
(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් තිස් අට ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබුණි .
මෙම ව්‍යාපාරිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 10.00ට පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 38,400ක් අඩංගු දුම්වැටි කාටූන් 192ක් සගවා ගෙන තිබියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා දැනට පොලිස් ඇප මත මුදා හැරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර එළඹෙන ජූනි මස 05 දින මෙම ව්‍යාපාරිකයා ඔහු විසින් නීතිවිරෝධී ලෙස ගෙන ආ මෙම දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ගෙනා ලක්ෂ 40ක දුම්වැටි කටුනායකදී මාට්ටු