(නිමන්ති රණසිංහ)
හෙරොයින් සිද්ධියකට රිමාන්ඞ් කර සිටින පුත‍්‍රයා බැලීමට හෙරොයින් මිලි ග‍්‍රෑම් 60ක් සමග කොළඹ අලූත් කඩේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට බරපතල වැඩ සහිත වසරක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය.
කාබන් කොලයක එතූ ජංගම දුරකතනයේ බැටරිය පිටුපස හෙරොයින් සඟවාගෙන පැමිණ ඇත.
මේ අතර හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින තම පුත්‍රයින් දෙදෙනාගේ නඩුවක් නැරඹීමට කේරළ ගංජා ග්‍රෑම් 10ක් රැගෙන ආ කාන්තාවකට මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයේ කොටස ඉටුවුණ බව දැකීම සතුටක්. පොලිසියෙන් ඉතුරු හරිය, ඒ කිව්වේ මේ ඔස්සේ ගිහින් කුඩු මහ මොළ දක්වා යාම, කෙරෙයිද දන්නේ නැහැ. නැත්නම් මේ අල්ලන හැටියට කුඩු ලොක්කෝ ටික ඉවර වෙන්න ඕන.