මනෝප්රිය ගුණසේකර
හෙරොයින් ග්රූම් දෙකක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු තොටළඟ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
මීට වසර 05 කට පෙර කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 2.39 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට වු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ තොටළඟ ප්‍රදේශයේ පදිංචි සිරිල් නානායක්කාර නමැත්තෙකුටය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කොළඹ සේදවත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ජාවාරම් කරමින් සිටි විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බව නඩු විභාගයේදී හෙළි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුට කරන්න දෙයක් නැහැ. මේක තමයි නීතිය. මේ මිනිස්සු නීතිය නොදන්නවා නෙමෙයිනේ.
වක්කඩේට පිටින් මැටි බැඳල හරියන්නේ නැහැ. මත් ද්‍රව්‍ය ජාවාරමේ මුදුනේ ඉන්න මිනිස්සු අල්ලන්නේ නැතුව පාරේ කුඩු විකුණන අයට දඬුවම් දීමෙන් ඵලක් වෙන්නේ නැහැ.
හෙරොයින් ජාවාරමක් වගේම අද දේශපාලනයද බොහෝ අයට ජාවාරමකි. මුදල් ඉපයීම මේ දෙකේම අරමුණය. හෙරොයින් සමාජයට අහිතකර වගේම රාජ්‍ය දේපොළ මංකොල්ල කෑමද රටට සහ ජනජීවිතවලට අහිතකරයි. එහෙත් එක් ජාවාරමක් සඳහා නීතිය ඉටුවෙන්නත් තවත් ජාවාරමකට නීතියක් ඉටුවෙන බවක් දකින්නටවත් නැතිවීම තේරුම් ගත නොහැකි ගැටළුවකි. නීතිය නීතියක් ලෙසට දකින්නට ඇති මෙම නඩු තීන්දුව ගැන අපි සතුටු වෙමු.
බොහෝවිට මෙහිදී දඬුවම් විඳින්නේ ජාලයේ පහලම පුරුක්. උසස් රහස් පොලිස් නිලධාරීන් යොදවා ගවේෂණාත්මකව කටයුතු කළොත් මේ උවදුර දුරු කිරීමට හැකි වේවි.!!!