එමිරේට් රාජ්‍යයේ කඩ සාප්පු වලින් ජංගම දුරකථන සොරා ගැනීමට පුරුදුව සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙක් (30) එරට පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. තම සාප්පුව කඩා ජංගම දුරකථන සොරකම් කළ මොරොක්කෝ කඩහිමියකු කළ පැමිණිල්ලක් අනුව පොලිසිය සෙවිල්ලෙන් සිටියදී කළු අත් බෑගයක් රැගෙන ආ මිනිසකු බෑගය දමා දිවූ බවත් පොලිසිය ලූහු බැඳගොස් ඔහු අල්ලාගත් බවත් කියති. හොර බඩු තොගයක් එහි විය. හැඳුනුම්පතක් පවා නොතිබූ ඔහු එමිරේට් රාජ්‍යයේ හොරෙන් සිටි බවද පොලිසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ අය සියලුම ලංකිකයන්ට අපහාස කරයි. එක හොරෙක් නිසා (අ)
තියන් ඉන්න නමත් කැත කරනවා ඔය වගේ අය.(නදී)
100%ක් ෂුවර්. මොහු සිංහලයෙක් නම් නෙමෙයි. (නි)
මෙහෙ හොර වැඩ කරලා මින් මරලා දැන් විසා ගහන්නේ නැහැ. මේ වගේ වැඩ කලාම අපේ අයත් මෙහෙ ඇවිල්ලා ඉවරයි (දී)
මෙහේ ඇවිල්ලා අපිවත් කනවා. (නි)
දැන් ලාංකාවේ සමහරු විදේශ රටවල හොරකමට යොමු වෙලා. එයාලා හිතන් ඉන්නේ ලංකාවේ නීතිය තමයි ඒ රටවල් වලත් තියෙන්නේ කියලා. (නි)
හොර වැඩ දවසක එලි වෙනවාමයි (දී)
දැන් ලංකාවේ හොදම හොරු රැළ ඉන්නේ පිටරටවල (නි)
හොරෙන් ගිහින් කරන්න පුළුවන් හොර වැඩ තමයි. (අ)
ලංකාවේ ආශ්චර්‍ය පේනවා නේ (ස)
හැදුනුම්පතක් නැති වුණත්, කරන වැඩ වලින් ලාංකිකයෙක් බව හදුනාගත හැකියි. (නි)
පොඩි දුරකතනයක්නෙ. ලොකුවට හිතන්න එපා. (නි)
අයියෝ! අපිටත් දැන් රට යන්න බැරිවෙයි (නි)
ලංකාවේ වගේ නෙමෙයි, මෙහේ සාප්පු වල බඩු තියෙන්නේ එලියේ (නි)
අර අල්ලස් දුන්නා කියලා ඉස්සර පළවුණ කෙනා වගේ කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
ඕකට තමයි කියන්නේ බලු නගුටේ ඇද ඇරෙන්නේ නැහැ කියලා. (නි)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි. (නි)
ගම කනවා .රට අපහාසයට පත් කලාට දීර්ඝ කාලීන දඩුවමක් දෙන්න ඕන...කාට කාටත් ඉගෙනගන්න (ස)