ඌව පළාත් සභාවේ මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (22) පෙව 10.38ට වැඩ භාර ගත්තේය.
හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට බලය අහිමි විය.ඊට හේතු වුයේ ඌව පළාත් සභාවේ පක්ෂ සංයුතිය වෙනස් වී එජාපයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබීමයි.
නව මහ ඇමැති මුතියංගන රජ මහා විහාරයට ගොස් මල් පහන් පිදීමෙන් පසු මහ ඇමැති කාර්යාලයේදී ජාතික කොඩිය එසැවීය.
එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ඔහුට සුබ පැතූහ.ප්‍රථම රාජකාරී ලිපියට අත්සන් කළේ ඉන් පසුවය.
ඔහු ඌව පළාත් සභාවේ හත් වැනි මහ ඇමැතිය.
ඡායාරූප - කෝගුලන්
පාලිත ආරියවංශ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.! (ර)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)