නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලංකික සංක්‍රමණිකයන් 131 දෙනෙකු සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය අද (06) වාර්තා කළේය.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයින් අතර පිරිමින් 98 ක්ද කාන්තාවන් 24 ක් හා කුඩා දරුවන් 9 ක් ද සිට තිබේ.
මෙම පිරිස රැගත් නෞකාව එරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ දකුණු වෙරළ දිග තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වසරකට පමණ කාලයකට පසු හෙළිවූ විශාලතම අනවසර සංක්‍රමණික ජාවාරම මෙය බව මැලේසියානු පොලිසිය සඳහන් කර සිටී.
මෙම සංක්‍රමණිකයන් බෝට්ටුවකින් ප්‍රවාහනය කළ ඉන්දුනීසියානු සහ මැලේසියානු ජාතිකයන් හත්දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් වාර්තා සඳහන් කළේ මෙම ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිස එම රටවල් සදහා රැගෙන යාමට නවීකරණය කළ ඉන්ධන ප්‍රවාහන යාත්‍රාවක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි.
මෙය මහා පරිමාණ මිනිස් ජාවාරමක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.කෙසේ වෙතත් මේ වන විට මලයාසියානු පොලීසිය විසින් ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තවද අත්අඩංගුවට ගත් පිරිසෙන් ලාංකිකයින් 127 දෙනෙකු එරෙහිව නීතිවිරෝධී ලෙස මැලේසියාවට ඇතුලු වීමේ චෝදනා යටතේ නඩු පවරනු ඇතැයි ද එරට බලධාරීහු සදහන් කර සිටිති.
එසේම මෙම නීතිවිරෝධී සංක්‍රමණය දියත් කළ යැයි කියන තවත් ලාංකිකයින් සිවිදෙනෙකු , ඉන්දුනීසියා ජාතිකයින් නවදෙනෙකු , එරෙහිව නීතිවිරෝධී මිනිස් ජාවාරම් සිදු කිරීමේ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමටද නියමිතය.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මෝඩ මිනිස්සු හිතන්නේ ඕස්ට්‍රේලියාවට පැන ගත්තොත්, රැකියාවක් කරන්න මහන්සි වෙන්නෙත් නැතිව, ආණ්ඩුවේ දීමනාවලින් මැරෙනකන් ජීවත් වෙන්න පුළුවන් කියලා. යමක් කමක් ඉගෙනගෙන වෘත්තීය සුදුසුකම ඇතිව නීතිප්‍රකාර එන උදවිය ගෙනුත් කෝටාවෙන් 20000ක් අඩු කරන්න යනවා. සරණාගතයින් මෙහෙ ඇවිත් රටේ දියුණුවට යමක් කරනවා... වෙනුවට බාර් ගානේ බීගෙන මෙහෙ බදු ගෙවන මිනිසුන්ටත් වැඩිය ආදායම් පිනට හම්බ කර ගන්න එකට මෙහෙ මිනිසුන්ට දැන් මල පැනලා ඉන්නේ. බොරු නම් සොයලා බලන්න.
අහෝ දුකකි කමාවකි.
ලෝකේ උතුම් රට ලංකාව කියා ඇති කියමන තේරෙන්න රටින් පිට වෙන්නම ඕනෑ... තමන්ගේ සහ පවුල ආරක්ෂාවන විදිහට කාටවත් වදයක් නොවී සාමකාමීව ජීවත් වුණොත්, ඔය පාතාලබිය ඇතුළු අනෙකුත් ව්‍යවසන කොපමණ තිබුණත් සැනසිල්ලේ ජීවත් විය හැකි එකම රට ලංකාව කියා... ලෝකයේ රටවල් 12 කට පමණ සංචාරය කර ඒ රටවල කෙරුවාවල් හොඳින් දැක ඇති මා වටහාගෙන තිබෙනවා. සමහරු හිතන්නේ ඕස්ට්‍රේලියාව දිව්‍ය ලෝකයක් කියලා. නිදහසේ පිස්සු නටන්න, බීල බීලා පාර්ක්වල වැටිලා නාඩගම් නටන්න නම් ඔන්න නිදහස තියනවා.