IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හරීන්ගේ ප්‍රකාශ ගණන් ගන්න එපා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය නොදන්නා කමට කළ ප්‍රකාශයක් බවත් ඔහුගේ ප්‍රකාශ ගාණකට නොගතයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (20) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලස්ථානයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ඉතිහාසයේ සිට ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව ශ්‍රී ලංකාව යුද්ධ කළ රටක් නිසා කිසිවිටක ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවන බව කී දිසානායක මහතා ඉන්දියාව සමඟ ඇති මිත්‍රත්වය හේතුවෙන් එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බව ද සඳහන් කළේය.

හරින් ප්‍රනාන්දු මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ නොව යූඑන්පී එකේ සාමාජිකයෙක් බවත් ඔහුගේ ප්‍රකාශ පොදුජන පෙරමුණ සත පහකට ගණන් නොගන්නා බවත් ඒ මහතා කීය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම බිංදුවටම වැටුණු බවත් වර්තමානය වන විට එහි ඡන්ද පදනම නැවත නැගිටමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.



අදහස් (7)

හරීන්ගේ ප්‍රකාශ ගණන් ගන්න එපා

ගමේ එකාලා Wednesday, 21 February 2024 02:13 AM

හරීන් නෙවෙයි තමුන් කියන දේවල්වත් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ.

:       0       1

Ass bee Wednesday, 21 February 2024 02:43 AM

ඇස් බී කියන ප්‍රකාශයත් සත පහක්වත් ගණන් ගන්න එපා.

:       0       1

Chathuri Wednesday, 21 February 2024 03:47 AM

මේ අය වගේ කාලකන්නි ඉන්නකම් අපේ රට... හිඟා කකා මුලුලෝකෙටම ලැජ්ජ වෙනවා රටේ සේරම උගතුන්. පිටරටවල සේවයට යන්නේ. මොවුන්වගේ නොමේරු මොල. කස්‍රයින් රට පාලනය කරන නිසයි. නාකියට. රජයේ ප්‍රධානියෙක් හරි. ජනතා විමුක්ති පෙරමුණේ... නායකයා ඉන්දියාවේදි මේ වගෙ කතාවක් කෙරුවානම්. අද ඒ අය හිර ගෙදර. මොවුන්ට සූප්පුව ගහලා. පුන්නක්කු පොවන්න ඕන...

:       0       0

Perera Wednesday, 21 February 2024 06:34 AM

නොදන්නා කමට... මේ වගේ මුකුත් දන්නේ නැති අයට ඇමැතිකම් දීලා ඔවුන් නොදන්නා කමට හිතු හිතූ දේ දොඩව දොඩවා රට වලපල්ලට යවලා...

:       0       0

kotiya Wednesday, 21 February 2024 07:22 AM

ඒකනේ... එයා බබා. අපි හාවෝ...

:       0       0

Rata Perata Wednesday, 21 February 2024 12:55 PM

මේ වගේ අය තවම බයිලා කියකිය ඉන්න එක තමයි පුදුමේ...

:       0       1

banda Wednesday, 21 February 2024 01:32 PM

ඔහේගේ ප්‍රකාශත් ගණන් ගන්නේ නෑ තමයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site