‘මම නිල වාහනය ගන්නේ නැහැ. නිල නිවහනට යන්නෙත් නෑ.‘යි ඌව නව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කීවේය.
‘මං මගේ සේවක මණ්ඩලය ගෙන්වා පොඩි කතාවක් කිව්වා. අපි දේශපාලනය කළාට මැරෙන මිනිස්සු කියලා දැනගන්න ඕනෑ. මේ බලය අපිට හැමදාම තියෙන්නේ නෑ කියා හිතන්න ඕනෑ.
අපිට පුංචි දුකක් තියෙනවා තමයි. හංසයාට ඡන්දේ දුන්නේ අපි. ඒත් හංසයට දුන්න අය පැත්තක. බුලත් කොලේ ඉස්සරහට ඇවිත්නේ කියලා.
මතක තියාගන්න. මෛත්‍රීපාල සිරිසේන මහතා මුල ඉඳලම කිව්වා, එතුමා යනනේ මේ දේශපාලන වැඩසටහනට කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අගමැති. ලංකාවේ ආණ්ඩුවේ ඉන්නේ යූඑන්පී මන්ත්‍රීවරු. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු ඉන්නේ 40 යි. ඒ නිසා අපි කැමති වුණත් නැති වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ගන්න වෙනවා මේ වෙලාවේ. ඒ සහයෝගය අරගෙන ලංකාවේ අලූත් දේශපාලන සංස්කෘතියක් බිහි කරන්න ඕනෑ.
පවුලක් වෙනුවට ජනතාව රජ කරන රටක් හදන්න ඕනෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කරනවා ඔබේ අදහසට ගරු මහාඇමති තුමනි. ඌවේ උතුරු කැබිල්ලවෙල දුක් විදින ජනතාව ඔබේ සේවය බලාපොරොත්තුවෙන් සිටී (නදී)
ඔබ ඔහොම කතා කලාට මහා ඇමතිකම ගත්තේ මහජන ඡන්දයෙන් නෙවෙයි නේ?(දිල්)
ගරු කරනවා ඔබතුමාගේ අදහසට. පක්ෂ ගැන හිතල දුක් වෙන්න එපා. රටට සේවයක් කරලා එකෙන් ලැබෙන සතුට විඳලා කවදා මැරුණත් හිතට දුකක් නැහැ. (අ)
ඔබතුමාට පෝස්ටර් ගහන අයටත් කියන්න ඒ මුදලින් රටට හරි අහිංසකයෙකුට හරි වැඩක් කරන්න කියලා. රුපියල් පනස් දහසක් යන පෝස්ටරයට රු.5000/- ක් වියදම් කරලා ඉතිරි 45000/-න් සමාජ සේවය කරන්න කියන්න. ඒ ආදර්ශයත් දෙන්න. ඒ වගේම ඔබතුමාගෙ ඡන්දත් වැඩිවෙයි. රටටත් සෙතක්. (නි)
ඔබ තාම යහපාලනයේ මුල් අඩිතාලම දැම්මේ. ඔබලාට සුභ පැතුම් (නදී)
පක්ෂය ගැන නොව දැන් රට ගැන සිතන්න (නි)
සියලුම ඇමතිවරුන්ටත් එක්ක රටටම හොද ආදර්ශයක්, ස්තුතීයි ඔබතුමාට. (ර)
මෙන්න නියම මිනිස්සු! (නි)
ආදර්ශමත් වෙන්න ඕනි මෙන්න මෙහෙම (දිල්)
අඩු තරමින් ඔබ නිවැරදිව ජනතාවට කරුණු කියලා දිඉම ගැන අපි අගේ කරන්න ඕන.හැබැයි බලයට පත්වූ බොහෝ දෙනෙකුට ඔය මොළය තවම අවබෝධ වී නැහැ.දේශපාලනයෙදී සදාකාලික හතුරන් හෝ මිතුරන් නැති බව හැමෝම මතක තබාගෙන වැඩ කලොත් බොහොම අගෙයි. (දිල්)
හරියට හරි හරින්. ඔබට ජය පතනවා. මොනවා උනත් ඔබේ චේතනාව පාරිශුද්ධයි කියලා හිතෙනවා (නදී)
හරීන් තමයි මගේ ප්‍රියතම දේශපාලකයා. ඔබ තුමා මේ රටට දායාදයක් (නදී)
ඌවේ නොව රටේම විජයග්‍රහණයේ පෙරගමන්කරු හරීන්. ඔබ වෙනුවෙන් සමාජ වෙබ් අඩවි තුළ අප කළ සටන පිළිබඳ අපට ඇත්තේ නිහතමානී සතුටකි. ඔබට ජය ! (නි)
ඔබතුමාගේ අදහස රටේ සිටි දූෂිතයන්ට ගැසූ අතුල්පහරක් වගෙයි. මේවා අහලාවත් ඔවුන් පාඩම් ඉගෙනගනීද දන්නෙ නැහැ. ඹබට ජයම වේවා....! (නි)
