ව්‍යාජ ගුවන් ගමන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවට පැමිණීමේ චෝදනාවට වරදකරු වු ශ්‍රී ලාංකිකයෙකුට තිරුචි අධිකරණය මගින් වසරක සිරදඬුවමක් නියම කර ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
මීට අමතරව ඉන්දීය රුපියල් දස දහසක දඩයක් ද මොහුට නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ 26 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරෙහිවය.
2012 වසරේ ජනවාරි මස 9 වන දින කොළඹ සිට ඉන්දියාවේ තිරුචි ගුවන්තොටුපල බලා ගමන්ගත් ගුවන් යානයකින් අදාළ පුද්ගලයා ඉන්දියාවට ගොස් ඇති බව සඳහන්ය. තිරුචි ගුවන්තොටුපලේ දී එරට ආගමන විගමන බලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී සැකකරුගේ ගුවන්ගමන් බලපත්‍රයේ ව්‍යාජ මුද්‍රා සහිත බවට අනාවරණය වී තිබේ.
එවර ගුවන්තොටුපළ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැර තිබුණි. පසුව ඔහුට එරෙහිව තිරුචි අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීමෙන් පසුව මෙම දඬුවම් නියම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහ ට සැප ගන්න නම් ඔය ගමන දියුණු බටහිර රටකට යොදා ගන්න තිබුන. මොකද ඒ රටවල සිරගෙවල් වල මැදිරි සියලු සැප පහසුකම් සහිත නිසා. මෙයා කරලා තියෙන්නේ සිද්ධාර්ථ කළා වගේ අභිනිෂ්ක්‍රමනයක්. දුකම හොයාගෙනම ගිහිල්ල. (ස)
අනේ පව් මෙයාට වෙන යන්න රටක් තිබුණේ නැද්ද දන්නෑ (ම)