‍රසංගයේදී ඇති වූ තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ පිරිස් නිශ්චිතවම වාර්ථා වී නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

 



අදහස් (5)

හරිහරන්ගේ ප්‍රසංගයට ටිකට් නැතිව කලබලයක්:පහක් රෝහලට: හයක් පොලිසියට

Tharindu Saturday, 10 February 2024 12:13 PM

මේ පළාතේ මිනිස්සු හැසිරෙන්නේ තමිල්නාඩුවේ දෙමළ චිත්‍රපට ජවනිකා රඟ දක්වන ආකාරයට... ඔවුන්ටම ආවේණික වූ විශේෂ කාර්ය, රඟපෑම්... කලහකාරී හැසිරීම නිරීක්ෂණය කළ හැක. එකරටක, එකනීතියක් සහිත බව මේ ජනතාවත් තේරුම්ගත යුතුයි...!

:       9       32

Asanga Saturday, 10 February 2024 12:38 PM

රට මීහරක් කියන්නේ නිකන්ද මෙයාලාට...?

:       10       16

Prabha Saturday, 10 February 2024 01:31 PM

ගතින් ලංකාවේ... සිතින් තමිල්නාඩුවේ...

:       7       17

රනේ Saturday, 10 February 2024 01:44 PM

මේ උමතුව රට හැමතැනම තියෙන දෙයක්... පව් අනේ.. ඒත් කරන්න දෙයක් නෑ..

:       4       17

Mahesh Saturday, 10 February 2024 03:09 PM

දකුණේ විතරක් නෙවෙයි, උතුරේත් ඉන්නේ කන්න නැතත් ආතල් එකේ ඉන්නේ.. රටටම කෙළවිලා තියන එක ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ...

:       5       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site