ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීම සහ ඔහු මහ ඇමතිධූරයේ කටයුතු කරීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(04) ඇපැල් මෝසකම් ගොනු කැරිණි.
නිසි කරුණු සලකා බැලීමකින් තොරව එම නියෝගය ලබාදී ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු හා ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන චාමර සම්පත් දිසානායක ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා , එම පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු ,ඌව පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරයා ,නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමතියි ඌවට - ඌව කැමති නෑ මට ... (ර)
ඕව කර කර හිටියම රටේ සන්වර්ධනයටයි, ජනතාවටයි දෙයියන්ගේ පිහිටයි. (ර)
මුළු රට පුරාම සෑම තත්පරයකදීම කිසියම් අසාධාරණයක් කාට හෝ සිදුවෙනවා. එහෙත් පාලන තන්ත්‍රයට ප්‍රශ්නය වන්නේ බලවතෙකුට අසාධාරනයක් වුණොත් පමණයි.බලය මොකටද කියලා නොදන්නා කිරිසප්පයින්ට බලය ලැබුනහම සිදුවෙන වින්නැහියක් ඕක. (නි)