නියම දේශපාලනය කියන්නේ මොකක්ද කියල ඔබ තුමා අපේ රටේ ජනතාවට ලොකු දෙයක් කියල දුන්න හරීන් මහත්මයාණනි. ගරු කරනවා ඔබේ අදහස් සහ ඔබේ ක්‍රියාවන් වලට (නදී)
මෙන්න නියම රියල් කොල්ලෝ! (නි)
නියමයි. හොඳ ආදර්ශයක් (නි)
දුෂිත රජය එළවීමට පලවෙනි වෙඩිමුරය ඌවෙන් තිබු ඔබට අපේ ප්‍රණාමය (නදී)
ජයවේවා ! (නදී)
මේ හැම කෙනෙක්ම කිසිම පහසුකමක් ගන්නේ නෑ නේද (දිල්)
පසු කාලයකදී ඕවා බයිලා වෙයිද ? (නදී)
නියම අවංක ජනතා නිලදාරියෙක්. මොවුන් තමයි රටේ ඉදිරි අනාගතයට වැදගත් වෙන්නේ (නදී)
අනිවාර්යෙන් පක්ෂ පාට බේද අපිට වැඩක් නෑ. අපිට ඕනේ හොර මැර නැති දේශපාලනයක් තියෙන රටක්. (නදී)
ඔබට ගරුකරනවා මහත්මයානනි, රටට සේවය කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා (නදී)
හොඳ ආදර්ශයක්. ජයග්‍රහණයේ නියමුවා... ඔබට සදා ජය! (නි)
ඔබට ජය....! මේ සටන පටන්ගත්තේ හරීන්, ඔයා. (නි)
හරීන් ලොකු ගමනක් යන්න පුළුවන් තරුණයෙක්. මහත්මා දේශපාලනය යළි ඇතිකරන්න. ඔබ රටට ආදර්ශයක්. ජය වේවා! (නි)
අපි සියලුම ශ්‍රී ලාංකිකයින් පක්ෂ බේද, ජාති බේද, ආගම් බේද අත්හැර අපේ රට ගොඩනඟන්න මෙවැනි නායකයන් සමඟ අත්වැල් බැඳගනිමු. හරීන්, ඔබ නියමයි. (නි)
එක අතකට ඕවා මොකටද නේද? (නි)
හරින්ලා එක්ක ගත්තම වංශලා පයට පෑගෙන වැලි කැටයක් තරම් වටින්නේ නැහැ (නදී)
හරින් පක්ෂයට පෙර රට ගැන හිතන්න. අඩුම ගානේ එජාපයට දේශපාලනය කරන්න හරි රටක් ඉතිරිවෙලා තියෙන්න ඕනා. (නදී)
බලාගෙන කෙල්ල ගෙට ගනින් (නදී)
මෙතන අදහස් දල තියෙන අය කොහොම කිව්වත් මේක වැරදි තීරණයක්. ඔබ ඕක ගත්තේ නැත්නම් වෙන්නේ වෙන රිලවෙක් ඕක අරගෙන වැරදි දේට පරිහරණය කරන එකයි. ඒ නිසා ඔය වගේ මෝඩ තීරණ ගන්න එපා. අලුතින් දේවල් නොගන්න එක වෙනම දෙයක්. නමුත් තියෙන එක නොගත්තම වෙන්නේ ඒවා යොදාගෙන වෙන පුද්ගලයන් රජ කිරීමයි. එයින් වෙන්නේ හොදකට වඩා අවැඩක්. අනික මේවා දෙන්නේ ඔබගේ මහජන සේවා වල කාර්යක්ෂමතාවය ඉහල දැමීමට මිස වෙන මොනවටද ? මේවා අනවශ්‍ය දෙයට භාවිතා නොකර සේවය වඩා වේගවත් කරන්න. මහජනයාට සේවය සලසන්න යොදා ගන්නවා නම් ලොකු ගොඩනැගිලි, වාහන ගැටළුවක් නෙවෙයි. මේ හැම දෙයක්ම සාපේක්ෂයි, ඇමතිතුමා මහජන සේවකයෙක් කියල කරත්තෙකින්, පයින් කොලඹ යන්න පුලුවන්ද. හැබැයි එහෙම කලොත් මිනිස්සු නම් කැමතිවෙයි. ඒ වුනාට මම නම් හිතන්නේ එ්ක මෝඩ වැඩක්. මේ කරන්න යන වැඩෙත් ඒ වගෙයි (නදී)
හොඳ ආදර්ශයක්. ඔබට සදා ජය! (අ)
ඔබට අපගේ උත්තමාචාරය. අන් අයට ආදර්ශයක්. ඔබට ජය ! (නදී)
ඇත්ත වශයෙන්ම මැති ඇමැතිවරුනට සැලකිය යුතු වැටුපක් හා වරප්‍රසාද තිබිය යුතුයි. පින්කම් පලකට ගියාම විරිත්තල හරියන්නේ නැහැ. පොඩි පරිත්‍යාගයක් කරලත් බැහැ. එහෙම කියල කෝටි ගණන් වංචා කරන එක වැරදියි. කොහොම උවත් හරීන් මහ ඇමතිතුමා කරලා තිබෙන්නේ ඉතාමත් ආදර්ශවත් ක්‍රියාවක්. (නදී)
මෙන්න නියම මිනිස්සු. සියලුම ඇමතිවරුන්ටත් එක්ක රටටම හොද ආදර්ශයක්. ස්තුතීයි ඔබතුමාට. (නදී)
පච නොගහ වැඩ කරන්න (බ)