(ටී.කේ .ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ හෙරොයින් තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු ඉන්දීය ජාතික ගුවන් මගියෙක් (33) වන අතර ඔහු අද අලුයම 5.42 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායකට පැමිණ තිබුණි.
පසුව ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කර බලද්දී අත් බෑගයේ පැති සාක්කුවක ඇසුරුම් දෙකක් ලෙස සකස් කර සගවා ගෙන තිබූ මෙම හෙරොයින් තොගය අනාවරණය වී තිබිණි.
ඒවායේ බර ග්රෑම් 212 ක් වූ අතර වටිනාකම රුපියල් ලක්ෂ 21 ක් බැව් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd